(අංජුල මහික වීරරත්න)
අයහපත් කාලගුණික තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුවන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන දේශගුණ සෞභාග්‍ය සැලැස්ම ක්‍රියාත්මක කිරීම මගින් එම පාඩුව පියවා ගැනීමට අවශ්‍ය බිලියන ගණනක මුදල් ලංකාවට ගෙන්වා ගැනීමේ අවස්ථාවන් උදාවන බවද විජයවර්ධන මහතා කීය.
රුවන් විජයවර්ධන මහතා මෙි බව කීවෙි දේශගුණික මූල්‍යකරණ ව්‍යාපෘතියේ ආරම්භක වැඩමුළුවට සහභාගී වෙමිනි.
පරිසර අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ කොළඹ හිල්ටන් හෝටලයේදී මෙම වැඩසටහන පැවැත්විණි.
2030 වන විට පුනර්ජනනීය බලශක්ති භාවිතය 75% දක්වා ඉහළ නැංවීම වෙනුවෙන් සුළං බලය ඇතුළු ස්වභාවික බලයන් භාවිතයටත්, පරිසර සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම ඇතුළු ව්‍යාපෘති ගණනාවක් හඳුනාගෙන ඇති බවත් රුවන් විජයවර්ධන මහතා කීවේය.
පරිසර අමාත්‍ය නසීර් අහමඩ්, පරිසර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අනිල් ජාසිංහ, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් අබේසේකර, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත නිලධාරී - පෙක් චුවාන් ගන්, එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ සෞභාග්‍ය අංශයේ ප්‍රධානී (FCDO) ඇන්ඩෲ ප්‍රයිස් මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නරක කාලගුණය ලංකාවේ ඩොලර් බිලියන ගානක් කා දමයි
Prabha Wednesday, 14 December 2022 06:30 PM
රටේ සල්ලි හොරාකාලා ලෝකෙන් හිඟාකන්න අලුත් ප්ලෑන් ගහනවා.
Bamunuaracchi Wednesday, 14 December 2022 08:05 PM
ලංකාවට ඩොලර් එන්නේ නැත්තේ දේශගුණික ප්‍රශ්නේ හින්දා නොවේ. එවන ඩොලර් ඔක්කෝම හොරාකන නිසා. නිකං මිනිස්සුන්ට බොරු බේගල් කියන්න එපා. නුඹලාට මේක කරන්න බෑ. ඉක්මනට ඡන්දයක් තියන්න. එතකොට ඩොලර් මේ රටට ලැබෙනවා.
chandima Thursday, 15 December 2022 07:29 AM
ඔය කියන විදිහට සුද්දන් සල්ලි දෙයිද? අන්තිමේ අතේ තියෙන තුට්ටු දෙකටත් කෙළවෙනවා. අර වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව හදන්න හොද ඵලදාව තියෙන පොල්ගස් ටික බිමට සමතලා කළා වගේ...
Bamunuarachchi Sunday, 18 December 2022 06:03 AM
අම්මපා ඇත්තද?