(ඉන්දිකා රාමනායක)
කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පැනගොස් බීමතින් මාර්ගයේ වැටී සිටියදී සොයාගත් පොලිස් කොස්තාපල්වරයා වැඩ තහනමට ලක් කර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ සේවය අත්හිටුවීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මොහු දැනට නිරෝධායන ක්‍රියාවලියේ නිරත වන බවත් එම නිරෝධායන කටයුතු අවසන් වූ පසු නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරන බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් ඉදිරියේ ඔහුට නිරෝධායන නීතිය හා දණ්ඩ නීති සංග්‍රහයට යටතේ නඩු පවරන බවද අජිත් රෝහණ මහතා කීය.
90,000 ක් සිටින පොලිස් දෙපාර්තමේන්තුවේ ඉන් එක් සාමාජිකයකු මේ ආකාරයෙන් කටයුතු කිරීම අනුමත නොකරන බවද හෙතෙම කීය. මෙම පොලිස් කොස්තාපල්වරයා මිනුවන්ගොඩ පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් රියදුරෙකි.
ආපනශාලාවේ කොරෝනා ආසාදිතයකු හමුවීමත් සමඟ මිනුවන්ගොඩ පොලිසියේ 85 දෙනෙක් නිරෝධානයට යොමු කර සිටියදී සැකකාර කොස්තාපල් ඉන් පැනගොස් ත්‍රිරෝද රථයකින් කළුතර නගරයට පැමිණ මත්පැන් පානය කර නිවසක් අසළ වැටී සිටියදී ඉකුත් (9) සොයාගෙන තිබිණි.
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිරෝධායනයෙන් පැන ගිය කොස්තාපල් බීලා පාරේ වැටිලා
Prabha Monday, 12 October 2020 01:04 PM
ඇල්කොහොල්වලින් කොරෝනා හොඳවෙනවා කියලා කියනවනේ. පොඩි ටෙස්ට් එකක් කරලා බලන්න ඇති.