(රෝෂන් තුෂාර)
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්ඩ භාරකාර ගයාන් සම්පත් සැකකරු ලබන 15 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කරුණු දක්වමින් අද (01) නියෝග කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර ගයාන් සම්පත් බන්ධනාගාර අධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර වාර්තාවක් ගොනුකරමින් අධිකරණයට දන්වා සිටියේය.
විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටියේය
විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා පෙනී සිටි අතර සැකකරුට ඇප ලබාගැනීමට මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම් පත්‍රයක් ගොනු කිරීමට අපේක්‍ෂා කරන බව සඳහන් කළේය.
දෙපාර්ශවය ඉදිරිපත් කළ සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 15දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසද නියම කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය වෙනුවෙන් උප පොලිස් පරීක්ෂක ප්‍රවීන් මධුරංග හා පොලිස් කොස්තාපල් චමුදිත ලියනගේ මහතා පෙනී සිටියේය.
සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා පෙනී සිටියේය.
මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්
වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන
’’කලාව මිනිසාගේ මනස සුවපත් කරයි. කලාවේ යෙදීමෙන් රස විදීමෙන් සුන්දර මිනිසෙකු බිහිවේ. එලෙස සුන්දර මිනිසෙකු බිහිවීමෙන් සුන්දර රටක් බිහිවේ. එනිසා කලාව කි
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන
Canon Image Square සමාගමේ ශ්‍රී ලංකාවේ බලය ලත් එකම අලෙවි නියෝජිත ආයතනය වන Metropolitan ආයතනය ආරම්භ කළ නවතම මාදිලියේ Canon Image Squareප්‍රදර්ශනාගාරය පසුගියදා කොල්ලුපිටිය ලිබර්ටි
එකම අරමුණක් යටතේ ආත්ම විශ්වාසයෙන් යුතුව සැලසුමකට අනුව අධ්‍යාපන කටයුතුවල නිරතවිම නිසා මෙම ජයග්‍රහණය ලබාගැනිමට හැකිවු බව මෙවර අ.පො.ස සා.පෙළ විභාගයෙන් ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්