IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නන්දලාල් ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට

(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම ලැබූ මහ බැංකු අධිපතිවරුන් අතරට තේරී පත්වීමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමත්ව ඇත.

මෙම වසරේ මහ බැංකුකරුවන්ගේ ප්‍රගති වාර්තාවේ ඉහළම ශ්‍රේණිය වන "ඒ" ශ්‍රේණිය ලබාගත් මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව පසුගියදා ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද "ඒ" ශ්‍රේණියෙන් පිදුම් ලබා ඇත.

මෙරට ආර්ථිකය මුහුණ දුන් අභියෝගාත්මක කාලවල දී මහ බැංකු අධිපතිතුමා ලබා දුන් සුවිශේෂී නායකත්වය සහ උපාය මාර්ගික විශේෂඥතාව මෙයින් පිළිබිඹු වන බවත් උද්ධමන කළමනාකරණය, ආර්ථික වර්ධනය, මුදලෙහි ස්ථාවරත්වය සහ පොලී අනුපාත පාලනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන් තුළ ආචාර්ය වීරසිංහ මහතා ලැබූ සාර්ථකත්වය මැනවින් පෙන්නුම් කෙරෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

මහ බැංකුකරුවන්ගේ ප්‍රගති වාර්තාව 1994 වසරේ සිට ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබයි. ප්‍රධාන රටවල්, කලාප සහ දිස්ත්‍රික්ක 100 කට අධික සංඛ්‍යාවක මහ බැංකු අධිපතිවරුන් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත් කරනු ලබයි.

උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම, මුදල් ඒකකයේ ස්ථාවරත්වය සහ පොලී අනුපාත කළමනාකරණය කිරීම සැලකිල්ලට ගනිමින් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව ශ්‍රේණි ගත කිරීම ලබාදෙයි. එහිදී මහ බැංකු අධිපතිවරයකුට ලබා දෙන ඉහළම ශ්‍රේණිගත කිරීම "ඒ" වන අතර පහළම ශ්‍රේණිගත කිරීම "එෆ්" වේ. "ඒ" ශ්‍රේණිගත කිරීම "ඒ" ප්ලස්, "ඒ" , "ඒ"  මයිනස් ලෙස කොටස් තුනකි.



අදහස් (25)

නන්දලාල් ලොව හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට

අරවින්ද මොනරවිල Thursday, 22 August 2024 03:43 PM

ලෝක බැංකු පදයට නටන ඒජන්තයා බටහිර මානයෙන් හොදම මහබැංකු අධිපතිවරයා නොවුනා නම් තමයි පුදුමේ.

:       99       27

NWS KUMARA Thursday, 22 August 2024 03:47 PM

ලොවට නම් හොඳයි... අපිට...!

:       91       19

sk Thursday, 22 August 2024 03:48 PM

පඩි වැඩි කරගත්තු හින්දාද?

:       81       27

Chandula Thursday, 22 August 2024 03:49 PM

සුබ පැතුම්... රටට අවශ්‍යම වෙලාවක ඉටුකරන සේවයට උපහාර මහත්මයාණෙනි...

:       21       92

පුරවැසියා Thursday, 22 August 2024 03:58 PM

නන්දලාල් කරයි රටේ මිනිස්සු වේලක් ඇර වේලක් නොකෑවා නම්...!

:       81       25

Lakmal Thursday, 22 August 2024 04:04 PM

අනිත් පැත්තෙන් වෙන්න ඇති.

:       71       25

මංගල Thursday, 22 August 2024 04:15 PM

එයාට කොහොමත් ලංකා මහබැංකුවේ සේවකයෝ ඔය පට්ටම දීලා තිබුනේ මොකද මහබැංකු සේවකයින්ට ලංකාවේ හොඳම සහ වැඩිම පඩි දීලා EPF, ETF වලට හොඳම අගයකුත් දීලා තමන්ටම සලකාගෙන නේ තිබුණේ...

:       64       26

රනේ Thursday, 22 August 2024 04:32 PM

මහ බැංකු කැඩීමට...!

:       61       19

සෙනෙවිරත්න Thursday, 22 August 2024 04:36 PM

ජනතාව තලා පෙලා ඔය කටයුත්ත කළා වුණත් ඒක ඔය තේරීමේ කමිටුවට වැදගත් නැතුව ඇති...!

:       69       24

සුමිත් වීරසූරිය Thursday, 22 August 2024 04:48 PM

අපිට බදු පිට බදු ගහලා එයා හොඳ මිනිහා වෙලා බලමුකෝ... ඔය හොඳ තව දවස් 30 යි...!

:       72       23

Samurdi Thursday, 22 August 2024 05:16 PM

හොරුන්ගෙන් වෙන්න ඇති... සුබ පැතුම්...!

:       61       17

Ananda Tambugala Thursday, 22 August 2024 05:29 PM

මෙම ලෝක විහිළු ලෝක බැංකුවෙන්ද? ශ්‍රී ලංකා මහබැංකුවෙන්ද?

