(බී. ජී. චතුරංග )
මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී යම් යම් පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල නාම යෝජනා ප්‍රතික්ෂේප වීම පනතේ (නීති) ගැටලුවක් හේතුවෙන් නොව මැතිවරණ කොමිසම ලබා දුන් උපදෙස් පිළිබඳව සැළකිලිමත් නොවීම සහ අවබෝධයක් නොතිබීමේ හේතුවෙන් සිදුවූවක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
කළ විමසීමකදී අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සමහර දේශපාලනඥයින් මාර්තු මාසයේ පනත සංශෝධනය කර දෙවතාවක් දැනුම් දීම මත මේ ප්‍රතික්ෂේප වීම් සිදුවූවා යැයි සඳහන් කිරීම වැරදි ප්‍රකාශයක් බවත් එම පළාත් පාලන පනත සංශෝධන සහිතව සම්මත වූයේ පසුගිය ආණ්ඩු සමයේ බවද පෙන්වා දුන්නේය.
තරුණ නියෝජනය පිළිබඳව එමගින් පැහැදිලිව සඳහන් කර ඇති අතර තමා විශ්වාස කරන පරිදි මැතිවරණ කොමිසම මගින් ලබා දුන් උපදෙස් මග හැරීම හේතුවෙන් මෙම චෝදනාව ඉදිරිපත් කරන බවට සිතන්නේයැයිද ඒ මහතා කීය.
මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය පසුගිය ආණ්ඩු සමයේ සම්මත කළ පනතට අනුව සිදු කරන අතර පැනවූ නීතියක් පිළිබඳව දැනුවත් නොවන බව හෝ අවබෝධයක් නොවූ බව නිදහසට කරුණක් නොවන බවද මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 17 කිම්මං තුඩාව ප්‍රදේශයේදී ලොරියක් පෙරළී යාමෙන් අධිවේගී මාර්ගය මුළුමනින්ම ඇහිරි කිලෝමීටර් හතරකට අධික දුරක් දැඩි රථ
‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතූන් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ මහනුවර ප්‍රදේශයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය සහ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා විශේෂ ස
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර අධිකරණ තීන්දුවට අනුව නැවත මැතිවරණයට ඇතුළත් කිරීමෙන් තැපැල් සහ නිල ඡන්ද පත්‍රිකා නැව ම
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කොට ගනිමින් බොරු පුවතක් නිර්මාණය කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස එම අමාත්‍යංශ
පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස මෙම මස 27 වැනි ඉරිදා යොදාගෙන ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.
ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල්-ධලයි මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (18) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නාම යෝජනා ප්‍රතික්ෂේපයට හේතුව හිටපු මැකෝ කියයි
Silva Tuesday, 25 March 2025 02:21 PM
පෙන්ෂන් ගිහිල්ලාවත් අත්හරින්න ඉගෙනගෙන නැති කෙනෙක්...!
GayanWednesday, 26 March 2025 09:48 AM
ඇයි තමන් කැමැති දෙයක් pension ගිහින් කරන්න බැරිද ? අනික බලතල අනිසි විදියට භාවිතා කරල කරන දෙයක් නෙවෙයිනෙ.
Nandana Tuesday, 25 March 2025 06:40 PM
පන්සලකට ගිහිං යන තැනකට පින් කරගනිං
Sunil Jayasundera Wednesday, 26 March 2025 11:21 AM
නීති රීති හරියට කියවන් නැතුව පුරවන්න ගියාම ඔය ප්‍රශ්න එනවා. තනියෙන් කරන්න පුළුවන් දේකුත් නෙවෙයි.. දෙතුන් දෙනෙක් හොඳට කියවලා තේරුම් අරගෙන කළයුතු දෙයක් ආවාට ගියාට ඕවා පුරවන්න බැහැ.