IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


නීතිඥවරිය පොලිසියට පගාව දෙන්න හදලා

(ගයාන් සූරියආරච්චි)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ගනේමුල්ල සංජීවගේ ඥාතියකුගේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට නීතිඥවරියක බව කියන කාන්තාවක අල්ලස් දීමට තැත් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

ගනේමුල්ල සංජීවගේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව සිදු කරගෙන යන පරීක්ෂණවලට අනුව ගනේමුල්ල සංජීවගේ ඥාතියකුගේ මාකිලංගමුව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට යාමේදී එම නීතිඥවරියක බව කියන කාන්තාවක විසින් විරෝධතාවක් එල්ල කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

කෙසේ වෙතත් නීතිඥවරියක බව කියන කාන්තාවගේ උත්සාහය ව්‍යවර්ථ වීමෙන් පසුව සහකාර පොලිස් අධිකාරිවරයෙකුට අල්ලස් දීමට තැත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක්ද සිදුකර ඇති අතර ඊට අදාළ විමර්ශන සිදුකෙරෙන බවද මහජන ආරක්ෂක මාත්‍යාංශය කියයි.

 



අදහස් (3)

නීතිඥවරිය පොලිසියට පගාව දෙන්න හදලා

abhi sura Saturday, 20 January 2024 09:03 PM

"මහජන ආරක්ෂක අමාත්‍යාංශය කියයි."* ප්‍රවෘත්තියක අවසානයක පද ගැලපීම, සහ අවසාන කිරීම පිළිබඳව තව සැලකිලිමත් වුණානම් හොඳයි. මේ ලිපියේ සෑම වාක්‍යයකම ඉහත පද ටිකෙන්ම අවසන් කිරීම හරිම නීරස සහ මාධ්‍ය භාවිතාවක බොළඳ තත්ත්වයක් පිළිඹිඹු කිරීමක්. වචනවල නිවැරදි අක්ෂර භාවිතය පිළිබඳවත් වෙබ් අඩවියේ ප්‍රවෘත්ති සංස්කාරකවරුන් උනන්දුවක් සහ දක්ෂතාවයක් දක්වනවානම් ඉතාමත් හොඳයි.

:       0       0

Bamunuarachchi Sunday, 21 January 2024 09:16 AM

නීතිඥයින් ගැන කතා කරන්න එපා. උන් සල්ලි ලැබෙනවානම් මව උනත් පාවා දෙන ජාතියක්.

:       0       0

Amal Sunday, 21 January 2024 08:31 PM

ඇයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර කර ඉන්නෙ, අත්අඩංගුවට අරන් නඩු දාන්න කොන්ද පණ නැද්ද ??? එක රටක්, නීති ගොඩක් !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 4058 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 382 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1554 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3017 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 127 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2997 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39009 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25547 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1059 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site