IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


‘‘නමට බෝඩ් එපා‘‘- මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්

(නිමන්ති රණසිංහ)

"සිරකරුවෝද මනුශ්‍යයෝය" යනුවෙන් නමට පමණක් බෝඩ් ගසාගෙන සිටියාට වැඩක් නැහැ. හරක් රෑනක් වගේ රංචු පිටින් සැකකරුවෝ එකම දම් වැලක ගැටගසා මින්පසු අධිකරණයට ඉදිරිපත් කරන්න එපා" යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා බන්ධනාගාර නිලධාරින්ගේ ක්‍රියා කලාපය දැඩි දෝෂ දර්ශනයට ලක්කරමින් විවෘත අධිකරණයේදී ඊයෙ (21) ප්‍රකාශ කළේය.

එහෙමත් සෞඛ්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින විදේශීය මෙන්ම දේශීය සැකකරුවන් විශාල පිරිසක් මාංචු දමා එක පෙලට දම්වැල් වල ගැටගසා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ගේ ක්‍රියා ක්‍රියාකලාපය දැඩි ව දෝෂ දර්ශනයට ලක්කරමින් මෙසේ ප්‍රකාශ කළේය.

සිරකරුවෝද මනුශ්‍යයෝය යනුවෙන් බෝඩ් ගසාගෙන සිට සැකකරුවන් සත්තු රැලක් මෙන් රංචු පිටින් එකම දම්වැලේ දමා ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සිදු නොකළ යුතු බවත් මින් මතු ඒ ආකාරයෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකල යුතු බවටත් මහේස්ත්‍රාත් වරයා බන්ධනාගාර නිලධාරීන්ට දැඩිව අවවාද කළේය.

 



අදහස් (6)

‘‘නමට බෝඩ් එපා‘‘- මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්

Samitha Senaka Aluthgamage. Wednesday, 22 March 2023 08:36 AM

විනිසුරුතුමාගේ කතාව ඉතාමත් නිවැරදියි.නමට පමණක් බෝඩ් ගසාගෙන මෙවන් දේ නොකළ යුතුයි.හරක් රෑන් සේ එකදිගට දම්වැල් වලින් බැඳ සිරකරුවන් ගෙනයාම නතර කළ යුතුය.

:       1       7

fairoos Wednesday, 22 March 2023 12:23 PM

දැන්වත් කරයි ද මන්ද? අපේ පොලිසියනම් කියල වැඩක් නැහැ

:       1       6

Bunny Preena Wednesday, 22 March 2023 01:05 PM

ශතකයේ හොඳම කියමන .සිර කරුවෝ ද මනුෂ්‍යයෝය .ඔවුන් පාලනය කරන්නේ අමුනුශ්‍යයෝය .කියලා අලුතින් ලිවුවොත් හොඳයි

:       2       8

de silva Wednesday, 22 March 2023 01:49 PM

දෙවියෙකු මෙන් සිතන මනුෂ්‍යයෙක් වන මහේස්ත්‍රාත් තුමන්ට මගේ ප්‍රමාණය පුදකරමි.

:       1       5

de silva Wednesday, 22 March 2023 01:51 PM

ඔබ හරි. සිරිකරුවෝත් මනුෂ්‍යයෝ යි. ඔවුන් පාලනය කරන්නේ අමනුෂ්‍යයන් බැවින් ඔවුන් හිරේ තුළ සහ ඉන් පසුවත් හැසිරෙන්නේ අමානුෂ්‍යයන් ලෙසයි.

:       1       4

C.K.Lankaputhra Wednesday, 22 March 2023 02:07 PM

ප්‍රසන්න අල්විස් මහේස්ත්‍රාත් තුමනි, කිසිම බලපෑමකට අවනත නොවී ඔබතුමා දෙන නිවැරදි හා ආදර්ශමත් තීන්දු හා නියෝග අපි ඉතාමත් අගය කරමු. ඔබ තුමා වැදගත් විනිසුරු තුමෙකි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දූෂණ විරෝධී පනතේ අලුත් නියෝග පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 22 8 0

දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


දිළිඳු නිවාස ආධාරය වැඩි කරයි
2025 අප්‍රේල් මස 22 7 0

’’ඔබට ගෙයක් - රටට හෙටක් ’’ නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මල් කඩන්න ගිහින් දිය යට සැඟවෙයි
2025 අප්‍රේල් මස 22 17 0

පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.


කරෙයිනගර් ජැටිය ඉන්දු-ලංකා සහයෝගයෙන් හැදෙයි
2025 අප්‍රේල් මස 22 53 0

සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


නුවර එනකොට පොලිතින් ගේන්න එපා
2025 අප්‍රේල් මස 22 37 0

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ


විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට අවසර
2025 අප්‍රේල් මස 22 260 0

විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 538 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site