IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


නයිරෝබි අගනුවරට බුදුන් වඩියි

(තිළිණි ද සිල්වා)

ප්‍රථම වතාවට කෙන්යාවේ නයිරෝබි අගනුවර ප්‍රසිද්ධ ස්ථානයක බුද්ධ ප්‍රතිමාවක් ඉදි කල බව කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

එරට නයිරෝබි අගනුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ ස්ථාපනය කරන ලද මෙම බුද්ධ ප්‍රතිමාව කෙන්යාවේ නයිරෝබි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලෙහි කනනාදන් මහතා හා එල්ඕ එල් සී සමාගමේ සභාපති ඉෂාර නානායක්කාර මහතා විසින් ඉකුත්දා විවෘත කරනු ලැබූ බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

සුප්‍රසිද්ධ කෙන්යානු ශ්‍රී ලාංකික සමාගමක් වන මේලීන් සමූහය විසින් මෙම බුද්ධ මන්දිරය ඉදිකරන ලදි.

කෙන්යාවේ ශ්‍රී ලංකා ප්‍රජාවේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකාවේ කෙන්යානු මිතුරන් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

රැස්ව සිටි ප්‍රජාව අමතමින්, මහ කොමසාරිස් කනනාදන් මහතා කියා සිටියේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් කෙන්යාවේ ප්‍රසිද්ධ ස්ථානයක දී ස්ථාපනය කිරීම සුවිශේෂී අවස්ථාවක් වන බවය.

කෙන්යාවේ දී අපගේ බෞද්ධ උරුමය විදහා දැක්වීම සම්බන්ධයෙන් දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ නව පිටුවක් වන බවත් ,එය කෙන්යාවේ ශ්‍රී ලංකා, මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දී බුද්ධ ප්‍රතිමාව ස්ථාපනය කිරීමට ලැබීම භාග්‍යයක් යැයිද හෙතෙම කියා සි⁣ටියේය.

මෙම පින්බර අවස්ථාව සඳහා අනුග්‍රහය දැක්වීමට සිය කැමැත්තෙන් ඉදිරිපත් වූ එල්ඕඑල්සී සමාගමේ සභාපති ඉෂාර නානායක්කාර මහතාට විශේෂ ස්තූතිය පළ කරන බවද ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා කීය.

මෙම බුද්ධ ප්‍රතිමාව ස්ථාපනය කිරීම කෙන්යානු රජයේ බලධාරීන්ගේ පූර්ණ සහයෝගය හා අනුග්‍රහයෙන් යුතුව සිදු බවද හෙතෙම වැඩිදුරටත් කීය.



අදහස් (10)

නයිරෝබි අගනුවරට බුදුන් වඩියි

කිරි පුතා Thursday, 15 July 2021 04:36 PM

එහි වැසි දනන්ට ශ්‍රී සද්ධර්ම අවබෝධයෙන් මේ ඝෝර, කටුක සසරෙන් එතෙරවීමට මග සලසා ගනිත්වා. භාග්‍යවතුන් වහන්සේගේ වැඩමවීමේ අර්ථය එයයි.

:       0       2

lasantha Thursday, 15 July 2021 06:05 PM

අට මහ කුසල් වලින් එකක්...

:       12       251

Karunarathna Gampola Thursday, 15 July 2021 06:35 PM

අනේ සාදු!!! සාදු!!! සියලු සත්වයෝ නිදුක් වේවා..!!! බුදු දහම ලොව පැතිරේවා...!!! ඊට මුල්වූ සැම නිදුක් වේවා... නිරෝගී වේවා..!!! සුවපත් වේවා...!!! 

:       2       242

SENAThursday, 15 July 2021 10:01 PM

අගනුවර ප්‍රසිද්ධ ස්ථානයක පමණක් නොවේ. ගෙදර බුද්ධ ප්‍රතිමාවක් ඉදිකළත් තේරුමක් නැහැ. තමන්ගේ හිත පිරිසිදු නැතිනම්. අනේ සාදු කියන හැමෝම සිත පිරිසිදු කරගත්තානම් බෞද්ධ රටක් කියන්නා වූ ලංකාවට මෙහෙම වෙන්නේ නැත.

:       0       2

සෙනෙවිරත්න Monday, 19 July 2021 11:34 AM

ඔබගේ මතයට ගරු කරමි. අපි පිළිම, බෝගස්, විවිධ පූජා කරනවා හැර නියම බුදුදහම අවබෝධ කර තිබේ දැයි සැකයි.. ගුප්ත සහ අවිද්‍යාත්මක පැති බුදුදහමට යා කර එහි නිර්මලත්වයට හානි කර ඇත...

:       0       0

Mallika illangantilake Friday, 16 July 2021 08:15 AM

මේ සිදුකරන්නා වූ වන්දනාමාන වලට සියලු දෙනාටම තෙරුවන් සරණයි.

:       1       4

Sam Friday, 16 July 2021 08:21 AM

මේ උදාර කටයුත්තට උරදුන් සහ සහභාගි වූ සියලු දෙනාට අපේ උත්තමාචාරය...!!! 

:       0       1

Nihal Friday, 16 July 2021 08:20 PM

ඉතාමත්ම හොඳ කටයුත්තක්... ඔබ සැමට බුදුසරණයි. ජේසු පිහිටයි.. දීර්ඝායු වේවා...!!!

:       0       1

Mahinda Sunday, 18 July 2021 08:39 PM

මේ කටුක සසරින් එතෙර වීමට ඔවුන්ටත් ලැබේවා... දහම් මාර්ගය නිවැරැදිව අවබෝධ වේවා... සාදු... සාදු...

:       0       1

සෙනෙවිරත්න Monday, 19 July 2021 11:37 AM

කෙන්යානුවන් අන්‍ය ආගම් තම රටේ ප්‍රචාරයට නිහතමානීව ඉඩලබාදී ඇති නමුත් අප රටේ වෙනත් ආගමක් දේශනා කළ හැකිද? එසේ ඉවසීම නිර්මල බුදු දහමයි. බුදු දහම විසින් බුදු දහම රැකෙනවා විනා තව කෙනෙකුට බුදු දහම රැකිය නොහැකිය...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 0 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 12 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 224 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි
2024 නොවැම්බර් මස 05 261 0

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි
2024 නොවැම්බර් මස 05 39 0

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල


රනිල් ගෙන් ජනපතිට අභියෝගයක්
2024 නොවැම්බර් මස 05 802 3

තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 402 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1306 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site