(සුජිත් හේවාජුලිගේ )
නීතිපති දෙපාර්තමේන්තුව රුපියල් කෝටි තිහකට වැඩි හිඟ ආදායමක් ( 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 වනවිට) අයකරගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
මෙම ආදායම් අය කර ගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද එම වාර්තාවේ දැක්වේ.
මේ අනුව හිඟ ආදායම් ලෙස රුපියල් කෝටි නවයකට වැඩි මුදලක් වසර දහයකට වැඩි කාලයක් තිස්සේද කෝටි හතරකට වැඩි මුදලක් වසර 7සිට 9 දක්වා කාලයක් තිස්සේද කෝටි තුනකට වැඩි මුදලක් වර්ෂ 4 සිට 6 දක්වා කාලයක් තිස්සේද කෝටි හතකට ආසන්න මුදලක්වර්ෂ 1 සිට 3 දක්වා කාලයක් තිස්සේද මෙලෙස අයකරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර නීතිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය සංස්ථා මණ්ඩල පළාත් සභා සහ බැංකු යනාදී ආයතන 13 කින් 2005 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා අඛණ්ඩව කෝටි දාහතක හිඟ ආදායමක් අය කරගෙන නොතිබූ බව එම වාර්තාව සඳහන් කරයි.
මෙම හිඟ මුදල් සම්බන්ධයෙන් අප්‍රමාදව නීති ප්‍රකාරව කටයුතු කරන ලෙසත් නීති මාර්ගයෙන් හෝ හිඟ මුදල් අයකර ගත නොහැකි නම් දීර්ඝ කාලීන හිඟ මුදල් භාණ්ඩාගාරයේ එකඟතාව මත කපා හැරීමට අප්‍රමාදව කටයුතු කරන ලෙසත් විගණන අංශ නිර්දේශ කර ඇත.
මේ අතර දෙපාර්තමේන්තුව කුලී පදනමට ලබාගෙන තිබූ ගොඩනැගිල්ලක් සහ දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල සඳහා 2022 ජනවාරි සිට මාර්තු දක්වා විදුලි බිල් පත් ගෙවීමේදී මාසික විදුලි පාරිභෝජන වියදමට අමතරව ලක්ෂ ගණනක පොලී මුදලක්ද සහිතව බිල්පත් සඳහා ගෙවීම් කිරීමෙන් රජයට මූල්‍ය අවාසියක් සිදුවී තිබූ බව එම වාර්තාව පෙන්වා දෙයි.
මෙම තොරතුරු සඳහන් වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නීතිපති දෙපාර්තමේන්තුවටත් කෝටි තිහක පොල්ලක්
vernon Wednesday, 20 December 2023 04:34 PM
විදුලි බිල වැඩි පුර ගෙව්වාම රජයට පාඩු වෙලා විදුලි බල ඹන්ඩලයට වාසි වෙනවා කියලද මෙයාලා කියන්නේ? එතකොට මණ්ඩලේ රජයේ නෙවෙයිද?
සමන් විමල් Thursday, 21 December 2023 02:19 PM
මෝඩ කතා කියන්න එපා...!