(නිමල කොඩිතුවක්කු)
නගර සියයක් අලංකාර කිරීම ආණ්ඩුවේ අරමුණ බවත් මේ ව්‍යසනකාරී මොහොතේ කළයුත්තේ නගර අලංකරණය කිරීමට වඩා රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත අලංකරණය කිරීම බව ආණ්ඩුව තේරැම් ගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් පේමදාස මහතා පවසයි.
කොරෝනා ව්‍යසනයෙන් ජනතාව ආරක්ෂා කරගෙන ජන ජීවිතය නගා සිටුවීමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා නිවේදනය කරයි.
"නගර සියයක් එකවර අලංකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැරසෙයි. ඒ සදහා රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන මුදලක් වෙන් කෙරෙනු ඇති බවද පැවසේ. මේ රට සුන්දර විය යුතු බවත් ඒ් පිළිබඳව කිසිදු ගැටලුවක් නැතිබවත් පළමුකොට සඳහන් කරමි.එහෙත්,මේ ව්‍යසනකාරී මොහොතේ කළයුත්තේ නගර අලංකරණය කිරීමට වඩා මේ රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත අලංකරණය කිරීමය.
දෙවසරක් තිස්සේ මේ රටේ සමස්ත ජන ජීවිත බරපතල ලෙස කඩා වැටී තිබේ.මේ මොහොතේත් රටේ සමස්ත අධ්‍යාපනය ව්‍යාකූලවී ඇත.ඔන්ලයින් අධ්‍යාපනය තවමත් ආගන්තුක වී ඇති අතර,වගකීම් විරහිත අමාත්‍යවරයෙකුගේ අදූරදර්ශී ක්‍රියාපිලිවෙත තුළින් එය තවත් වියවුල් වී තිබේ.එනයින් ගත්විට සමස්ත දූදරු පරපුරගේ ජීවිත අසුන්දර වී ඇත.ගුරුවරු,උපකාරක ගුරුවරු ඇතුලු සමස්තය ද දැඩිසේ පීඩාවට පත්ව ඇත.
මේවනවිටත් ලක්ෂ සංඛ්‍යාත ගොවි පරපුරේ ජීවිත අසුන්දර වී ඇත.පොහොර හිඟයෙන් ඔවුන් සුසුම් හෙලන අතර අස්වැන්න විකුණාගත නොහැකිව අප්‍රමාණ පීඩාවකට පත්ව සිටී.රටම ආහාර හිඟයක සහ සාගතයක පෙරනිමිති දැක දැක සිටී.ජීවන වියදම අහස උසට ගොස් ඇති අතර එක් වේලක් හෝ පිරිමසා ගන්නට නොහැකිව ජනතාව පීඩාවිඳිමින් සිටී.
මෙලෙස රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත ද,උපනූපන් මතු පරම්පරාවේ ජීවිතද සහමුලින්ම අසුන්දර වී ඇති තත්ත්වයක් තුල ආණ්ඩුව නගර අලංකරණය කිරීමට යොමුවීම තුළින් පැහැදිලි වන්නේ ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ කුමකටද යන්න පිළිබඳවවත් ආණ්ඩුවට සංවේදීකමක් හෝ දැනුම්වත්කමක් නැති බවය.
මේ මොහොතේ සමස්ත මින්ස් ජීවිත අලංකාර කොට ඉන් පසුව නගර අලංකාර කිරීමට අවධානය යොමු කරන ලෙස ආණ්ඩුවට බලකර සිටිමු.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප
නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘නගර අලංකරණයට පෙර ජන ජිවිතය අලංකරණය කරන්න‘
Rata Perata Wednesday, 09 June 2021 04:11 PM
සාමාන්‍ය ජනතාවටත් කියන්න පුළුවන් ඒවා කිය කිය ඉන්න විපක්ෂ නායකයෙක් ඕන නෑ. අපිට බැරි තමන්ට පුළුවන් දෙයක් කරන්න.. ඒක වළක්වන්න. නැත්නම් පුළුවන් කෙනෙකුට දීලා ගෙදර යන්න.
