IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


නාමලුත් කෝසලගේ ගෙදර යයි

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ජාතික ජන බලවේගයේ කෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාට  අවසන් ගෞරව දැක්වීම සඳහා කෑගල්ලේ ඒ මහතාගේ නිවසට අද පස්වරුවේ  ගියේය.

එහිදී ඔහු  ජයරත්න මහතාගේ මවට සහ සොහොයුරන්ට  සිය සංවේගය පළ කර ඇත.

නාමල් රාජපක්ෂ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය. කෑගල්ලට ගොස් ඇත්තේ එහි පෙනී සිටීමෙන් අනතුරුවය.

කෝසල  නුවන් ජයරත්න මහතා හදිසි හෘදයාබාධයකින් ඊයේ අභාවප්‍රාප්ත විය.නාමලුත් කෝසලගේ ගෙදර යයි



අදහස් (15)

නාමලුත් කෝසලගේ ගෙදර යයි

ගුණරත්න Monday, 07 April 2025 07:58 PM

මොන බැනුම් ඇහුවත් මේ මනුස්සයා දවසක ලංකාවේ ජනාධිපති වෙනවා

:       13       7

අරවින්ද මොණරවිල Tuesday, 08 April 2025 01:26 PM

ගුණරත්න අපිව හිනස්වලා මරන්න හදන්න එපා ප්ලීස්.......

:       5       6

nimalTuesday, 08 April 2025 02:13 PM

කවුද කෝසලද ?

:       0       1

ඉංදික Monday, 07 April 2025 08:00 PM

නිවන් සුව අත්වේවා ..නිවන් දක්නා ජාති දක්වා මෙවන් අසත් පුරුස ඇසුරකට පත්ව නොමග නොයත්වා...

:       0       5

Nandalal de Silva - France Monday, 07 April 2025 08:05 PM

මැදමූලන මේ නාමල් නාම්බාත් දැන් නොයන තැනක් නැහැ... මගුල් ගෙදරකට, මළ ගෙදරකට, නාදුනන පව්ලක කොටහළු මගුලකට හො නාම්බා හොම්බ නොදැම්මොත්, නින්ද යන්නෙත් නැහැලු !! ලගදීම රජයේ බොඩිමෙ නිවාඩුවක් ගතකිරීමෙ වාසනාවක් මිනිහාට ලැබුනොත් ඔය ඔක්කෝම නැතිවී යාමේ අවදානමක් පවතින නිසා, දැන්ම ඕවට ගිහිං, කේක් කෑල්ලක්, කිරිබත් කෑල්ලක් හො මළ ගෙදරකින් සිසිල් පැන් වීදුරුවක් ගත්තට කමක් නෑ කියල මගේ ආච්චි කියනවා...

:       9       9

Siri Monday, 07 April 2025 08:28 PM

කපන්න බැරි අත ඉඹිනවා නෙවේ නේද බේබි ..?

:       8       13

Perera Monday, 07 April 2025 08:38 PM

සත්භාවයෙන් ගියානම් ඉතින් හොඳයි.ජරාපක්ෂ හැතිකරේ විශ්වාස කරන්න බැහැ නේ

:       8       10

Aruna Monday, 07 April 2025 11:36 PM

තමන්ගේ පියාගේ මරණය පතපු කෙනෙක්ගේ මළ ගෙදරයන්න තරම් හිතහොද එක වටිනවා

:       11       17

Sujeewa Tuesday, 08 April 2025 02:26 AM

අපි හැමෝම රාජපක්ෂ පවුලට හොරු කියලා දොස් කියනවා. නමුත් අපි ඒක ඔප්පු කරලා නැහැ. ඊට පටහැනිව, රාජපක්ෂ පවුල ඔවුන් ඉතා මානුෂීය මිනිසුන් බව ඔප්පු කර තිබෙනවා. මහින්දට පින්සිදු වෙන්න, 2009 ඉඳන් අපි බියෙන් තොරව ජීවත් වෙනවා. ඒක තමයි තිත්ත ඇත්ත.

