IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


නිරෝධායන කාලය නැවත දින 14ක් වෙයි

(යොහාන් භාසුර)

විදේශවල සිට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධානය කාලය නැවතත් දින 14 ක් දක්වා දීර්ඝ කරන්නේ යැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (23) පැවති මාදය හමුවක් අමතමිනි. යුද හමුදාපතිවරයා ඒ පිළිබඳව මෙසේ ද පැවසීය

“අද දිනයේදීත් විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් 1100 ක් පමණ පැමිණීමට නියමිතයි. විදේශවල සිට එන අයගෙන් වැඩි සංඛ්‍යාවක් රෝගීන් ලෙස හදුනාගන්නවා. විදේශවල සිට ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම පිළිබඳව ඇතැමුන් අපිට දොස් කියනවා. නමුත් අපි එය නවතා නෑ.

විදේශවල සිට එන අයගේ නිරෝධායන කාලය දින හත් දහයක් අතරට අඩු කරලා තිබුණා. මේ තත්වය යටතේ නැවතත් නිරෝධායන කාලය දින 14 දක්වා වැඩි කරනවා. සෞඛ්‍ය නිලධාරීන් එය නිවේදනය කරයි”

 



අදහස් (15)

නිරෝධායන කාලය නැවත දින 14ක් වෙයි

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 24 April 2021 03:43 AM

සාමාන්‍යයෙන් දින 14ක් තමයි කාලය. ඒත්, එය තමන්ට ඕනෑ විදිහට දින 7ක් දක්වා අඩුකළා. එතකොට නිදහස් ලෙස සමාජයේ සිටිනා දින 14ක් සම්පූර්ණ නොවූ අය රෝග වාහකයන් වෙන්නට පුළුවන් බව සිතීමට දේශපාලකයන්ට හා ඒ අයගේ කීකරු ගෝලයන්ට වැටහෙන්නේ නැහැ. ඒත්, ඕවායින් කොරෝනා මෙල්ල වෙන්නේ නැහැ. නැවතත්, දින 14ක් කරපු එක හොඳයි. දින 14 කාලය නැවතත් පටු වාසි බලාගෙන අඩු කරන්න එපා. ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන්න එපා...

:       190       36

ලලිත් Sunday, 25 April 2021 10:40 AM

ඩුබායි වල හැදෙන අයත් කොරන්ටයින් දවස් දහයයි මෙහේ කියන්නේ හැදුණු කෙනාගෙන් දවස් හතකට පස්සේ අනිත් අයට බෝ වෙන්නේ නැහැ කියලා හැදිලා හොද වෙලා දවස් දහයෙන් කොරන්ටයින් ඉවර කලාම ආපහු පීසීආර් එකක් වත් කරන්නේ නැහැ මේක කාලකණ්ණි හම්බ කරන් කන කරමයක් මිස වෙන දෙයක් නෙවෙයි

:       0       0

mihira Saturday, 24 April 2021 05:21 AM

බොරු බිල්ලෝ මවලා ගජ මිතුරන්ට සළකන්න හදන්න යන්නේ ඔය

:       0       0

mihira Saturday, 24 April 2021 07:20 AM

හමුදාපති කියනවා රටින් එන ⁣වැඩිදෙනෙක් රෝගින් ලෙස වාර්තා වෙනවා කියලා එහෙම වෙන්නේ කොහොමද? එන අය පැය 72කට කලින් පී.සී.ආර්. බලලා එන්නේ නෙගටිව් අය.. එ⁣න්නේ එ් එන අය ලංකාවට...

:       0       23

Senevi Saturday, 24 April 2021 07:49 AM

අතීසාරේ හැදුණාම අමුඩ ගහලා වැඩක් වෙන්නේ නැහැ මහත්තයෝ.. ඕකෙනුත් සෙතක් වෙනවා නම් වෙන්නේ මාමණ්ඩියගේ හෝටල් ව්‍යාපාරයටම තමයි...

:       2       125

vikum Saturday, 24 April 2021 07:53 AM

බිස්නස්... ඕවා අපිට ආදරෙන් කරන දේවල් නොවෙයි, ඕවා ඔක්කොම ගේම්, අපිට ආදරේ නම් ගේන්න පුලුවන්නේ කොරොනා වලට තියෙන එන්නත්, ඔහොම යමුකෝ වැඩි ආයුෂ නොමැත. දුර්දාන්ත පාලකයින්ට මොන පක්ෂ දේශපාලනය කරත්..

:       3       169

මමSaturday, 24 April 2021 10:19 AM

ඔය කෑගැහිල්ල කරන අතරේ ලෝකයේ අනෙකුත් රටවලුත් කොරෝනා රැල්ලට හසු වී කරන දේවල් බලන්න. ඔබ හට පාලනය කරන කාලෙක මොකක්ද කරන්නේ?