fairoosWednesday, 09 June 2021 04:56 PM
කිව්වොත් මෙහෙම කියනවා කිව්වේ... නැතිනම් විපක්ෂයක් මොකටද කියලා අහනවා. නිකන් වහල්ලු වෙන්න එපා..
dumindaWednesday, 09 June 2021 05:56 PM
විපක්ෂයේ ඉන්න අයත්, හිටපු අයත් ඔක්කොම එකයි. කළින් එක්කෙනා ආණ්ඩුව පෙරළන්න පෝය ගණන් කර කර හිටියා. අල, ළූණු ගණන් කිය කිය ඉඳලා කොහොම හරි බලේ ගත්තා. දැන් ඉන්න විපක්ෂයත් ඒකම කරනවා වෙනස් විදිහට..!!!
Deepal Nirosh Wednesday, 09 June 2021 04:37 PM
මසුරන් කියමනක්, ඒත් මේ ආණ්ඩුවේ නාගරික සංවර්ධන මිථ්‍යාවන් ඇති අන්ධ ලොක්කන් මෙහෙම දෙයක් තේරුම් ගනීවිද කියන එකයි ප්‍රශ්නේ...
රට වැසියා Wednesday, 09 June 2021 04:45 PM
ජන ජීවිතය අලංකාර කරන්න විපක්ෂයට කළහැකි දේ බොහෝමයි. අපට ඇති ප්‍රශ්නය.. ඒක සුළුවෙන් හෝ තේරුම් ගත්ත විපක්ෂකයක්වත් රටේ නැතිවීමයි..!
වාසුදේව Wednesday, 09 June 2021 05:01 PM
සජිත් තුමා මේ Covid ලෙඩේ රටට හැදුණු පාර්ලිමේන්තුවේ කරපු කතා හරිම අඩ වෙනකොට ඇත්ත සහ ප්‍රයොගිකෛ.මුලින්ම මුඛ ආවරණය ගේන්න කිව්ව,ඊලගට එන්නත් අනවුම් කරන්න කිවුව,
සිතුම් Wednesday, 09 June 2021 05:02 PM
කුමක් හෝ මාතෘකාවක් සොයාගෙන ප්‍රකාශ නිකුත් කිරීම නිරතුරුව සිදුවේ..... 'මෙය හොඳ දෙයකි. එහෙත් මේ වෙලාවේ නොකල යුතු දෙයකි.'
Sri Lanka Wednesday, 09 June 2021 05:03 PM
කොහේද ව්‍යසනයක් .කොරෝනා කියන්නෙ තනිකර බොරුවක්
මුණසිංහ Wednesday, 09 June 2021 05:15 PM
මෙයා නම් මන්ත්‍රී කමකටවත් ගැලපෙන කෙනෙක් නෙවෙයි. රනිල් මීට හොඳයි. විපක්ෂ නායක කම එයාට දෙමු. මෙයා කියන විදියට ලංකාවේ මෙලෝ දෙයක් කරන්න බැහැ. ප්‍රචාරයට කියලා සංස්කෘතික අරමුදලේ සල්ලිවලින් රට පුරා පෝස්ටර් ගහන කොට ඒවායින් නැති බැරි මිනිස්සුන්ට කෑම වේලක් දෙන්න මතක් වුනේ නැත්ද? මෙයා තරම් බොරු සෝබනේට සල්ලි වියදම් කලේ නැහැ රනිල්... අනෙක නගර අලංකරණය ඉතා වැදගත්. මානසික සුවය කියලා එකක් මෙයා අහලාවත් නැහැ.
Raveendra Wednesday, 09 June 2021 05:38 PM
අවංකව වැඩකරන මිනිසා අඩුවෙන් කතා කරයි. වැඩ නොකරන "බූරුවන් වැඩියෙන් කැටයම් කලාව සහිතව උඩු බුරයි" යන පැරණි කියමන 100%ක් නිවැරැදි බව ඔප්පු කිරීමට මෙයත් හොඳම උදාහරණයකි...
