IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


නතර වූ ජපන් ව්‍යාපෘති යළි අරඹයි

(අංජුල මහික වීරරත්න)

ජපාන රජයේ ආධාර යටතේ ඇරැඹී දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමන් ආරම්භ කරන බවද ශ්‍රී ලංකාවෙි ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (MIZUKOSHI Hideaki) මහතා ජනාධිපති ලේකම්වරයා හමුවේ පවසා තිබෙි.

ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා මේ බව සඳහන් කර සිටිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමඟ පැවති හමුවේදීය.

ඒ අනුව  මහනුවර නගරයේ ජල කළමණාකරණ ව්‍යාපෘතිය, බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර, භෞමික රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය, ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන ව්‍යාපෘතිය, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ 2 වන අදියර, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය, කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය සහ  සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩි දියුණු කිරීමේ ජපාන  ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමට නියමිතව තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

එසේම ජපාන ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අවසන් අදියරේ පවතින  හබරණ- වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය සහ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර කඩිනමින්  නිම කිරීම  මෙන්ම වැඩ අවසන්ව ඇති කැළණි ගඟ නව පාලම් ඉදි කිරීමේ ව්‍යාපෘතියට අදාල ගෙවීම් සිදු කිරීම ද  ජපාන ව්‍යාපෘති වැඩසටහනට ඇතුළත් බව ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්යයක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බවත්  ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට සූදානම් බවත් ජපාන තානාපතිවරයා කීය

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී නයොකි කමොෂිඩා, පළමු ලේකම් ඔහාෂි කෙන්ජි සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 



අදහස් (20)

නතර වූ ජපන් ව්‍යාපෘති යළි අරඹයි

pakeer Friday, 27 September 2024 11:41 AM

සුපිරි අනුර සහෝදරයා

:       43       209

Chamara D Friday, 27 September 2024 12:31 PM

මෙව්වා අනුරලා කරන්න කිව්වා කියලා විස්වාස කරන වාහෙලා ඉන්න රටක්නෙ මේක.

:       99       168

සෙනෙවිරත්න Friday, 27 September 2024 12:37 PM

මැක්ස්, මොකද ඉංග්‍රීසි බැරි මිනිහ කොහොම හරි ගේම ගහනවා නේද? මේ ටිකම ඇති අනුර ලබන ඡන්දෙ දිනන්න.

:       17       142

SiribirisFriday, 27 September 2024 10:17 PM

මේක අනුර කරපු දෙයක් නෙවෙයි. ජුලි 25 නිව්ස් වල තිබුණු ජපන් රජය රනිල් එක්ක එකඟතාවයකට ආවා කියලා projects නැවත පටන් ගන්න. web search එකක් කරලා ඕනෑ කෙනෙක්ට බලන්න පුළුවන්. ජුලි 25 අද දෙරණ එකෙත් තිබුණා...

:       3       0

Ruwan R Friday, 27 September 2024 12:54 PM

චාමරට කටු පිටින් කොහිල අලයක් බහිනවා වගේද?

:       61       105

පොඩිඑකා Friday, 27 September 2024 01:09 PM

අනුර සහෝදරයා බලයට ආවොත් මේ මුළු රටම ලේ විලක් වෙනවා කියපු පරයෝ ටික කෝ දැන්..?

:       70       121

B Amarasinghe Friday, 27 September 2024 01:56 PM

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට මොකද වෙන්නෙ?

:       5       92

අරවින්ද මොනරවිල Friday, 27 September 2024 02:00 PM

ජපානය කියන්නේ අපේ දීර්ඝ කාලීන මිතුරෙක්, මේ රටේ සංවර්ධනයට ඔවුන්ගෙන් නිසි ලෙස උපකාර ගන්න තරම් සූර හා බුද්ධිමත් පාලනයක් ඊයේ වනතුරු ලංකාවේ බිහි උනේ නැහැ.

:       57       93

රටවැසියා Friday, 27 September 2024 02:40 PM

අනුර හැර වෙන පාලකයෙක් ආව නම් මේවා කෙරෙනවද? වංචාව සහ දූෂණය යට සිතේ තබාගෙන එන අයට රටහදන්න බැහැ. ලංකා⁣වේ බිහිවූ සුපිරිම ආණ්ඩු පක්ෂය ඉදිරි මැතිවරණයේදි බලයට පත්ව ඉතාම විනයගරුක රටක් බිහිවෙනවා නොඅනුමානයි. පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගසා, කතානායක පුටුව පෙරලා වතුර හලා මයික් කඩා හූ කියා එන පරම්පරාවේ උන් සහ උන්ගේ පක්ෂ වලින් සහ එහෙට මෙහෙට පනින උන් සිටින පක්ෂ ලබන ඡන්දෙන් අතුගාල දාමු.