:       12       4

vikumSaturday, 24 April 2021 02:55 PM

මේ අදහස ලියූ මම පිරටක සිටිමි.. දැනට කොරොනා එන්නත් මාතෘදැක්ම ලබාගෙන ඇත... කොරොනා මර්දනය පිළිබඳව ඉතාම හොඳට දනිමි.. මේ රටේ පවතින වැඩ පිළිවෙල ඉතාමත් සාර්ථකයි. අවුරුදු එකහමාරකට සමස්ථ රෝගින්ගේ ප්‍රමාණය 11500... නමුත් ලංකාවේ දැන් කොරොනා යනු දේශපාලනයකි.. එක මිනිස්සු සූරාකන ව්‍යාපාරයකි.. බුද්ධිමත්ව විමසුවාට එ්ක ඉතාමත් පැහැදිලිය. අනික සුනාමියෙනුත් ගසාකාපු පාලකයන් ඉන්න රටක ඕවා අලුත් ප්‍රොජෙක්ට් නෙවෙයි, නමුත් රටේ පුරවැසියන් පිළිබඳව වගකීමක් කුමන ආණ්ඩුවක් ආවත් තිබිය යුතුයි..

:       0       17

Namal Saturday, 24 April 2021 10:50 AM

හෝටල් කාරයින් පොහොසත් කරන්න අහිංසක මිනිසුන්ගේ දුක්මහන්සියෙන් හම්බකරපු සල්ලි කන්න හොඳ නැහැ. අවුරුදු කාලේ පරිස්සම් වෙන්නේ නැතුව දැන් දඟලන්නේ...

:       0       145

Nandana Saturday, 24 April 2021 12:09 PM

අවුරුදු වලට සංචරණ සීමා දැම්මා නම් හෝටල් කාරයින්ට නිරෝධායන අදාළ නැහැ.

:       0       17

muthunamage Saturday, 24 April 2021 01:08 PM

මොන සතුටක්ද? නිරෝධායන දෙවියන් හොම්බට ඇන ඇනම වස්තුව දෙනවා. ධන යෝගයක්. දැන් ඉතින් මැදපෙරදිග හිරවෙලා ඉන්න අහිංසකයින් තොගගණන් ගෙනැල්ලා ඔවුන්ගෙන් මදි නොකියන්න ගසාකයි. අවුරුදු ගණනක් යුද්ධ කරලා දෙමළ මිනිස්සුන්ගෙන් හොරා කාපු රත්තරන් වලට වඩා මුදලක් අවුරුද්දකින් කොරෝනා දෙයියා දුන්නා...

:       0       21

S p perera Saturday, 24 April 2021 02:19 PM

මෙවර රජයට එකම ගැලවීම කොරෝනා ව්‍යාප්තියක් පමණමයි. ඒ අතරේම පිටරට මිනිස්සුන්ගේ බෙල්ල මිරිකලා හරි ගජ මිතුරන්වත් පොහොසත් කරනවා.

:       1       20

එරා Sunday, 25 April 2021 03:54 AM

බල්ලගෙ වැඩේ බූරුවට දුන්නම වෙන දේ අපට දැන්වත් තේරේවි ද ?

:       1       1

ruwan Sunday, 25 April 2021 06:08 AM

දන්න කෙනෙක් හරියටම කියනවාද ඒන්නත ගැහැව්ව අයටත්් 14 ක් නිරෝධායනය වෙන්න ඔනද කියලා හමුදාපති තුමා කියන්නේ දවස් 7 ක් වැඩිකර 14 කියලා විතරයි කලින් එන්නත ගැහැව්වා අයට 1 දවසයි තිබුණා.

:       0       0

fairoos Sunday, 25 April 2021 07:07 AM

මෙහෙමත් කොරෝනා නිසා ඇදගෙන නානවා

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

පෙට්‍රල් නැව් 5ක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි
2024 නොවැම්බර් මස 06 27 0

2024-12-01 දින සිට 2025-05-31 දින දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Uni නැව් තොග 5ක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


චන්ද්‍රිකාගේ ආරක්ෂාව ඉවත් කර නෑ
2024 නොවැම්බර් මස 06 52 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂාව ඉවත් කර හෝ අඩු කර නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 නොවැම්බර් මස 06 47 0

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා නිලධාරියකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රටේ සහල් හා වී තොග පිළිබඳ වාර්තාව අද සවස ජනපතිට
2024 නොවැම්බර් මස 06 39 0

දැනට රට තුළ පවතින සහල් හා වී තොග පිළිබඳව සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (6) පස්වරුවේ භාර දෙන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යං


ජාවාරම්කරුවකුගේ කෝටි 10 ක දේපළ තහනම්
2024 නොවැම්බර් මස 06 262 0

අතුරුගිරිය ටැටූ කලාගාරය තුළදී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයේ සැලසුම් කරුවෙකු ලෙස හඳුනාගෙන සිටින විදේශගත මහා පරිමාණ මත


අලුත් අවුරුද්දේ පාසල් නිල ඇඳුම් ඔක්කොම චීනයෙන්
2024 නොවැම්බර් මස 06 66 0

2025 වර්ෂය සඳහා මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානයක් ලෙස ලබා දෙන පාසල් නිල ඇඳුම් රෙදි, පාසල් හා පිරිවෙන් සිසුන් වෙත බෙදා හැරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 16 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 424 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1335 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site