:       9       18

Rata PerataTuesday, 08 April 2025 11:32 AM

ආයෙත් අලුතින් ඔප්පු කරන්න දෙයක් නෑ. තියෙන වත්කම් බැලුවම, මන්ත්‍රී/අමාත්‍ය වැටුප් වලින් ඒව කරන පුළුවන්ද නැද්ද කියලා ඕනේ මෝඩයෙක්ට තේරෙන්නවා. ඔය ඔප්පු කරන කතා දේශපාලන සටන පාටයක් විතරයි.

:       1       3

චතුරි Tuesday, 08 April 2025 06:44 AM

මගේම වයසේ කෙනෙකෙ නේ මේ. කිසිම වරදක් නැති හොද මිනිස්සු. ඇයි මෙහෙම. මියදෙන්නෙ. මගෙ වයසට කරලා තියෙන අපරාදවලට. දෙවියනේ මම් මැරුනම. මොන ලෝකෙට. යයිද. හිටගනම කල්පනා කෙරුවේ ඒකයි දැනුත්. කට උත්තර දීලා ආවේ. අපරාද අන්ශයට. බෙල්ලෙ වැලනම් දාගන්නෙ නැහැ. ලැජ්ජාවෙන්නෙ මොකටද. අප්පච්චිත්. ඉන්නෙ

:       7       3

මැක්ස් Tuesday, 08 April 2025 08:12 AM

ඉතා හොදයි. එය තමයි අපේ සංස්කෘතිය. හැදියාව. රට බෙදීමට තැත් කළ එළාර රජුගේ මරණයේ දීත් එතුමාට ගව්රව කළ, ප්‍රභා වැනි මිනීමරුවකුගේ පණසුන් සිරුරටත් මැස්සෙක් වහන්නට ඉඩ නුදුන් අපි, එම හැදියාව ඉදිරියට ගෙන යා යුතුයි. නමුත් කුරිරු ජෙප්පන්ට එවැනි යහපත් සංස්කෘතිකාංග සත පහකට වැඩක් නැහැ. මේ මිය ගිය පුද්ගලයාත් රනිල් මහතාගේ නිවෙස ගිනිබත් කිරීමට දායක වූවකු බවට කතාවක් තිබෙනවා. එවන් වයිරී සහගත සිතිවිලි වලින් මිදී ඉක්මන් බවයකදීම සසරේ කෙළවරක් දැකීමට මිය ගිය අයට වාසනාව ලැබේවා!

:       3       15

අරවින්ද මොණරවිල Tuesday, 08 April 2025 10:29 AM

මළගෙවල්, මගුල් ගෙවල්, දානේ ගෙවල් හොය හොයා බඩ ගාල චන්ද එකතු කරන පොහොට්ටු, අලි, සජබ පරණ සංස්කෘතිය දැන් වලංගු නැහැ කියලා කවුරු හරි මේ මනුස්සයාට කියලා දෙන්න.

:       11       10

Rata Perata Tuesday, 08 April 2025 11:34 AM

මේක ප්‍රධාන පුවත වෙලා තියෙන්නේ , දේශපාලනය කරන අයගෙන් මෙයා විතරද දැනට මල ගෙදර ගිහින් තියෙන්නේ? අනික අය ගියාමත් ඒවා උණුසුම් පුවත් වශයෙන් එයි කියලා හිතනවා.

:       1       2

nisantha Tuesday, 08 April 2025 02:20 PM

"මහින්දට තිබුණු ගෞරවය නැතිකරපු කෙනෙක් තමයි මේ. අනෙක් අය තමා උද්දච්ච ගෝටා .හොර බැසිල් (ඇමතිලත් ඉන්නවා )පොහොර ,සුදුලූනු ,රඹුක් වැල්ල

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්
2025 අප්‍රේල් මස 21 177 0

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික


’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 242 1

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 275 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 165 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 180 1

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට
2025 අප්‍රේල් මස 21 292 0

යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 461 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 280 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site