IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


නියමුවන් 85කට ශ්‍රී ලන්කන් එපා වෙයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 42 ක් පසුගිය සතියේ සේවයෙන් ඉවත්වීමේ ලිපි භාරදුන් බවත් එහි ගුවන් නියමුවන් 85 ක් මේ වන විට ගුවන් සේවා අධිකාරියෙන් සහතික කිරීමේ ලිපි අයදුම් කර ඇති බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවෙක්ට ඩොලර් 10,000 ක පමණ මාසික වැටුපක් හිමිවුවද එහිදී ඩොලරයේ අගය රුපියල් 225 ක අඩු මට්ටමකට ගණන කරන බව කී එම නිලධාරියා වෙනත් ජාත්‍යන්තර ගුවන් සමාගම්වල ගුවන් නියමුවෙක්ට රුපියල් 370 ට ගණනය කරන ඩොලර් 30,000 ත් 40,000 ත් අතර බදු නිදහස් වැටුපක් ලැබෙන බව ද සඳහන් කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් 240 ක් පමණ සේවය කරන බවත් ඉන් නියමුවන් 80 ක් පමණ ඉවත්වුවහොත් මෙම වසර මැද වන විට ගුවන් සමාගම දැඩි අර්බුදයකට පත්වන බව සඳහන් කළ එම නිලධාරියා පැවසුවේ පසුගිය දෙසැම්පබර් මස සිට ඩොලරය රුපියල් 295 කට ගණනය කිරීම ආරම්භ කළ බවත්ය. 



අදහස් (26)

නියමුවන් 85කට ශ්‍රී ලන්කන් එපා වෙයි

Shashika519 Thursday, 26 January 2023 01:04 PM

එමිරේට්ස්ලගෙන් ඕක ගත්ත දවසෙ ඉදන් පාඩු පිට දුවන්නෙ ඕක. පාඩු වෙන්නෙ බිලියන්වලින්. ඕක වැහිලා ගියොත් රටට හොදක් වෙයි..

:       9       160

Amaraweera Thursday, 26 January 2023 01:30 PM

නියමුවන්ට විතරක් නෙවේ ඔකෙ නිතර ‍යන අපිටත් එපාවෙලා තියෙන්නෙ

:       5       123

siril Thursday, 26 January 2023 01:34 PM

රටෙ සමස්ත ජනතාවම පීඩාවෙන් ඉන්නෙ බහුතර්යකට මෙ රට දාල වෙන රටකට යන්න ක්‍රමයක් නැතුව ඉන්නෙ නායකයන්ගෙ තියෙන්නෙ බලෙ ඉන්න පෙරේකම විතර්මයි. රට ගොඩ ගන්න උවමනවක් හෝ හැකියවක් මෙයාලට නැත.

:       7       98

jagathslThursday, 26 January 2023 03:18 PM

රට ගොඩගන්න අවශ්‍ය ජනප්‍රිය නොවන තීන්දු තීරණ අරගෙන තමා රජය මේ බැනුම් අහන්නෙ. අමතක කරන්න එපා මීටමාස කිහිපයකට කලින් රටේ තිබුණු තත්වය. අද සෑහෙන දුරකට අයවැය පරතරය අඩු වෙලා, විදේශ විනිමය තියෙනව, ණය හිමියො සමඟ සාකච්ඡා සාර්ථකයි, IMF යෝජනා ක්‍රියාත්මක වෙනව, මුදල් අච්චු ගැසීම පාලනය වෙලා තියෙනව, උද්ධමනය අඩුවෙමින් යනව. රට කන දේශපාලුවන්ගෙන් වගේම විශාල හානියක් වෙනව ඇත්ත ඇති සැටියෙන් දකින්න බැරි, නිවැරදි දේ දකින්න බැරි, හැම දේම වැරදියි කියමින් කටමැත දොඩවන අමන ජනතාවකගෙනු.ත්

:       114       68

nandanaThursday, 26 January 2023 04:02 PM

රට පලනය කරන්නෙ නම් දරපු හොරු සෙට් දෙකක් තාමත් වහල්ලු ඉන්නව අනාගත දරු පරපුරට රටක් නැති කරන්නෙ මෙ හොරු සෙට් දෙක

:       23       93

jagathThursday, 26 January 2023 04:45 PM

විදේශ විනිමය තියෙනව වගේ පෙන්නේ ගත්ත විදේශ ණය දැන් නොගෙවන නිසා.