:       56       21

Janaka Thursday, 22 August 2024 06:09 PM

අනිවාර්යයෙන්ම රවී කරුණානායකට හොඳම මුදල් ඇමැති සම්මානය දුන්නු තැනින් වෙන්න ඇති....!

:       56       38

නන්දසේන Thursday, 22 August 2024 06:11 PM

රට වැටිලා තියෙද්දී එයැයිලාගේ පඩි වැඩිකර ගත්තු නිසාද?

:       55       20

B Amarasinghe Thursday, 22 August 2024 06:38 PM

ඉස්සර හිටියා ලෝකයේ හොඳම මුදල් ඇමැති. එයා දන්නේ නෑ එයා ඉන්න ගේ වයිෆ්ට ලැබිච්චි විදිහ...!

:       28       47

Bandar Thursday, 22 August 2024 06:41 PM

අද බංග්ලාදේශයේ සියළුම ආයතන කඩාවැටිලා. අප රටට එවන් ඉරණමක් අත් නොවුනේ රනිල් වික්‍රමසිංහ සහ ඔබගේ දැනුම, අත්දැකීම් හා එකමුතු භාවයයි.

:       15       73

පොඩිඑකා Thursday, 22 August 2024 07:04 PM

අපේ රටට කෙලඋනේම ලෝකෙ හොදම එවුන්ගෙන් තමයි

:       36       27

kasun Thursday, 22 August 2024 08:02 PM

දැන් මේකට කමෙන්ට් දාපු අයට තමයි කරන්න දෙන්න තිබ්බේ. මොකද අර 225 ඉන්නේ, ඒ අයගෙනුත් වැඩි හරියක් කළේ මෙයාට බැනපු එකනේ. ඔවුන්ගෙත් වැඩි හරියක් 8 පාස් නෑ. මෙතැන බැනලා කමෙන්ට් දාන අයත් මම හිතන්නේ වැඩි හරියක් එහෙමම තමයි.

:       2       36

Chandima Thursday, 22 August 2024 08:32 PM

එතකොට මේ වනතුරු රටේ මුදල් කළමනාරණය කරලා රටේ ආර්ථිකය ගොඩ ගත්තා කියලා ඡන්ද රැස්වීම් වල රනිල් කිය කිය යන්නේ බොරුවක්ද?

:       0       1

shantha Thursday, 22 August 2024 10:56 PM

තව ටික දවසකින් නව රජයක් පත්වුණු පසු ඔය දුෂ්ඨයාට පයින් ගහලා ඔස්ට්‍රේලියාවටම එළවනවා.

:       23       1

ශාන් Friday, 23 August 2024 06:43 AM

අනගාරික ධර්මපාලතුමා කිව්වා වගේ මේ රටේ අයගෙන් හොඳක් නම් අහන්න වෙන්නේ නෑ. මොනවා කරල‍ාවත්. මෙච්චර වැටිලා තිබ්බ රට සාමන්‍ය කරගෙන විදේශීය සංචිත වැඩි කරගෙන අජිත් නිවාඩ් සහ බැසිල් වගේ සවුත්තුම මිනිස්සු කරපු වැඩ ආපස්සට හරවාගෙන වීදේශීය සැප ජීවිතය අතැරලා ඇවිල්ලා සෑහෙන මහන්සියක් වෙන මනුස්සයාට දාලා තියෙන කමේන්ට්ස් දැක්කාම නම් හිතෙන්නේ මෙහෙමත් අමන ජාතියක් කියලා. මේ රටේ දේශපාලන නායකයෝ කියන්නේ මේ රටේම ජනතාවගේ පිළිඹිබුවක්...

:       2       37

Perera Friday, 23 August 2024 08:36 AM

ලොව හොඳම බංකොළොත් රට ලංකාව කියලත් තිබුණද?

:       22       3

Rohana Friday, 23 August 2024 09:35 AM

ඒ විතරක්ද ලෝකයේ හොදම මුදල් ඇමැතිත් හොයාගත්තේ ලංකාවෙන්නේ..හොදම මුදල් ඇමැති තමයි කටකපලා හොරකම් කලේ.

:       12       4

Kazi Shajahan Friday, 23 August 2024 02:07 PM

කවුද අප්පා මේවා දෙන්නේ .නන්දලාල් එන්න කලින් ඩීසල් 136, පසුව 350 , ගෑස් 1565 පසුව 3900 ,වැට් එන්න කලින් 8% යි . දැන් 18%.ඔහොම කලාම වැඩ්ඩෝ ද ?

:       16       2

Nishan Friday, 23 August 2024 02:25 PM

වැඩිපුර මේකේ කොමන්ට් දාන්නේ නූගතුන්ගෙන් පිරුණු අර රතු බලවේගේ අය තමයි. එයාලගේ නායකයෝ කියන කතාවලට ඉල ඇදෙනවා. මේ වගේ උගතුන් ඔවුන්ට අරහන්. නන්දලාල් මහත්තයා ජාතික සම්පතක්...!

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 57 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 13 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 610 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 623 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 13273 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3292 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19728 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 289 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site