(චමිල් රූපසිංහ)
ඓතිහාසින මහනුවර ඇසල පෙරහරේ දළඳා කරඬුව වැඩම කරවීම සඳහා ගම්පහ සිට මහනුවර බලා ගමන් ගන්නා නැදුන්ගමුවේ රාජා හස්තියා මධ්‍යම පළාතට ඇතුළුවන ගල විදපු ස්ථානයේදි මහා සංඝරත්නය පිරිත් සජ්ජායනය කර ආශිර්වාද කළහ.
ගණේතැන්න විහාරයේ විවේකිව ගත කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද උදෑසන එම විහාරයෙන් පිටත් වු අතර පස්වරු 2.00 ට පමණ පහළ කඩුගන්නාව ප්‍රදේශයට ළඟා විමේදි එම ස්ථානයට මහා සංඝරත්නය වඩම්මවා පිරිත් සජ්ජායන කර ආශිර්වාද කළේය.
අද දිනයේදි පිළිමතලාව ඌරාපොල විහාරයේ නවාතැන් ගන්නා නැදුන්ගමුවේ හස්තියා හෙට දිනයේදි මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට පිවිසිමට නියමිතය.
නැදුන්ගමුවේ රාජා හස්තියාට ආශිර්වාද කිරම කඩුගන්නාව නගරසභාවේ සභාපති අමිල වේරගොඩ මහතා විසින් සංවිධානය කර තිබු අතර ඉලුක්වත්ත රන්දුන්න විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුලු ඌරාපොල මහා විහාරයේ පරණාගල විහාරයේ ස්වාමින් වහන්සේලා පිරිත් සජ්ජායනා කළහ.
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නැඳුන්ගමු ඇත් රජුට මහනුවරදී ඉහළ පිළිගැනීමක්
asanka Wednesday, 11 August 2021 11:02 PM
මේ ඇතා ගැන එතරම් කලබල වියයුතු නැහැ. මේ ඇතා උඩ පෙරහරේ වැඩවමන්නේ සධාතුක කරඩුව නොවේ. එහි අනුරුවක් පමණි. මේ ඇතා වාහනයක ප්‍රවාහනය කළා නම්, ඇතාටත්, මිනිසුන්ටත් ඇති කරදරය අවම වනවා ඇත.
පිටිගල මිලානෝ Thursday, 12 August 2021 12:05 AM
මෙතරම් පින්වත් යැයි කියන මේ මහා හස්තිරජයාට හමුදා ගාඩ් එක දෙන්නේ ඇයි කියන එක මට නම් ප්‍රශ්නයක්...? දළදා කරඬුව වැඩමවන ඇත් රාජයාටත් ඇති එකම ආරක්ෂාව ටී පනස් හය අරන් යන හමුදා භටයින් නම් අපිට කුමන ආරක්ෂාවක්ද? පෙරහැර නරඹන්න දහස් ගාණක් වියදම් කරගෙන එන සන්චාරකයින් මොනවා හිතයිද?
kamal Thursday, 12 August 2021 04:55 AM
මේ ඇතාටත් කොරෝනා බෝ කරලා තමයි පස්ස බලන්නේ?
JCN Thursday, 12 August 2021 05:33 AM
අයියෝ සල්ලි.. බුදුන් වහන්සේ කීවා ප්‍රමාද නොවී නිවන සකස් කර ගන්න කියල. මිනිස්සු - නෑ අපි උන් වහන්සේගේ දතක් අරං පෙරහැරේ ගිහින් ඉමු මුලින් ( මෙසේ කියන මා ද ප්‍රමාද වූවෙකු බව සළකන්න)
බමුණු.Thursday, 12 August 2021 02:33 PM
මේ ලියන්නේ මුසල්මානුවෙක් වාගෙයි පේන්නේ.හොඳින් බලන්න හබෑ බෞද්ධයෙකු හෝ කිතුනුවකු හෝ ශිෂ්ඨ කිසිම කෙනෙකු දන්ත ධාතූන් වහන්සේට දතක් කියා අගෞරව කරන්නේ නැහැ.දන්ත,කේශ ඇතුළු සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාමානයට සුදුසු බව මේ බහුබූතයා දන්නේ නැහැ.ඒ නිසා මොහු බෞද්ධයෙකු නම් වෙන්නට බැහැ.මේවා අපව පිරිහවන්න කියනා දේ.