:       0       7

ShanThursday, 26 January 2023 06:14 PM

මොන ලෝකෙද ඉන්නේ..? කියන්න හදන්නේ රනිල් රට හදනවා කියලාද? ඇස් දෙක ඇරලා බලන්න ටිකක් දේශපාලුවන්ට දෙන්නේ නැතිව...

:       16       55

AnjanaThursday, 26 January 2023 06:16 PM

අපිව වලට දාලා, වලට පාන් කෑල්ලක් දැම්මාම, පාන් කෑල්ලට ගුණ කියන ජාතියක් ඉන්නකන් මේ රට ගොඩගන්නවා බොරු...

:       8       56

AnuraThursday, 26 January 2023 06:52 PM

ඇත්තද ? එත් පිනා නම් කියන්නේ ආණ්ඩුව දුවන්නේ අන්තිම කට්ටෙන් කියලා, තෙල් ගේන්න ඩොලර් නැහැලු, රජයේ සේවකයින්ට පඩි දෙන්න සල්ලි නැහැලු, රෝහල් වලට බෙහෙත් ගේන්න සල්ලි නැහැලු, මැතිවරණයක් තියන්න රුපියල් බිලියන 10ක් වත් නැහැලු , IMF ණය ලැබුනේ නැත්නම් සුමාන දෙකක්වත් රට ගෙනියන්න බැහැලු .. ඔන්න ඔහොමනේ... අනික ආණ්ඩුවට අමාරු තීරණ ගණන්වෙලා තියෙන්න ඒ අය ඩොලර් ටික හොරා කාලා රට බංකොළොත් කරපු නිසානේ...

:       8       55

R SugathadasaFriday, 27 January 2023 09:47 AM

ඇතැම් දේශපාලනඥයින් විසින් සොරකම් කර විදේශ රටවල බැංකුවල තැන්පත් කර ඇති ඩොලර් බිලියන ගණනින් මුදල් ගෙනඒමට වත්මන් ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය පමණක් කටයුතු කළහොත් රට පවතින තත්ත්වයෙන් ඉතා ඉක්මණින් බේරා ගත හැකියි. ප්‍රශ්නය වන්නේ මහජන මුදල් සොරකම් කර ඒවා කඩිනමින් ගෙන ආ අයට එරෙහිව මේ ජනාධිපතිවරයා පියවර නොගන්නේ මන්ද යන්නයි.

:       2       5

Hafeel Thursday, 26 January 2023 01:42 PM

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති, සභාපති දුරයට පත් වූ දා, එක් තරා YouTube නාලිකාවට එවින් ලොකු ලොකු කතා කියල, ආයතනය ගොඩ දානවයි කියමින් පොම්බෝරිත් ගහල, කරන්න බැරි නම්, කොව්රුත් කියන්නට කලින් සභාපති දුරය දාල යනවයි කියල කිව්වා. නමුත් තවම මෙම සමාගම පාඩුවෙන් දුවනවා පමණක් නොවේ, ජනාධිපති මෙම ගුවන් සමාගම විකුනන්නත් ඕන කියල යෝජනාවත් කරලා තියන්නේ.

:       4       84

Latha Thursday, 26 January 2023 02:06 PM

වහලාම දාන්න ලොකු දෙයක්... නැතිනම් ඕකත් යන්නේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි...

:       3       77

Kumara Thursday, 26 January 2023 02:07 PM

බොන්න පිරිසිදු වතුර ටිකක් නැති ගම්වල මිනිස්සුන්ගේ වාසනාව...

:       1       44

fairoos Thursday, 26 January 2023 03:04 PM

කොච්චර හොඳට තිබුණු රටද මේ කාලකණ්ණි පොහොට්ටුවේ සෙට් එක මේ තත්වයට පත්කළේ? මේ කරපු අපරාධයට නම් මොවුන්ට හොඳක් සිදුවෙන්නේ නැහැ.

