(යොහාන් භාසුර)
නාථගනේ ස්තූපය හා පුරාවිද්‍යාත්මක නටබුන් සහිත ප්‍රදේශයේ කැනීම් කටයුතු මේ වන විට අවසන් බවත් මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය ඉදිරි පරම්පරාවන් වෙත දායාද කිරීමට ආරක්ෂා කරන ලෙස ජනතාවගෙන් ද ඉල්ලා සිටින බවත් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
වෙසක් උළෙලට සමගාමීව මෙම පුරාවිද්‍යාත්මක ස්ථාන ජනතාව වෙත වැඳුම් පිඳුම් කිරීමට කඩිනමින් කැණීම් කටයුතු අවසන් කළ බව ද අමාත්‍යවරයා කීය.
නාථගනේ ස්තූප පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට පැමිණි අමාත්‍යවරයා එසේ පැවසීය.
කුරුණැගල සිට පුත්තලම් ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර පමණ දුර ගමන් කර හමුවන මහකෙළිය මංසන්දියෙන් වමට හැරී කිලෝමීටර දෙකක් පමණ ගමන් කළ විට වල්පොල හමුවන අතර වල්පොලින් වමට හැරී කිලෝමීටරයක් පමණ ගමන් කළ පසු නාථගනේ පුරාණ විහාරය ආශ්‍රිත නටබුන් පරිශ්‍රයට ලඟා විය හැකිය.
ජනප්‍රවාදයට අනුව නාථගනේ කන්ද ආශ්‍රිතව පිහිටා ඇත්තේ මුණ්ඩකොණ්ඩපොල රාජධානියයි.
එසේම මෙම ශේෂ කන්ද ආශ්‍රිතව කටාරම් සහිත ගල්ගුහා රාශියක් සහ මෙම ගුහා ආශ්‍රිතව අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් මූල බ්‍රාහ්මීය ලිපි හතරක් ද සොයාගෙන තිබේ.
කන්ද පාමුල අනුරාධපුර යුගයේ අවසාන භාගයට අයත් ගඩොළුමය ස්තූපයක්, පොකුණක් සහ ගල් කණු සහිත ගඩොළුමය ස්මාර්කයන්හි නෂ්ටාවශේෂයන් දක්නට ලැබෙන අතර මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මෙම පුරාවිද්‍යා පරිශ්‍රයේ ඇති ස්තූපය කැනීම් කර සංරක්ෂණය කෙරිණි.
අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණ චාරිකාවට ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් නිශාන්ති ජයසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමීණි රණසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නාථගනේ ස්තූපය - නටබුන් අනාගත පරපුරටත් ඉතිරි කරන්න
Prabhath weerasiri Sunday, 07 May 2023 08:52 PM
හිරිවඩුන්න වජ්‍රාසනය වහා නිරාවරණය කරනු. අනවසර ඉදිකරන දාගැබ ඉවත් කරනු...
පංස්ලේ හිගන්නා Monday, 08 May 2023 07:26 AM
සුදු ඇඳගත් දේශපාලන වයිරස. අතන මෙතන කියවපුවා මිස කරපු දෙයක් නැත. කමකට නැති පරම්පරා දේශපාලනයට හොඳ උදාහරණයක්... අපේ බදුසල්ලි වලින් ගත්තු සැපවාහනේ කුරුණෑගල, පුත්තලමේ යද්දි පට්ට ආතල් නේද විදුර?
Bamunuarachchi Monday, 08 May 2023 10:20 AM
නාථගනේ ස්තූපය පමණක් නොව ලංකාවේ, උතුර නැගෙනහිර ඇතුළුව සරට දික්භාගයේ ඇති සියලුම ස්තුප, විහාර, පන්සල් ඇතුළුව බෞද්ද පුජනීය සථාන නටබුන් අනාගත රුවන් සඳහා රැකගන්න. උතුරේ පන්සල් එපා කියන බොරුකාරයෝ අපි ජිහාඩ් කරමු.
ලුම්බිණි Monday, 08 May 2023 10:28 AM
බොරු වැඩ නොකර ඉන්නවාද?
BamunuarachchiWednesday, 10 May 2023 06:01 PM
මේවගේ අය ඉතිහාසයේ හිටියා නම් අද මේ රටේ බුද්ධාගමක් නැහැ.