(අංජුල මහික වීරරත්න)
කොරෝනා වසංගතය හමුවේ ඔන්ලයින් අධ්‍යාපනය ලබාගන්නා දරුවන්ට අත්‍යවශ්‍යම උපකරණ වන සන්නිවේදන උපාංගවල ද මිල ඉහළ යන ආකාරයට ආනයන රෙගුලාසි පැනවීමෙන් නිදහස් අධ්‍යාපනයේ සම අයිතිය නැති කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (13) ප්‍රකාශ කළේය
ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීම උදෙසා මාපියන් ඉතා අපහසුවෙන් දරුවන්ට ජංගම දුකතන, පරිගණක මිලදී ගෙන දීමට කටයුතු කරන වකවානුවක, සන්නිවේදන උපකරණ ද අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කාණ්ඩයට දමා ආනයන රෙගුලාසි පැනවීමෙන් ඒවායේ මිල දෙතුන් ගුණයකින් ඉහළ යා හැකි බවද විජයවර්ධන මහතා සදහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යහපාලන රජය සිසු පරපුරට නොමිලේ ටැබ් පරිගණක දීමට කටයුතු කරද්දී අද පාලනයේ සිටින කල්ලිය විරුද්ධ වූයේ නිදහස් අධ්‍යාපනය විනාශ කොට දුප්පත් දරුවන් තමන්ගේ එහෙයියන් කර ගැනීමට බව ඔවුන් ක්‍රියාත්මක කරන වැඩසටහන් මගින් පෙනී යන්නේ යැයිද නියෝජ්‍ය නායකවරයා කීවේය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.
තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව
මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස
ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ
මැතිවරණයේ යම් අපේක්ෂකයකු ප්‍රවර්ධනය සදහා රැගෙන ගිය බවට සැකසහිත රුපියල් ලක්ෂ හතකට ආසන්න වටිනාකමින් යුතු ආහාර ද්‍රව්‍ය සහිත ලොරි රථයක් සැකකරුවන් තිදෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිදහස් අධ්‍යාපනයත් උදුරාගෙන ’’එහෙයියන්’’ පරපුරක් හදනවා
Sriland Tuesday, 14 September 2021 12:01 AM
නිදහස් අධ්‍යාපනයට ඔන්ලයින් සම්බන්ද කරන්න එපා .ඔන්ලයින් කියන්නේ අපේ රටේ මුදල් සූරාකන ව්‍යාපාරයක් .එකට දෙමාපියෝ ගෙවන්න ඕනේ .දැන්ම ඉඳලා පොඩි ළමයින්ට ඇස් පෙන්නේ නෑ .ඒවාට වියදම් කරන්න වෙන්නෙත් දෙමාපියන්ට
RaveendraTuesday, 14 September 2021 06:14 AM
ඔබගේ අදහස් නිවැරදිය. මෙයා කෙසේ හෝ ලකුණු දමා ගැනිමක් නේ. පක්ෂ බේදයකින් තොරව මේ තමයි අප රටේ දේශපාලුවන්ගේ තරම.
NuwanTuesday, 14 September 2021 08:11 AM
කතාව හරි. නමුත් මේ රජය ඉතිහාසයේ නොවූ විරූ ලෙස ගුරු සංගම් එක්ක ඩීල් දාලා අධ්‍යාපනය පුද්ගලීකරණයට ලක්කළා. ටියුෂන් සහ පුද්ගලික පාසල් විතරක් වැඩ... ඇති හැකි ඔවුන්ට ඩේටා සහ ටැබ්. ඉතින් ආයුබෝවන් නිදහස් අධ්‍යාපනය කෝ?
Lelwala Tuesday, 14 September 2021 08:12 AM
කරුණාකරලා නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා කියන්න? ඔබ යමක් නොමිලේ දුන්නොත්, එහි අගයක් නෑ...
Bamunuarachchi Tuesday, 14 September 2021 02:34 PM
මේ ගොල්ලෝ නිදහස් අදයාපන කියන්නේ නොමිලේ උගන්වන, නොමිලේ පොත් දෙන .නොමිලේ විස්කෝතු දෙන, නොමිලේ ඇඳුම් දෙන අධ්‍යාපන ක්‍රමයකටයි. හැබැයි අපිට කැමති පාසලට ළමයව ඇතුල් කර ගන්න බැහැ.