:       26       81

පැරකුම්Thursday, 26 January 2023 03:41 PM

මොනවද මේ කතා හොදක්…? හොදක් නෙවේ හෙන හත වදින්න ඕන.

:       14       51

JagathS Thursday, 26 January 2023 03:15 PM

මේ වගේ අනික් රාජ්‍ය ආයතනවලත් රැකියා කරන, රජයේ ආදායමෙන් 90%ක් වැටුප් වශයෙන් කාබාසිනියා කරන, රාජ්‍ය සේවකයින්ටත් තමන් රැකියා කරන තැනින් ඉවත් වෙලා පෞද්ගලික අංශයේ රැකියාවක් හොයාගන්න හිතෙනවා නම් රටේ ආර්ථික ප්‍රශ්න භාගයක් විසඳෙනවා...

:       11       68

Muthu Friday, 27 January 2023 12:20 AM

මේ යන විදියට මිනිස්සු කියන්න පටන් ගනන්වා, අනේ කොහොම හරි කබ්රාල්ව ආයිම මහා බැංකුවට ගෙන්න කියලා. ඩොලර් එක හිර කරලා පිළිකා රෝගීන්ටත් බෙහෙත් ගෙන්න ඩොලර් නැති රටක, අපි කියනවා දැන් අපි ස්ථාවරයි කියලා. මෙච්චර කැමැත්තෙන්ම රැවටෙන වෙන මිනිස්සු ඉන්න වෙන රටක් තියේද. වෙළඳ පොළ ආර්ථිකේ ඩොලර් ඇතුලේ හිර කරලා. රස්සා නැති වෙනවා. බිස්නස් වැහෙනවා. අම්මල තාත්තලා ගඟේ මුහුදේ පැනල මැරෙනවා දරුවන්ට කන්න දෙන්න විදියක් නැතුව. බිස්නස් පාඩුවෙලා, බිස්නස් කාරයෝ දිවිනසා ගන්නවා. නන්දලාල් අවු 40 පරණ වෙළඳපොල ආර්ථික ඔරලෝසුව, බලෙන් අනික් පැත්තට කරකවලා, මේකයි හරි වෙලාව කියලා, බොරු වෙලාවක් පෙන්නලා වැඩ තියේද. නන්දලාල් ගෙනත් තියෙන්නෙම ඩොලර් බෝම්බයක් හදල ඊළඟ එන ආණ්ඩුවට බාර දෙන්න. කබ්‍රාල් හොරා කෑවත් දැක්කා කවදාවත් ඩොලර් රේට් හිර කරගෙන අපිට නැගිට්න්න බැරි බව.

:       2       2

chandima Friday, 27 January 2023 02:21 AM

ඉතින් යන්නකෝ ඒ තිස්-හතළිස්දාහක් ගෙවන තැනකට.., හවුස්මේඩ්ලා 100ක් යැව්වා වගේනේ එක්කෙනෙක් ගියාම...? ඉන්න ඔක්කොම ගියානම් රටම ගොඩනේ...!

:       0       3

වලිප්පු සේමසිංහ Friday, 27 January 2023 04:47 AM

තවමත් රනිල් රාජපක්ෂට කඩේ යන රට ගොඩ දානකම් බලන් ඉන්න අම්ඛරුවොත් ඉන්නවනේ .

:       2       4

වටලප්පන් Friday, 27 January 2023 07:21 AM

යන කෙනෙකුට යන්න කියන්න.. අපේ ගුවන් යානා පදවන්න ඇයි රනිල්, මහින්ද, පාඨලී, විමල්, ගම්මන්පිල, වජිර, රංගෙ, කබ්රාල්, ජොන්ස්ටා, මාල හොරා, මහින්දානන්ද, පවිත්‍රා, කාංචන වගේ දක්ෂ නියමුවන් ඉන්නවානේ. මොකටද බය වෙන්නේ... ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225 න් 200 ක්ම ගැලපෙනවා... ඔය වැඩේට. ලැට් හෝදන්නත් වෙන අය අවශ්‍ය නැහැ. ඒ ගොල්ලන්ටම පුළුවන් ඒ වැඩේත් කරන්න. එතකොට ඕටී එහෙම ගන්න පුළුවන්නේ. ඇයි නාමල්, කාංචන, විජේදාස වගේ අයත් ගොඩක් හොඳයි. කිසිදේකට බයවෙන්න එපා. තව අලුත්ම එක්කෙනා තමයි මහ බැංකු අධිපතිතුමා...

