IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


නෑනා පැහැරගෙන මරා දැමීමට තැත් කළ මස්සිනා අත්අඩංගුවට

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
                              
තම බිරිඳගෙන් පලිගැනීමේ චේතනාවෙන් ඇයගේ නැගණිය බියවද්දා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතවර කර මරා දැමීමට සූදානම් වූ හිටපු හමුදා සෙබලෙක්  ජී.පී.එස් තාක්ෂණය ඔස්සේ පැය 24 ක් තුළදී අද (08) අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.
 
සැකකරුගේ බිරිඳගෙ මවගෙන් (නැන්දණියගෙන්) ලද පැමිණිල්ලක් අනුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකී වී ඇත.

පැහැරගැනීමට ලක්වූ තරුණිය මිරිහාන, මාදිවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත්, තම මව සමග ඇරැව්වල, පැලැන්වත්ත, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සොහොයුරිය බැලීමට පැමිණ එම නිවසේ නැවතී සිටිය දී සැකකරු විසින් මෙම තරුණිය සූක්ෂම ලෙස පැහැර ගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

තරුණිය මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේ රසකැවිලි අලෙවි සැලක සේවය කරන අතර එම ආයතනයට සේවය සඳහා යවන මුවාවෙන් සැකකරු විසින් කුලී පදනම මත ලබාගත් සුඛෝපබෝගී මෝටර් රථයකින් මෙම තරුණිය රැගෙන ගොස් ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය කීය.

සේවා ස්ථානය වෙත රැගෙන යන බව පවසා මෝටර් රථයෙන්  ගෙනගිය තරුණිය  ඇරැව්වල  ප්‍රදේශයේ සිට පිළියන්දල දෙසට රැගෙන යමින් සිටියදී තරුණිය විසින් සැකකරුට වැරදි මාර්ගයක ගමන් ගන්නා බව වටහා දීමේ දී මෝටර් රථය මාර්ගය පසෙක නවතා  සැකකරු සඟවාගෙන සිටි තියුණු උල් පිහියක් රැගෙන ඝාතනය කොට සඟවා දමන බව පවසමින් බියවද්දා තරුණිය කොළඹ ප්‍රදේශයේ නගර කිහිපයකට ගෙන යමින් වාහනය තුළ රඳවාගෙන සිට ඇති බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

සැකකරු පැහැර ගත් තරුණිය ද රැගෙන රත්නපුර ප්‍රදේශයට ගමන් කරමින් සිටියදී කුලී පදනම මත ලබාගත් මෝටර් රථයේ සවිකර තිබු ජී.පී.එස් තාක්ෂණය උපකරණය ඔස්සේ වාහනයේ තිබෙන තැන සොයා ගත් පොලිස් නිලධාරීන් විසින් වහාම රත්නපුර ප්‍රදේශයට ගමන් කර සැකකරු හා මෝටර් රථය අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී පැහැර ගත් තරුණියද  එහි සිටි බව පොලිසිය පැවසීය.

සැකකරු තදින්ම අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ අයෙක් බවත්, කලක පටන් සැකකරු හා බිරිඳ අතර තිබෙන පවුල් ආරවුලකට පලිගැනීමක් වශයෙන් බිරිඳගේ නැගණිය පැහැරගෙන ගොස් අතවර සිදුකර මරා දැමීමට සැලසුම් කර ඇති බව අනාවරණය කරගත් බවද පොලීසිය පැවසීය.

සැකකරු 32 වැනි වියේ පසුවන එක්දරු පියෙක් බවත් මෝටර් රථය දෛනික කුලී පදනම මත රුපියල් 4000/=ක මුදලකට බොරලැස්ගමුවේ පිහිටි ආයතනයකින් ලබා ගෙන තිබූ  බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (2)

නෑනා පැහැරගෙන මරා දැමීමට තැත් කළ මස්සිනා අත්අඩංගුවට

sisil Tuesday, 09 February 2021 02:38 AM

මේ වගේ අයව මිහිතලයෙන් වඳ කරන්න කාලයයි...

:       0       1

දිමුත් Tuesday, 09 February 2021 05:39 AM

පුදුම සමාජයක්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ලොහාන් යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 07 0 0

කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ


සුබවාදී ලෙස උපයනවිට බද්ද සංශෝධනය කරයි
2024 නොවැම්බර් මස 07 315 0

ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා
2024 නොවැම්බර් මස 07 341 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර


ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින් අම්බානෙක ගුටිකයි
2024 නොවැම්බර් මස 07 710 0

පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.


යුක්රේන හමුදා කොරියන් සෙබළුන් එක්ක සටන් කරලා
2024 නොවැම්බර් මස 07 660 0

යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි


මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා: සිංහයෝ බලා සිටිනවා
2024 නොවැම්බර් මස 07 721 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 51 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1380 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site