(අංජුල මහික වීරරත්න)
මෙවර යල කන්නයේ නියඟය නිසා රට පුරා දළ වශයෙන් අක්කර 50000 ක වත් වගා හානි වීම් සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පමණක් අක්කර 11,000ක වගා හානි වීම් මේ වන විට වාර්තා වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
යල කන්නයේ වැඩිපුරම වගා හානි මේ වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.
මෙතෙක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් වගා හානි සඳහා ගෙවා ඇති වැඩිම මුදල් ප්‍රමාණය මෙවර යල කන්නයේ වගා හානි සඳහා ගෙවීමට රජයට සිදුවනු ඇති බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා එම මුදල් ප්‍රමාණය කෙතෙක් ද යන්න සිතා ගැනීමටවත් නොහැකි වනු ඇතැයි ද සඳහන් කළේය.
ඇතැම් විට රුපියල් බිලියන ගණනින් වගා හානි ගෙවීමට රජයට සිදුවිය හැකි බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය වසරේ රජය වගා හානි සඳහා ගෙවා ඇති මුදල රුපියල් මිලියන 1700කි.
උඩවලවේ ජලාශය යටතේ යල කන්නයේ අස්වද්දන ලද කුඹුරුවලින් අක්කර 65,000ක් හානි වීමේ අවදානමට ලක්ව පැවැති අතර සමනල වැවේ ජලය නිකුත් කිරීමෙන් අනතුරුව එම තත්ත්වය යම් තරමකට මගහැරී ගිය බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
නියඟය නිසා කුරුණෑගල, අනුරාධපුර ,රත්නපුර හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්ක වලට වැඩිපුරම වගා හානි සිදුව තිබේ.
මෙම එල්ලිනෝ තත්ත්වය සාමාන්‍යයෙන් කන්න තුනක් සඳහා බලපාන බවට කාලගුණ විද්‍යා අංශය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනතුරු අගවා තිබෙන අතර එසේ වුවහොත් ඉදිරි මහ කන්නයේදී ද වර්ෂාව අඩු වන ඇතැයි පුරෝකථනය කර තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ දැනට තිබෙන සහල් ප්‍රමාණය ඉදිරි වසරේ මුල් මාස දෙක තුන සඳහා ප්‍රමාණවත් වන නමුත් ඉන් අනතුරුවත් නියඟය පැවතුණහොත් සහල් රටින් ගෙන්වීමට සිදුවිය හැකි බවයි.
(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.
රටේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ සමාජ ආර්ථික වැඩපිළිවෙලම බව හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිර
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අද (14) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය.
සභාවර 5ක දී දින 390ක් රැස්වී තිබෙන නවවැනි පාර්ලිමේන්තු කාල සීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, අනුප්‍රාප්තික ජනාධිපති ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම, විශ
මාස හයක සිර දඬුවමට එරෙහිව සීමා සහිත මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ඇන්තනී රන්දෙව් යන මහත්වරුන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂ
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නියඟයෙන් වැඩිම හානිය කුරුණෑගලට
බන්දුකුමාරි Tuesday, 15 August 2023 01:21 PM
පන්සිය පනස් ජාතක පොතේ කතාවක් තියෙනවා... අල්ලපු රටේ මංගල හස්‍තියා නිසා ඒ රට දියුණුවට පත්වුණා කියලා මිනිස්සු ඒ ඇතා ඒ රටට ගෙන්වීමට ඉල්ලුවා කියලා ඒක අනුගමනය කරපු කුරුණෑගල මිනිස්සු ඔවුන්ට රජෙක් ආනයනය කළා... රජා රටත් කෑවා ඒ රජාගෙ සහ ගෝලයින්ගේ ශාපයෙන් දැන් කුරුණෑගල විනාශ වෙමින් තියෙනවා කියලා මට හිතෙනවා...