IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


නොමිලේ දෙන ඉන්ධන බෙදන්න මිලියන 122ක් වැය වෙයි

(අංජුල මහික වීරරත්න)

චීන රජය මෙරට වී ගොවීන් සඳහා ලබා දුන් ඩීසල් තොගය  ගොවි ජනතාවට බෙදා හැරීමට රජයට රුපියල් මිලියන 122ක් වැය වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට නොමිලයේ ලබා දුන් ඩීසල් ලීටර් මිලියන 6.8ක ප්‍රමාණය  අස්වනු නෙලීම සඳහා ගොවීන් වෙත බෙදා හැරීම මේ වනවිට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරේ.

අදාල ඩීසල් තොගය ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් දිවයින පුරා බවුසර් මගින් බෙදා හැරීම සඳහා රුපියල් මිලියන 122ක්  රජය මගින් වැය කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අක්කර භාගයේ සිට අක්කර දෙකහමාරක් දක්වා  වී වගාවේ නිරත සෑම  ගොවියකුටම වගා කරන ප්‍රමාණය අනුව ඉන්ධන ප්‍රමාණයක් නොමිලයේ ලබා දීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව අක්කර දෙකහමාරක් හෙවත් හෙක්ටෙයාර් 01ක් වගා කරන  ගොවියෙකුට හිමි වන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15කි.

මීට අවශ්‍ය මුදල් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව මෙම වසරට ලැබීමට නියමිත මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් අදාල මුදල ලංකා ඛනිජ තෙල්  නීතිගත සංස්ථාවට ගෙවීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සදහන් කරයි.



අදහස් (2)

නොමිලේ දෙන ඉන්ධන බෙදන්න මිලියන 122ක් වැය වෙයි

ලුම්බිණි Monday, 23 January 2023 11:08 AM

ඩීසල් තොගය ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට දීලා රුපියල් මිලියන 122ක් ගොවීන්ට දෙන්න...

:       0       0

රන්ජන් Monday, 23 January 2023 11:34 AM

දැන් ඔය ඩීසල් ලීටරයක් බෙදලා දෙන්න රුපියල් 20ක් විතර වියදම් වෙනවද ?

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 368 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 147 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 469 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 46 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 344 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2019 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1791 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site