(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අපේක්ෂකයෙකු තමාට ඡන්දය දෙන ලෙසට අස්වැසුම ප්‍රතිලාභීන්ට එස්.එම්.එස් පණිවිඩයක් සමග හඬපටයක් යවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස දන්වමින් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ(17) පැමිණිල්ලක් කළේය.
ලබන 21 වැනිදායින් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය නම් තමාට ඡන්දය දෙන ලෙස එම පණිවිඩයෙන් ඉල්ලීමක් කර ඇති බවත් එය පැහැදිලි වශයෙන්ම ඡන්දදායකයන්ට කළ බලපෑමක් බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
අස්වැසුම ලබාදෙන්නේ රජයේ සහ ජනතාවගේ මුදල් වලින් මිස අපේක්ෂකයන්ගේ පෞද්ගලික මුදල් වලින් නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ සිද්ධිය පිළිබඳව විශේෂ අවධානය යොමුවී ඇතැයි මැතිවරණ කොමිසමේ නිලධාරියෙක් පැවසීය.
මැතිවරණයකදී ඡන්දදායකයන්ට විවිධ දේ ලබාදෙන බවට පවසමින් ඡන්දය ඇයද සිටීම දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නීතිය ක්‍රියාත්මක කරන්නැයි මැකෝට පැමිණිල්ලක්