( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මහ වැසි හේතුවෙන් දින හයක් වසා දමා ඇති නාත්තන්ඩිය දන්කොටුව හරහා මීගමුව ප්‍රධාන මාර්ගය ඇතැම් ස්ථාන වල අඩි තුනකට අධික ජල කදකින් පිරි තිබිම හේතුවෙන් තවමත් විවෘත කිරීමට නොහැකි තත්වයක් මතුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
හැමිටන් ඇලේ පිරී පවතින ජලජ ශාක හා දිරාපත්ව ඇති විශාල ප්‍රමාණයේ ගස්වල කඩා වැටී ඇති අතු ඉවත් කිරීමට මීට පෙර කටයුතු නොකිරීම මීට ප්‍රධාන හේතුව බව ජනතාව පෙන්වා දෙති.
වසර ගණනාවක් තිස්සේ මෙසේ ජලජ ශාකවලින් හා විශාල ප්‍රමාණයේ ගස්වල අතු කඩා වැටී ඒවා දිරාපත්වීම හේතුවෙන් ඇල මාර්ගය අවහිර වී ජලය නිසි ලෙස ගලා යාම නොවන බව ජනතාව පවසයි.
සාමාන්‍ය වැසි තත්වයක් හමුවේ පවා මෙම ප්‍රදේශය ජලයෙන් යට වන බවත් ඒ සම්බන්ධව නිරන්තරයෙන් ජනතාව අදාළ බලධාරින් දැනුවත් කලද ඊට සවන් නොදුන් බව ඔවුහු චෝදනා කරති.
මේ වන විට කිසිදු වාහනයක් මර්ගයේ ගමනාගමනය සිදු කිරීමට නොහැක.කිලෝමීටර් දෙකකට ආසන්න ප්‍රමාණයක් මෙම මාර්ගය ජලයෙන් යට වී තිබේ. ඇල දෙපස නිවාස රැසක් ද ජලයෙන් යටව වී ඇති අතර මෙම තත්ත්වය ගම්මාන කීපයකට බලපා තිබේ.
මාරවිල තල්විල මෝය විවෘත කළද ඇළ මාර්ගය ඇහිරී තිබීම නිසා තවමත් ජලය බැස යාම සිදුනොවේ.
පීඩාවට පත් ප්‍රදේශ වල පාසල් දරුවන් පාසල් නොගොස් දින හයක් ගතව ඇති අතර ජනතාවට රැකියාවලට යාම ඇතුළු සියලු දෛනික කටයුතු අඩාල වී ඇති බව පීඩාවට පත් ජනතාව පවසති.
E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද(26 )උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු
පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබි
හැඩ ඔය ද්‍රෝණියට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නාත්තන්ඩිය-දන්කොටුව පාර තවමත් වහලා