IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නායක හාමුරුවන්ගේ බැංකු ගිණුමෙන් ලක්ෂ හයහමාරක් උස්සලා

( පාලිත ආරියවංශ)

දුරකථන සමාගමක සේවකයන් බව හගවමින්  බදුල්ලේ පිරිවෙන් විහාරස්ථානයකට පැමිණි තරුණයන් දෙදෙනෙක් නායක හාමුරුවන්ගේ ජංගම දුකරථනයේ සිම් පත සොරකම් කරගෙන ගොස් එම සිම්පත උපයෝගි කර නායක හාමුදුරුවන්ගේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ හයහමාරක මුදලක් වංචනික ලෙස ලබාගෙන ඇතැයි බදුල්ල පොලිසිය  පවසයි.

එම නාහිමියන්  පොලිසියට කරලද පැමිණිල්ලේ සඳහන් වන අන්දමට පසුගියදා උන් වහන්සේට  බැංකුවෙන් යැයි පවසමින් දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

ගිණුමට   අදාලව වැඩිකළ වැට් ගාස්තු අඩුකිරීමට රජයෙන් උපදෙස් ලැබී ඇති බැවින් ඒසඳහා බැංකු ගිණුම්වල තොරතුරු දෙන්නැයි  දුරකථනය ඔස්සේ ඉල්ලාසිටි නිසා  උන් වහන්සේ සියලු බැංකු තොරතුරු ලබාදී තිබේ.

දින කීපයකට පසු විහාරස්ථනයට පැමිණි නාඳුනන තරුණයන් දෙදෙනෙක්  දුරකථනයේ දෝෂයක් තියෙනවාදැයි අසා තිබේ. ඒ වනවිටත් දුරකථනයේ කුරු කුරු ශබ්දයක් පැවතීම නිසා  ඔව් මහත්තයා කතාකරනදේ පැහැදිළිත් නැහැ යනුවෙන්  පවසා තිබේ.

හරි ඒක හදන්න තමයි ආවේ කියා ටිකවේලාවක් දුරථනය සකස් කරමින් සිටි සැකකරුවෝ හාමුරුවනේ  අපේ ආයතනයට පණිවුඩයක් දිය යුතු යැයි පවසා ඒ සඳහා හාමුරුවන්ගේ ජංගම දුරකථනය ඉල්ලාගෙන තිබේ.

කිසියම් දුකරථන පණිවුඩයක් ලබාගෙන  බොහොම ස්තුතියි යනුවෙන් පැවසූ සැකකරුවෝ  ජංගම දුරකථනය හාමුරුවන්ට බාරදී විහාරස්ථානයෙන්  පිටවී ගොස් තිබේ.

ඉන්පසු හිතවත් දායකයෙකුට දුකථන පණිවඩුයක් ලබාදීමට උත්සාහකල අවස්ථාවේ දුරකථනය ක්‍රියාත්මක නොවීම නිසා සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ එහි සිම්පත නැති බවයි.

සිමිපත් කිසියම් කූඨ ක‍ටයුත්තක් සඳහා යොදාගැනීමට සොකරම්කර ඇතැයි  සැක සිතූ හාමුරුවෝ මුලින්ම බැංකු ගිණුම් තාවකාලිකව අක්‍රීය කිරීමට  බැංකුවට ගිය අවස්ථාවේ කිසිවෙකු විසින් සිය ගිණුමෙන් රුපියල් ලක්ෂ හයහමාරක මුදලක් ලබාගෙන ඇති බව හෙළිවී තිබේ.

 

 



අදහස් (3)

නායක හාමුරුවන්ගේ බැංකු ගිණුමෙන් ලක්ෂ හයහමාරක් උස්සලා

හොලා Monday, 29 July 2024 03:19 PM

දායකයින්ගෙන් ගන්ට යෑ...

:       0       13

fairoos Monday, 29 July 2024 05:16 PM

අනේ පව්, මෙහෙමත් ලෝක හොරු...!

:       2       8

පැරකුම් Tuesday, 30 July 2024 02:24 PM

සිල්වත්කම කෙසේ වෙතත් ධනවත්කම නම් ඉහවහා ගිහින්. ඒ වුණාට බුද්ධිමත්කම බිංදුවයි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3707 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2712 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3511 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3227 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 715 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1403 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36117 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24134 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site