IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


නියෝජ්‍ය පොලිස්පති රොහාන්ට එරෙහි බී වාර් තාව අසත්‍යයක්

(නිමන්ති රණසිංහ)

බස්නාහිර පළාත අපරාධ බාර සහ බස්නාහිර පළාත උතුර දිසාව නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් සේවය කරමින් සිටියදී අධිකරණයට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් රුපියල් ලක්ෂ 75ක මුදලක් සැකකරුවන්ට මුදා හැර දූෂණයක් සිදුකළැයි සදහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද බී වාර්තාව අසත්‍ය කරුණු ඇතුළත්වූ එකක් බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාට අද (27) දැනුම් දුන්නේය.

ඒ අනුව, මෙම සිද්ධියට අදාළ විමර්ශනය භාරදීම සඳහා ලබන ඔක්තෝම්බර් මස 03 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට අධිකරණයෙන් අල්ලස් කොමිසමට ඉකුත් 05 වැනිදා නිකුත් කළ නොතීසිය අත්හිටුවීමට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාට එරෙහිව සිදුකරනු ලැබූ චෝදනා මෙතෙක් කරන ලද විමර්ශනයේදී තහවුරු වී නොමැති බවද කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික දීපාල් මහතා අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම විමර්ශනය පොලිස්පතිවරයාගේ නියමයෙන් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වන වගන්තිය ප්‍රකාරව තම කොට්ඨාසය වෙත බාරගත් බවත් එම විමර්ශනය සිදුකිරිමට අධිකරණයෙන් අවසර ලබා දෙන ලෙසත් කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ බී වාර්තාවේ සදහන් වෙයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතා සමඟ විමර්ශන ඒකක 01 හි ස්ථානාධිනාධිපති පොලිස් පරික්ෂක එස්. පී. ඩී. ජේ. නිශාන්ත යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.

ඒ අනුව මෙම අවසන් විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් නඩුව බහා තැබීමට අධිකරණය අවසර ලබා දුන්නේය.



අදහස් (2)

නියෝජ්‍ය පොලිස්පති රොහාන්ට එරෙහි බී වාර් තාව අසත්‍යයක්

Sahara perera Tuesday, 27 September 2022 07:25 PM

ගින්නක් නැතිව දුමක් පිටවෙන්නේ නැති බව අතීත කියමනක්...

:       0       0

dasun Wednesday, 28 September 2022 09:46 AM

රොහාන් කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂක කාලේ නීතීඥවරු පෙන්නන්න බැහැ. අඩුමගානෙ පැමිණිලිකාරයෙක් එක්කවත් ලෝයර් කෙනෙකුට ඇතුළට යන්න බැහැ. මොහුගේ මුළු පොලිස් ජීවිතයම සොයාබැලිය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 932 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 340 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1040 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 105 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 719 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2382 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 628 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1792 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site