:       1       3

Gamini Friday, 27 January 2023 07:55 AM

ඉස්සෙල්ලා 225 අඩුම 50කට අඩුකරන්න. කෝට්ටේ පාර්ලිමේන්තුව පොදු සම්මන්ත්‍රණ ශාලාවක් කරලා ආදායම් ලබන තැනක් කරන්න. පරණ පාර්ලිමේන්තුවේ රැස් වෙන්න. බදු මුදලින් හැමෝටම නිදහස් ලෙස ඉගෙනගෙන දියුණු වෙන්න පුළුවන්. එහෙම බැරි අය අනුන්ගේ බදුවලින් පිනට කන්න බලන් ඉන්නවා...

:       3       2

mp Friday, 27 January 2023 08:28 AM

රට දැන් තිබුනට වැඩිය හොඳනම් ඇයි විදුලි ඇමති හැම වෙලේම නාහෙන් අඬාගත්තු ගමන් ඉන්නේ..? බදුපිට බදු ගහන්න සැලසුම් කරන්නේ, මිනිසුන්ට පඩි ගෙවන්න සල්ලි නැහැ කියන්නේ, මිනිසුන්ට අත්‍යාවශ්‍යම දේ වන ඖෂධ නැතිව ලෙඩ්ඩු දුක් විඳින්නේ සහ මැරෙන්නේ? මොන බොරු කතාද මේ? අපි කන හැටි ලිපා දනී... බලන්න අත්‍යාවශ්‍ය ආහාරවල - ඖෂධවල මිල? මේ හොඳ තත්ත්වයක්ද?

:       0       1

Asoka Friday, 27 January 2023 11:55 AM

මහින්ද මහත්තයා ඉන්න කාලේ ඕවායේ තෙල් වතුරවත් බලන්න වෙලාවක් තිබුණේ නැහැ... ලෝකේ වටේම හෙන්චයියලා දාගෙන රවුම් ගැහුවා.

:       2       2

ලමය Friday, 27 January 2023 12:11 PM

නිශාන්ත වික්‍රමසිංහ ගොබිල , ඔතන ඉදල කෙලපු සල්ලි ටිකයි ගත්ත සැපයි වෙනුවට වන්දි නම් මොන රජයක් ආවත් ගන්න වෙයි. සජිත් ආවොත් ඒකට full stop , හැබැයි n p p එක ආවොත් ඒ ගැන විශ්වාසය තියන්න පුලුවන්.

:       4       1

banda Friday, 27 January 2023 01:18 PM

මාසෙකට ලක්ෂ 22ක්... හරිද?

:       0       1

de silva Friday, 27 January 2023 01:24 PM

මෙක ඉක්මනට වහල දමන එක රටෙ යහපතට හෙතු වෙනව , වසරකට මෙක නඩට්තු කරන්න රුපියල් කොටි 2000 කට වඩි මුදලක් වියදම් වෙනව , මෙක වහුවොත් එම මුදල් ඉතුරු වෙනව.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බොරැල්ලේදී ගසක් කඩා වැටී වාහන 7කට හානි
2025 අප්‍රේල් මස 23 131 0

බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.


ජනපතිගෙන් ඇමතිවරුන්ට අභියෝගයක්
2025 අප්‍රේල් මස 23 525 0

එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල


සිසුවා පහරදී ඝාතනය කළාට 11 ක් අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 23 1527 2

වෙලගෙදර හැටන්පොළ අං හන්දිය තැපැල් කාර්යාලය අසලදී සිසුවෙකුට අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම් වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් තරුණයන් 11 ක් අත්අඩ


මාතර රැඳවියන් බලන්න ඥාතීන්ට තාවකාලික තහනමක්
2025 අප්‍රේල් මස 23 2002 5

බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක්


ඩෑන් පියසාත් මරුට
2025 අප්‍රේල් මස 23 2894 10

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වු ඩෑන් ප්‍රියසාද් මහතා ඊයේ (22) රාත්‍රී දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂ


කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 2517 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 613 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 317 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site