charitharanwala Thursday, 12 August 2021 08:16 AM
තැන තැන කෑම දාලා .ඇතාට කොවිඩ් හදන්න හදන්නේ .ඔය සතාට වෙනම කෑම දෙන්න
ravinThursday, 12 August 2021 02:36 PM
හොඩවැලට මාස්ක් එකක් දමන්න.
සත්‍යා Thursday, 12 August 2021 08:17 AM
ඇතා පිංකර ඇත. නමුත් වටේ සිටින්නේ මෝඩයන්ය.
sam Thursday, 12 August 2021 08:54 AM
මෙපමණක් විශාල සද්දන්තයෙකුට තියෙන ඉවසීමක් .ශාන්ත භාවයක් ලංකාවේ කිසිම දේශපාලුවෙකුට නැහැ
SL Thursday, 12 August 2021 09:14 AM
ඇයි මෙච්චර සෙනග, මිනිස්සුන්ට පිස්සු, ඇතා වත් අමාරුවේ දානවා .
M. SAMAN PERERA Thursday, 12 August 2021 09:39 AM
චිරං ජයතු ඇත් මහ රජු
Naleen Thursday, 12 August 2021 09:58 AM
අලි පොකුර
SUNIL MILANO Thursday, 12 August 2021 01:22 PM
තිරිසන් ආත්මයක ඉපදුනත් මහා පිංවන්ත ඇත් රජෙකි .දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි
ganegoda Thursday, 12 August 2021 02:11 PM
අපි වඳින පුදන ගරුකරන හැම දෙයක්ම අපිට ඉන්දියාවෙන් නේද ලැබිලා තියෙන්නේ
sarath Thursday, 12 August 2021 02:44 PM
ප්‍රවාහන සේවා මේ තරම් දියුණු කාලේ මේ ඇතා පාගමනින් ගෙනියන්නේ ඇයි මේ තරම් දුරක් ? සතාට පීඩාවක් නෙමෙයිද ඒක ?
pakeer Thursday, 12 August 2021 08:54 PM
99% බුද්ධාගම් කාරයින් බුද්ධාගම ආභරණයක් සේ සලකනු මිස ,එය භාව සසරින් එතෙර වීමට මගක් ලෙස නොතකනු ඇත .තිරිසනාට උගේ පාඩුවේ කැලේ ඉන්න නොදී මේ කර ගන්න පාපය ඔවුන් නොදනී .නියම බුදු බණෙහි හැසිරෙන්න
BamunuarachchiSaturday, 14 August 2021 07:15 PM
නමට හරියන කතා තමයි කියන්නේ එ්ත් සිද්දවෙන්නේ මේ සතාගේ වාසනාව හරි අවාසනාව හරි මේක ඒ සතාකරලා තිබෙන පව් පින් අනුව සිද්ද වෙන දෙයක්...
Bamunuarachchi Saturday, 14 August 2021 07:11 PM
හිටපු රජයේ බවලතෙක් කියලා තිබුණා මේ ඇතාට දෙන ආරක්ෂාව එයාට ලැබෙන්නෙත් නැහැ කියලා. සමාජ මාධ්‍යයක පින්වතෙක් ලියලා තිබුණා ඇතාට දෙන ආරක්ෂාව බූරුවෙකුට දෙන්නේ නැහැ කියලා. මසුරන් තිබුණා නම් මම මිනිහාව මසුරන්වලින් නාවනවා.