(අමිල චින්තක ගමගේ)
පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණද පසුව එය නෙළුම් මාවතේ පොහොට්ටු පක්ෂ කාර්යාලය තුළ උත්සවශ්‍රීයෙන් සිදුකිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව පොහොට්ටුවේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මැතිවරණ නීති රීතිවලට ගරු කළ යුතු නිසා එම තීරණය ගත් බවද හෙතෙම පැවසීය.
එය හෙට 07 වැනිදා උදෑසන 7.00 ට පොහොට්ටු පක්ෂ කාර්යාලය තුළ පැවැත්වීමට නියමිත බවද මිලින්ද රාජපක්ෂ කීය.
පොදු ජන පෙරමුණ මුල සිටම පැවසු පරිදි ජනාධිපති අපේක්ෂකයෙක් පක්ෂයෙන් ඉදිරිපත් කිරීමේ තීරණය කිසිසේත්ම වෙනස් නොවන බවද, පොහොට්ටු අපේක්ෂකයා අන් කවරකු නොව ව්‍යාපාරික ධම්මික පෙරේරා බවද මිලින්ද රාජපක්ෂ සඳහන් කළේය.
නැටුම්,ගැයුම් ඇතුළු විශේෂාංග රාශියකින් පොහොට්ටු අපේක්ෂකයා ජාතියට හදුන්වා දීම සිදු කෙරෙන බවද ඔහු සදහන් කළේය.
පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙ
වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරකටපැමිණි වනඅලියෙකු කුඹුරේ මඩේ එරීමෙන් යාගත නොහැකිව වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වව්නියාව වනජ
නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නායකයා තෝරන්න පොහොට්ටුවට නෙළුම් පොකුණ අහිමි වෙයි
Perera Tuesday, 06 August 2024 10:29 AM
මුන්ගේ නරි නාටක නැටුම් බලලම එපාවෙලා තියෙන්නේ
Malanie Rajapaksha Tuesday, 06 August 2024 11:20 AM
ඇත්තටම ඔය සංධානය සදහා ඉන්නෙම රාජපක්ෂ පරම්පරාවෙම එවුන්ම පමණද .වෙනත් මොකෙක්වත්ම නැද්ද ප්.රකාශයක් දුන්නොත් ඒකා ජරාපස්සක් තමයි. එහෙම නම් මොකටද මොට්ටයිනේ ජරාපස්සලා නොවෙන එවුන් යන්නෙ .බැලමෙහෙවර කරන්නද කියලා අහන්නම වෙනවා
fairoos Tuesday, 06 August 2024 11:21 AM
අනේ පොහොට්ටුවට ගිය කල .හැබැයි නන්දසේනට වඩානම් හොඳයි
සෙනෙවිරත්න Tuesday, 06 August 2024 11:29 AM
පවේ හොඳම එක.
sene Tuesday, 06 August 2024 11:36 AM
ඔය රහසේ වෙස් බැන්දාට අපට ඉදිරියේදී වෙන දේ බලාගන්න පුලුවන්. රාජපක්ෂලා නැති රාජපක්ෂ ආන්ඩුවක් හදන නාටකය .
ජනරළ Tuesday, 06 August 2024 12:01 PM
අර එංගලන්තයේ රෝහල් වලින් ගෙන්නපු සායනික අපද්‍රව්‍ය සහිත කුණු ඔය හරියෙත් ගොඩ ගහලා තියෙනවද?
අරුණ Tuesday, 06 August 2024 02:01 PM
ආණ්ඩු කිරීමක් ගැන කිසිම ආතක් පාතක් දන්නේ නැති කටින් විතරක් ආණ්ඩු කරන ජේවීපියට වඩා නම් කොහොමත් රටට හොඳයි ඒත් මේ පාර 1. රනිල්, 2 සජිය, 3 ධම්මිකය, 4 අනුරකුමාර
වන්නකු Tuesday, 06 August 2024 02:16 PM
මිලින්ද මහත්තයෝ ඹයා තරුණයෙක් නේද ගැලපෙන පක්ෂයක් හොයා ගන්නකෝ
Athula Tuesday, 06 August 2024 03:44 PM
කොහේද බං දැන් පොහොට්ටු..? හොරු, අපරාද කුපාඩින්ගේ මත් වෙළඳන්ගේ කණ්ඩායම යනු පොහොට්ටුව. එදා ඔහොම හිටියේ UNP එකේ මැරයෝ අපරාද කාරයෝ සහ දුශිතයෝ සහ පට්ට හොරු අද මුන් මෙදා සේරම අතුගාල දානවා
AthulaTuesday, 06 August 2024 03:46 PM
තරුණයෙක් වෙච්ච පලියට එහෙම වෙන්නෙ නැහැ .ඒකට යහපත් මග පෙන්වීමක් ලැබුනොත් විතරයි යහපත් අදහස් වෙනුවෙන් ඉදිරියට එන්නේ.. මේකා ඔය කෝට් එක දාගත්තට අන්තිම අජුවයි හිරිකිතයි ලැජ්ජා නැහැ.. මොනවද කථා කරන දේවල් බලන්න..
ANURANGA Tuesday, 06 August 2024 04:50 PM
ආයි ඉතින් හතේ හතම තමයි...
Srr lal Tuesday, 06 August 2024 05:29 PM
මුදල් කන්දරාව ඉතුරුකරං හිටියා නම් ධම්මික...!
උම්බෑ Tuesday, 06 August 2024 06:01 PM
හොම්බෙන් AI...
Sam Tuesday, 06 August 2024 06:54 PM
7 වැනිදා 7 ට පටන්ගත්තා කියන්නේ අන්තිමේ 7 ම තමයි...!