IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


නෙදර්ලන්තයට ගෙන ගිය ලක් උරුම ප්‍රදර්ශනය අරඹයි

 

(අංජුල මහික වීරරත්න)

ලන්දේසි  යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට බාරදෙන ලද කෞතුක භාණ්ඩ කොළඹ ජාතික කෞතුකාගාරයේ දී අද (5) මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම ඇරැඹිණි.

නෙදර්ලන්තයේ සුප්‍රසිද්ධ Rijks කෞතුකාගාරයේ තැනපත් කර තිබූ රනින් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රිදියෙන් නිම කරන ලද කොපුව සහිත කස්තානයක්, රනින් නිමකළ පිහියක්, මහ තුවක්කු දෙකක් (බිත්ති තුවක්කු) සහ ලෙව්කේ දිසාවේ හට අයත්ව තිබූ බවට සැලකෙන කාලතුවක්කුවක් යන කෞතුක භාන්ඩ 06ක් වර්ෂ 1765 දී ලන්දේසීන් මහනුවර රජ මාලිගාව වටලන අවස්ථාවේදී ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම විසින් රැගෙන ගොස් ඇති බවට තහවුරු විය.

පසුකාලීනව පර්යේෂණයකින් සිදු කරන ලද තහවුරු කිරීම් මත පදනම්ව මෙම කෞතුක භාණ්ඩ හය නැවත ශ්‍රී ලංකාවට බාරදෙන ලෙස රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමක් සිදු කර තිබිණි. ඒ අනුව දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමේ සුවිශේෂ අවස්ථාවක් ලෙස මෙම කෞතුක භාණ්ඩ 06 නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාරදීමට නෙදර්ලන්ත රජය කටයුතු කරනු ලැබීය.

මෙම කෞතුක භාණ්ඩ  දෙසැම්බර් 5 වන දින සිට නැවත දැනුම් දෙන තුරු කොළඹ ජාතික කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.

එම අවස්ථාව සනිටුහන් කරමින් විශේෂ සමරු මුද්දරයක් ද නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි. 



අදහස් (10)

නෙදර්ලන්තයට ගෙන ගිය ලක් උරුම ප්‍රදර්ශනය අරඹයි

සුපුන් චාමර Tuesday, 05 December 2023 03:10 PM

ඕවා ගෙනාවා කියලා වැඩක් නැහැ මල්ලි. ඔයාලාට ඡන්දෙ දෙන්නේ නෑ...

:       0       1

G. K. Ekanayake Tuesday, 05 December 2023 03:24 PM

දැනටමත් ඔය තියෙන්නේ ඩුප්ලිකේට් ද දන්නෑ. මතකනේ CCTV කැමරා අක්‍රීය කරලා කඩු හොරකම් කරපු හැටි...!

:       0       1

Lal Tuesday, 05 December 2023 04:19 PM

අපේ ආදී කාලේ වැඩත් අද වගේම තමයි.. සැරසිලි විතරයි වැඩේ කරන්න බෑ.. ප්‍රදර්ශනයට හොඳයි.

:       0       1

බද්රානි Tuesday, 05 December 2023 04:27 PM

මම නම් හිතන්නේ මේකත් ලන්දෙසීන් විසින්ම ඔවුන් ලංකාවේ සිටි සමයේ සාදා නිමකළ කාලතුවක්කුවක හැඩය ගත් නිර්මාණයක්... එදා පෘතුගීසීන් විසින් නිර්මාණය කළ, ලන්දේසීන් විසින් නවීකරණය කළ ගාල්ලේ ලන්දේසි බලකොටුව තවමත් ශක්තිමත්ව පවතිනවා. මොනවා වුණත් ඒකත් දැන් දේශප්‍රේමී අපේ ජාතික උරුමයක්නේ... ලන්දේසි තවම හොරු ගැන දන්නේ නැතිවද මේ කෞතුක භාණ්ඩ හොරුන් අතට පත් කලේ... රාජසිංහ රජතුමාගේ රන් කඩුවටත් විද්ද කන් ගැට්ටලා දැනටමත් කුරුමානම් අල්ලනවා ඇති මේවාට..!

:       0       1

Rata Perata Tuesday, 05 December 2023 05:45 PM

දැන්ම බලාගන්න අවසන් වතාවට .මතකනේ කඩ වලට දුන්න ගේම ?

:       0       0

Sachith Tuesday, 05 December 2023 05:47 PM

ඔන්න තව ටික දවසක් යනකොට අපේ වෙන්න රජ පැටියෙක්ට පහල වෙනවා .ඊට පස්සේ කොහෙවත් ඉන්න කුඩු ගහන්න සල්ලි නැති කුඩ්ඩෙක් ඇවිත් මේකෙන් කඩුවක් දෙකක් ගෙනියනවා .ඔන්න ඔහොමයි ශ්‍රිලංකාවේ කෞතුක භාණ්ඩ වලට දෙන ආරක්ෂාව

:       0       0

don Tuesday, 05 December 2023 06:00 PM

මෙවැනි යුධ උපකරණ සහ තුවක්කු ලන්දේසීන් නැව් දෙක තුනකින් ඇවිත් ලංකාව යටත් කරගද්දී අපිට තිබුනා නම් රටක් විදියට අපි කොහොමද යටත් උනේ ?මට නම හිතාගන්නවත් බැහැ

:       1       0

Siri Tuesday, 05 December 2023 06:27 PM

එංගලන්තයෙන් ආපසු දුන්න වීර කැප්පෙටිපොල නිලමේ තුමාගේ හිස්කබලට වගේම රාජසිංහ රජුගේ ඔටුන්නට වෙච්චදේ මේවාටත් නොවේවා කියලයි අපි ප්‍රාර්ථනා කරන්නේ. විශේෂ ප්‍රදර්ශන භාණ්ඩ විදේශිකයන්ට පෙන්වන්න ඔතන සමහරු හොරෙන් මුදල් අයකරන හැටිත් අපි ඇස්දෙකෙන්ම දැකල තියෙනවා.

:       0       2

තවත් කන්ගැට්ටෙක් Wednesday, 06 December 2023 07:27 AM

අපිටත් වැඩ තියෙයි එහෙනං.

:       0       2

Bamunuarachchi Wednesday, 06 December 2023 07:49 AM

අපි දැනුයි දන්නේ සිංහලයෝ කාලතුවක්කු හැදුවා කියලා එතකොට වෙඩිබෙහෙත් හැදුවේ කොහෙද?

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 49 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 27 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


ෆොන් -චාර්ජ බන්ධනාගාරයට රැගෙන ගිය නියාමක මාට්ටු
2024 ඔක්තෝබර් මස 08 92 0

දුරකථන චාජරයක් හා ඩේටා කේබලයක් හිස්වැසුමේ සඟවාගෙන බුස්ස අධිආරක්ෂිත බනබන්ධනාගාරයට රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස්


රාගමදී දුම්රියක් නවතී: මගීහු අපහසුතාවට
2024 ඔක්තෝබර් මස 08 471 0

මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් දුම්රිය මගීහු දැඩි අපහසුතාවකට ලක් වූහ.


තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 173 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 1080 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39383 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25672 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1140 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 392 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site