(ඩයනා උදයංගනී)
රටක නායකයා කොතරම් පිරිසිඳු හා අවංක වුවත් කොතරම් හොඳ දර්ශනයක් තිබුණත්, ඔහු සාර්ථක නායකයකුවීමට නම් අවංක ඇමති මණ්ඩලයක් සිටිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ජාතික සහ අන්තර්ජාතික දේශපාලනයේ සැබෑ ජනතාවාදී නායිකාවක් වීමට හැකිවූයේ එතුමිය සමඟ වැඩ කළ හැකි අවංක ඇමති මණ්ඩලයක් සිටි නිසා යැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 1970 ආණ්ඩුවේ මෙන්ම එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමාගේ 1956 ආණ්ඩුවේ සිටි ඇමති මණ්ඩලය 1947න් පසු මේ රටේ ආණ්ඩුවල සිටි ඉතා ප්රබුද්ධම ඇමති මණ්ඩල බව කී හිටපු ජනාධිපතිවරයා පසුගිය වසර තුන හතරේ සිටි ආකාරයේ ඇමතිවරු සමයේ සිටියා නම් බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනය වූ දිනට බොහෝ පෙර ඝාතනය වීමට ඉඩතිබූ බව ද කීවේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකා, දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 21 වැනි ගුණසමරුව නිමිත්තෙන් එම පක්ෂ මූලස්ථානයේදී අද (10) පැවති සැමරුම් උත්සවයට එක්වෙමිනි.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘නායකයා අවංක වුණත් ගෝලයෝ කපටිනම් ගමනක් යන්න බෑ‘
චන්දන Sunday, 10 October 2021 03:00 PM
කාලෙකට පස්සේ මොලේ පෑදෙන කතාවක් කිව්වා.
RaveendraSunday, 10 October 2021 05:27 PM
මොහුගේ මෙම අදහස් මෙසේ වෙනස් වෙන්නේ නම් වඩාත් කාලෝචිත වනු නියතයි. "නායකයා කොතරම් අවංක වුවත් ගෝලයින් සහ "නායකයාගේ අඹුදරුවන්" කපටි කයිරාටික අං ගිලපු පින්වතුන් නම් කිසිඳු ගමනක් යන්න බැහැ. අප හිතනවා සිරි අයියාටත් එයමයි වෙලා තියෙන්නේ කියලා...
ගොවියෙක් Sunday, 10 October 2021 06:20 PM
වංක නමුත් අවංක යනුවෙන් ඔහුම හඳුන්වා ගන්නා වූ නායකයාගේ පුත්‍රයා පරාක්‍රම සමුද්‍රයේ වැවු තාවුල්ලක රජයේ දේපලක නිවසක් සාදා ඇතිබව සහ ඔහුගේ සහෝදරයකු හෝටලයන් සාදා ඇතිබව පොලොන්නරුවේම දේශපාලකයන් චෝදනා කරනු පෙනේ. ඉදිරි රජයකදී රජයේ දේපල මත නිවාස සහ ගොඩනැගිලි ඉදිකළ අවංක / වංක සියලු දෙනා පිළිබඳව සොයාබැලීමක් කළයුතුවේ.
චන්දන Monday, 11 October 2021 07:57 AM
සහතික ඇත්ත. මංතීරු හදන්න හෙඳ නැහැ. ඒත් වැව් බැම්මේ හෝටල් හැදුවා ට කමක් නැහැ. ඒ හෝටලේ හදන එක කවුරුත් දැකල නැහැ.
මහසෙන් Sunday, 10 October 2021 03:14 PM
ඔයාටත් වුනේ එහෙමද? එතකොට නායකයත් කපටි වෙලා, ගෝලයෝත් කපටි වෙලා... රට්ටු මෝඩයින් වුණා නම් වැඩේ ලේසියි නේද? මේ රටට වුණේම ඒකනේ...
තිත්ත ඇත්ත Sunday, 10 October 2021 03:15 PM
රට කාපු හොරුන්ට කන්දෙන්න... ජනාධිපති තාත්තා පොත් වලකට දාන්න. ඒ පොතට ගැලපෙන තැන එතැනයි...
Ashoka Sunday, 10 October 2021 03:24 PM
මරු නායකයෙක් කියන්නේ... !
Rohana Sunday, 10 October 2021 03:34 PM
බණ්ඩාරනයක මැතිණිය හිටියා නම් ඔබගේ කතාවට කනේ පහරක් ගහනවා ස්ථිරයි...
fairoos Sunday, 10 October 2021 03:38 PM
ලංකාව නැත්තටම නැති කරපු එකම නායකයා..
chandima Sunday, 10 October 2021 08:05 PM
නායකයා අවංක වෙලා ගෝලයෝ කපටි උන එකෙන් ගෝටාට වැරදුනා .ගෝලයෝ අවංක වෙලා නායකයා කපටි උණු එකෙන් රනිල්ට වැරදුනා .කපටිකමයි අවංක කමයි දෙකම නැති නිසා ඔබතුමාට වැරදුනා .ඇල්වතුර වගේ ඉඳලත් වැඩක් නැහැ.අන්න ඒකට ජේ ආර් .නායකයත් කපටි ,ගෝලයොත් කපටියි .අන්තිමේ ඉන්දියන් කාරයොන්ට යන එනමන් නැති කරලා දැම්මා .
Lal Sunday, 10 October 2021 08:17 PM
යකෝ,කපටි එවුන්ව ඇයි අයින් නොකෙරේ?
ගමේ එකාලා Sunday, 10 October 2021 09:32 PM
ඩ්.ඇස්,ඩඩ්ලි ,වගේ අවන්ක අය ඉස්සර නම් උන්නා.පස්සෙ ආපු නායකයෝ ගැන නම් කියලා වැඩක් නැහැ. පට්ට හොරු, බල ලෝබියෝ ,හොර තක්කඩි යෝ?
Nihal Monday, 11 October 2021 09:56 AM
ලී ක්වාන් යූ ටත් මේ ප්රශ්නය තිබුනා, නායකයෙක්නම් ඕක ප්‍රශ්නයක් නොවෙයි.