IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


නියං රකුසා සත්ව පාලනයටත් දත නියවයි

(අංජුල මහික වීරරත්න)

උග්‍ර නියඟය සහිත කාලගුණික තත්ත්වය සත්ව පාලන කටයුතු සඳහා දැඩි බලපෑමක් එල්ල කර ඇතැයි ගොවීහු ප්‍රකාශ කරති.

ගව පාලනයේ දී එම සතුන්ට අවශ්‍ය පානීය ජලය හිඟකම මෙන්ම තණබිම් වියලී යාම නිසා ඇතිවන ආහාර හිඟයෙන් එම සතුන් පීඩාවට පත්ව තිබේ.

සත්ව පාලනය පුළුල් ලෙස සිදු කෙරෙන දිස්ත්‍රික්ක සියල්ලම පාහේ දැඩි නියඟයට ගොදුරු වී තිබේ.මී ගවයින් වැඩි වශයෙන්  සිටින හම්බන්තොට, අම්පාර හා මොණරාගල මෙන්ම පොළොන්නරුව   දිස්ත්‍රික්ක වල කුඩා වැව් සියල්ලම පාහේ සිඳී යාම නිසා මී ගවයින්ට දිවා කාලයේ රැදී සිටීම සඳහා ජලය සහිත ස්ථාන නොමැති වීම එම සතුන්ගේ පැවැත්මට හැනිකර ලෙස බලපා තිබේ.

අදාල ගැටලු සම්බන්ධයෙන් පශු සම්පත් සංවර්ධන අංශය සමග කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සාකච්ඡාවක් පැවැත්වූ අතර  ගවයින්ට අවශ්‍ය පානීය ජලය සැපයීමට පියවර ගන්නා ලෙසත් වියලි තණබිම් වලට ගිනි තැබීම් වාර්තා වන බැවින් ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සකසන ලෙසත් අමාත්‍යවරයා පශු සම්පත් සංවර්ධන අංශයට උපදෙස් දුන්නේය.

එමෙන්ම වියළි තණ බිම්වලට ගිනි නොතබන ලෙස ඉල්ලා දැන්වීමක් අදාල ප්‍රදේශවල රාජ්‍ය ආයතනවල ප්‍රදර්ශනය  කරන ලෙස ද අමාත්‍යවරයා පශු සම්පත් සංවර්ධන අංශයට දැනුම් දුන්නේය.  

පවතින දැඩි නියඟය නිසා ඇති වී තිබෙන  ජල හිඟය හේතුවෙන් දෛනික කිරි නිෂ්පාදනය පහල ගොස් ඇතැයි  ගොවීහු පවසති.



අදහස් (1)

නියං රකුසා සත්ව පාලනයටත් දත නියවයි

Bamunuarachchi Tuesday, 15 August 2023 01:35 AM

තව ටික දවසකින් නියන් රකුසා සතුන් පමණක් නොවෙයි, මිනිස්සුන්ටත් දත නියවනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 2410 0

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


‘අවුරා ලංකා’ සභාපතිගේ රහස් ප්‍රකාශයේ පිටපතක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 14 262 0

රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් තමන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් ලබාගෙන තම ධනය කොල්ලකෑ බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව ඔඩියෝ සහ වීඩියෝ සාක්කි ඇ


වැස්ස තවත් දීර්ඝ වෙයි
2024 ඔක්තෝබර් මස 14 1885 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින ගිගුරුම් සහිත තද වැසි එළැබෙන 16 සහ 17 යන දින දක්වා පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තවේ ජ්‍යෙෂ්ඨ කාළගුණ විද්‍යාඥ මලිත්


කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් ඇවිත් අගමැතිනියට ලිපියක් දෙයි
2024 ඔක්තෝබර් මස 14 3702 1

ළමා හා තරුණ පරපුර මත් උවදුරින් බේරාගන්නැයිද ළමා අපයෝජන වැලැක්වීමට පියවර ගන්නැයි ද ඉල්ලා සිටීම සඳහා කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් කොළඹ පැමිණ අද (14)


සමාජ ශාලා වටලා රටබීම අල්ලයි
2024 ඔක්තෝබර් මස 14 908 0

සුරාබදු බලපත්‍ර නොමැතිව බත්තරමුල්ල හා තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලා තුනක් වටලා රටබීම ලීටර 793 ක් අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබ


මැකෝ පක්ෂ ලේකම්වරුන් හමුවක් හෙට
2024 ඔක්තෝබර් මස 14 168 0

මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 395 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 448 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1409 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site