(අංජුල මහික වීරරත්න)
ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කොට මතු පරපුරට දායාද කිරීමටත් ජාත්‍යන්තරයේ ව්‍යප්ත කිරීමටත් උපරිම රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “සිංහල ධම්මසඞගණීප්පකරණ” ග්‍රන්ථය එළිදැක්වී සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයේදී ය.
බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් පත්කරන ලද සංක්ෂිප්ත ත්‍රිපිටක ග්රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සම්පාදිත 28 වන ග්‍රන්ථය ලෙස "සිංහල ධම්මසඞගණීප්පකරණ" ග්‍රන්ථය එළිදැක්විණි.
මෙය ග්රන්ථ 07කින් සමන්විත වු අභිධර්ම පිටකයේ පළමු ග්‍රන්ථයයි.
එහි පළමු පිටපත බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
එසේම මීට පෙර එළිදක්වා ඇති මජ්ඣිම නිකාය 3, සංයුක්ත නිකාය 1, අංගුත්තර නිකාය 3, ඛුද්දක නිකාය 1, ජාතක පාලි 1 යන ග්රන්ථ 05 ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිර්මල බුදු දහම ලොවට බෙදන්න රාජ්‍ය අනුග්‍රහය
පිටිගල මිලානෝ Friday, 10 February 2023 01:29 PM
ථේරවාදී බුදුදහම තියෙනවා යැයි කියන අපේ රට සහ සංඝයා උදාහරණයකට දුන්නා නම් ජාත්‍යන්තරයේ ඔක්කොම පැනලා වැළඳගනියි..
බද්රානිSaturday, 11 February 2023 03:34 AM
පිටිගල මිලානෝ, දැන් තොත්ත බබෙක් වගෙයි නේද මෙතැන හැසිරෙන්නේ? කරන්න තියන කෙලි ඔක්කොම කරලා, සමාජයට වෛරය වපුරලා දැන් බබා පාට් එකනේ මෙතන රඟන්නේ.. මොකද ඇඟේ ලොම් හැලිලාද? ඇයි දැන් ඉස්සර වගේ අන්‍ය ආගමිකයින්ට ඒ අයගේ ලංකාවේ ජීවත්වෙන ගම හෝ නගරය අනුව අපහාස නොකරන්නේ? කෝ "ලෙක්කෝ ගලබඩ, නන්දන පනාගොඩ මිලානෝ, ඒ අයට මළපහ වෙන තත්වයක් ඇතිවෙලා වද්ද? අනුන්ගේ සරණින් ඉතාලියේ මිලානෝවලට පය ගහපු උඹලා මොන නාඩගම නැටුවත් තවමත් හිඟන්නෝ නේද? තවමත් පිනටද කන්නේ? මම නම් හිතන්නේ ඔය වාසනාවන්ත භූමියේ ඔබලා වගේ අයට නම් කවදාවත් පින්බිමක් වෙන එකක් නැහැ. ඉතාලි ජනතාවට පව් නොදී දැන්වත් ඔය කඩමළු, වැරහැලි ටික රැගෙන ලංකාවට යන්න! නැත්නම්, නුඹලාව මුලිච්චි වුනොත්, ලංකාවේ එවුන්ට විතරම් නෙමේ, ඉතාලි ජාතිකයින්ටවත් වගේ වගතුවක් වෙන එකක් නැහැ!!!
rangana Friday, 10 February 2023 01:39 PM
ලංකාවේ නිර්මල බුදු දහමක් නෑ...!
සෙනෙවිරත්න Friday, 10 February 2023 02:12 PM
මෙතුමාට කරන්න ඕනෑ වෙලාවට කරන්න ඕනෑ ඒවා අමතක වෙන ලෙඩක් හැදිලා...!
සෙනෙවිරත්න Friday, 10 February 2023 02:13 PM
ලංකාවේ ධර්මය නම් ලෝකෙට යවන්නේ, දෙපාරක් හිතන්න...
pakeer Friday, 10 February 2023 02:32 PM
ලංකාවේ නම් නිර්මල බුදුදහමක් නැහැ. මෙහෙ තියෙන්නේ බඩගෝස්තර දහමක්...