කොරලගෙ Wednesday, 09 June 2021 07:26 PM
මේ රවීන්ද්‍රගේ එක කකුලක් කොහොමත් රෙජිමයේ පැත්තේ තියෙන්නේ. විපක්ෂ නායකතුමා මොන හොඳ දෙයක් කිව්වත් ඒක වැරදි කියලා හොරුන්ට කහිනවා. විපක්ෂයට පොඩ්ඩක් නැගිටින්න පොඩ්ඩක් ඉඩ දෙන්න...
RaveendraWednesday, 09 June 2021 08:47 PM
ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. අපට නම් කාගේ රෙජිමක්වත් අදාලම නැත. මක්නිසාදයත් අප උපන් රටට සතේකවත් ණය නැති මිනිසුන් බැවිනි. අප මේ මොහොතේත් ඔබ ඇතුළු සියලුම ලාංකිකයින්ට තුන්වේල බඩගිනි නිවීමට ඍජුවම දායක වන්නෝය. එබැවින් අපට පුතා හෝ පට්ටියේ බලයේ හිටියාට අදාලම නැත. අප කියන්නේ සත්‍ය බවත් කිසිවෙකු රට වෙනුවෙන් හොඳක් කරන්නේ නම් අප එය නිහතමානිව අගය කරන්නෙමු. එලෙසම මෙවන් කටින් නියගලා අල හිටවන අයටද එලෙස විරුද්ධ වන්නෝය. අප රටේ තිබෙන්නේ ගොන් මෝඩ තකතීරු විපක්ෂ බව දශක කිපයක් දෙස බැලීමේදී "හොඳින්ම නොපෙනෙන්නේ" එක එක පක්ෂවල පක්කලියන්ටයි. අතීතයේ විපක්ෂයේ සිටි හරකුන් කලෙත් මෙයමයි. දැන් විපක්ෂයේ ඉන්න අය කරන්නෙත් ඒ දෙයම බව වටහා ගැනුමට ඔබට නොහැකිවීම පිළිබඳව අප කණගාටු වන්නෙමු. මෝඩ පුතා රනිල්ගේ ඡායා පිටපතක් නොවේද? රනිල් කර ඇරියොත් කියන්නේ ගොන් කථාය. මේ මෝඩ පුතාත් කට ඇරියොත් කියන්නේ මොනවද උන්දෑම නොදන්නේය. පුදුම නම් මුදල් ගැනම හිතන අප ක්‍රිකට් ගොයියන් ගැන මේ පුතානෝ කිසිවක් නොකීමයි...
GalaparaThursday, 10 June 2021 08:09 AM
අනේ ඔයාගේ ටිකිරි මොලේ තරම... සජිත් පහුගිය ජනාධිපති ඡන්දයෙන් ලක්ෂ 55ක් ඡන්ද ගත්තා දෙවැනි තැනට... එතකොට ඔයා ඔය කියන්නේ මොනතරම් පට්ට පල් බොරුද? මොකද ඔයා මෙහෙම පට්ට බොරු කියලා සජිත්ට අපහාස කරන්න එපා... ඔයාට ඕනේ හොරුම බලයට ගේන්නද? කට තිබුණාට ගොන් කතා කියන්න එපා...
යාපා Wednesday, 09 June 2021 10:11 PM
කිව්වොත් ගොන් කතාවක් තමයි... වෙලාවට ජනාධිපති වරණය පැරදුනේ... නැත්තන් මෙයා කොරෝනා කිය කියා නහයෙන් අඬ අඬා ඉඳියි අනිත් වැඩ ඔක්කොම නවත්තලා. කවදාක හරි කොරෝනා අඩු වූ දිනයක ලංකාවට හුළං එහෙනම්. අනාගතයක් දකින්න බැරි කෙනෙක් කියන එක මේකෙන්ම පැහැදිලියි
Bamunuarachchi Thursday, 10 June 2021 07:40 AM
ඔහෙලගේ කාලේ ඔය දෙකෙන් එකක්වත් කෙරුණේ නැහැ නේද?