:       55       75

SiribirisFriday, 27 September 2024 10:21 PM

මේක අනුර කරපු දෙයක් නෙවෙයි. ජුලි 25 නිව්ස් වල තිබුණු ජපන් රජය රනිල් එක්ක එකඟතාවයකට ආවා කියලා projects නැවත පටන් ගන්න. web search එකක් කරලා ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. ජුලි 25 අද දෙරණ එකෙත් තිබුණා.

:       2       1

ජනරළ Friday, 27 September 2024 02:44 PM

චාමර, මිනිස්සු මෝඩයෝ නෙමෙයි. කවුරුත් කියන්නේ නැහැ මේවා අනුරලා පටන් ගත්ත කියලා. හැබැයි මේ ව්‍යාපෘති ජපානය බාගෙට නතර කලේ පහුගිය කාලේ රට කඩා වැටුණු නිසා. ආයේ පටන් ගන්න කල් ගත්තේ ඔය හිටපු නායකයෝ ගැන විශ්වාස කරන්න බැරි හින්දා. මොකද අපේ රටේ සමහර මෝඩ මිනිස්සු ඔය හිටපු නායකයෝ ගැන මහා ඉහළින් කතා කලාට ජපානය වගේ රටවල් දන්නවා ඔවුන් හරිම දුෂිත පිරිසක් කියලා. මතකනේ අර මහලු දේශපාලකයෙක් ගුවන් තොටුපල ඉදිකිරීමකට පගාව ගන්න හදපු කතන්දරේ.

:       13       82

Lady maFriday, 27 September 2024 04:09 PM

කටුනායක ව්‍යාපෘතියෙන් එකෙන් රු:මිලියන 2000 ඉල්ලපු නි.සි. ඇමැතියට දුන්නේ නැති නිසා ඡපනුන්ට ඒක දාලා යන්න වුනා.

:       4       57

Gamaya Friday, 27 September 2024 02:59 PM

අනුර කරපු මගුලක් නෑ. රනිල් නයබරෙන් රට ගොඩදාපු නිසයි ආයෙත් මේ ව්‍යාපෘති පටන් ගත්තේ. අනුන් කරපු දේවල් වලින් ලකුණු දාගන්න හදන එක කැතයි.

:       97       59

PitaratiyaFriday, 27 September 2024 04:12 PM

ගවයා කියලා කිව්වානම් මීට වඩා හොඳයි..

:       3       31

Athula kFriday, 27 September 2024 04:44 PM

වයර් මාරු වෙලාද? රනිල් හිටපු ටිකට අපේ ණය බර කෙතරම් ඉහළ ගියාද? අන්තිම මොහොතෙත් ADB එකෙන් ඩොලර් මිලියන 400ක් ගන්න කැබිනට් අනුමැතිය ගත්තා, නමුත් මුදල් ගත්තද දන්නේ නෑ...

:       6       34

NaveenFriday, 27 September 2024 08:38 PM

රනිල් කළ දෙයක් නෑ. මහින්ද ණය කරපු නිසා තමයි රනිල්ට පුළුවන් වුණේ...

:       5       4

හරෙන්ද සුකුබා Friday, 27 September 2024 05:11 PM

කිසිම දැනුමක් නැති, ගොබ්බ යාචක හැත්ත ගොඩක් ඉන්නවා නේද..? රටේ හොරකම අඩුවෙලා.. දියුණු වෙන එකට වචනයකින්වත් හවුල් නොවන.. බේබීලාගේ හොඳ හැත්ත.. කවදා හැදෙයිද?

:       4       28

Rata Perata Friday, 27 September 2024 07:45 PM

රනිල්ගේ බොරු එළිවේගෙන එනවා වගේ...

:       5       19

කිත්සිරි Saturday, 28 September 2024 03:48 AM

කෘෂිකාර්මන්තය, පරිබෝගික අවශ්‍යතා පහසු මිලකට ලබාදීමට සලස්ව්ම මෙන්ම ,,ඉතා අව්ශ්‍යතව්‍යක්වන ගමනගමනය ඉතා වටිනා අංගයක් ලෙස අපගේ රජයේ අවදාන යට ලක්කරමු

:       0       1

Lasantha Saturday, 28 September 2024 09:01 AM

ළඟදීම ඡන්දයක් එනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’ජනපති තවත් පොරොන්දුව කඩකළා’’
2025 අප්‍රේල් මස 21 1 0

මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට


අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්
2025 අප්‍රේල් මස 21 249 0

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික


’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 315 1

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 309 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 179 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 191 1

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 461 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site