බද්රානි Friday, 10 February 2023 03:07 PM
ජාත්‍යන්තරයට උතුම් බුදු දහම රැගෙන ගියේ දලයි ලාමා හිමියන් බව ලෝකයම දන්නවා. උන්වහන්සේ බටහිර යුරෝපයට මෙන්ම ඇමරිකාව ඇතුළු රටවල් වලට හඳුන්වා දුන් ඒ නිර්මල බුදු දහම විදේශිකයින් බොහෝ දෙනෙක් ආදරයෙන් වැළඳ ගත්තා. ඒ අතර ලංකාවෙන් විදේශ රටවලට ගොස් ලංකාවේ බෞද්ධයින්ට පමණක් බුදු බණ දෙසන ඇතැම් චීවරධාරීන්, ඒ රටවල වෙසෙන ලාංකික ජනතාව, ආගම් හා ජාති අනුව බේද බින්න කළා මිස වෙනත් කාර්යයක් සිදු නොකළ බව විදේශ රටවල ජීවත් වෙන අය දන්නවා. නූතන තලෙයිබාන් වර්ගයේ පූජකයින් ගැනත්, විදේශිකයින්ට හොඳ අවබෝධයක් තියනවා. කරුණාකර දලයි ලාමා හිමියන් ඉතාම අසීරුවෙන් කළ ඒ උතුම් ක්‍රියාවට නිගා නොදී, දේශපාලකයින්ට වන්දිභට්ටකම් කරගෙන, සැප වාහනයකුත් ලබාගෙන කරන දේශපාලනයක් කරගෙන ලෝකෙට පව් නොදී, ලංකාවට වෙලා සැපට ජීවත් වෙන්න.
ලේක්කෝ ගලබඩ Friday, 10 February 2023 04:01 PM
බුද්ධ රත්නයේ ආනුභාවයෙන් ධර්මරත්නය, අපේ රටේ සංඝරත්නයෙන් ආරක්ෂා වෙත්වා...!
siri Friday, 10 February 2023 04:12 PM
ලෝකෙට බෙදන්න කලින් ලංකාවේ දැන් ක්‍රියාත්මක බුදුදහම කියලා කියන දේ "නිර්මල" කරන්න වැඩ කළොත් නරකද? වැඩිය ඕනෑ නෑ. සල්ලිකාර පන්සල් දෙකතුනක වෙන දේවල් හොයලා බැලුවොත් පෙනෙයි අපේ රටේ බුදු දහමේ නිර්මලකමේ තරම.
දමයන්ති Friday, 10 February 2023 04:14 PM
අන්න හොදයි. පිටරට අයටත් කඨින උත්සව ලොකුවට තියන්න පුළුවන්. අද කාලේ කඨින කියන්නේ සල්ලී…..
සමිත සේනක අලුත්ගමගේ. Friday, 10 February 2023 04:16 PM
ඔන්න දළදා මාලිගාවේ රත්රන් විකුණලා රුපියල් කෝටි 50ක් හිටපු ජනපති කෙනෙකු අරන්ගියා යැයි පැවසෙන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙනවා. කරුණාකර මෙහි සත්‍ය අසත්‍ය බව සොයා බලන්න...
ලලන්ති-මිලාන් Friday, 10 February 2023 04:34 PM
මිලාන් නගරයේ ජීවත් වන අප ගැන අප්‍රමාණ කරුණාබරිතව අපවම සසරින් එතෙර කරවන්න සාදුලා ලංකාවේ සිට මෙහි පැමිණ පන්සල් කීපයක්ම ඇරගෙන ඉන්නවා. එක් පන්සලක්වත් මෙහි නොතිබුණු කාලේ සමගියෙන් සිටි ලාංකික සමාජය පන්සල් නිසා බෙදී වෙන්වෙලා. සමහරුන් බද්ධ වෛරයෙන් පෙලෙනවා. ලන්ඩන්, පැරිසිය, රෝමය මේ හැමතැනම තත්වේ මේකයි. එක්තරා පන්සලක දායක සභාවේ ඉන්නේ නම් දරාපු ස්ත්‍රී ලෝලියෙක් සහ පාතාලයින්.
නිල්මිණි Friday, 10 February 2023 04:40 PM
අපේ සාදුලාට ජාත්‍යන්තරයට යන්න කියන්න ඉර්දියෙන්. මහජන මුදල් ගුවන් ටිකට් වලට එහෙම දානේ දෙන්න ලෑස්ති වෙන්න එපා...!
සාගරිකා-ලංඩන් Friday, 10 February 2023 04:53 PM
ඔය ජාත්‍යන්තරේට යන්න පොරකන අයට කියන්න සෝමාලියාව, ඇන්ගෝලාව, කොංගෝ රට, වෙනිසියුලාව වැනි රටවල අන්ත පීඩිතයින්ව සසරින් එතෙර කරවන්න ඒ රටවලට යන්න කියලා. එන්නෙම එංගලන්තේ, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල ඉන්න ලාංකිකයන් එතෙර කරන්නමයි. මේ අය එතෙර කරවනවා කියලා කරේ සමාජය බෙදලා වෛරක්කාරයින් කරපු එකයි. ලන්ඩනයේයි, පැරිසියේයි, මිලාන්වලයි පිංවත්තු සසරින් එතෙරවන්න මරාගන්නවා...
senakaFriday, 10 February 2023 05:45 PM
විදේශ රටවල පිහිටුවා තිබෙන ලංකාවේ භික්ෂූන් සිටින සෑම පන්සලකම ඔවුන්ගේ ප්‍රධානතම කාර්යය ලංකාවේ දේශපාලන ටෙලි ඩ්‍රාමා සහ වෙනත් සංගීත බැලීම් වැඩසටහන් බව නිතරම පන්සල් වෙත යන්නා වූ බෞද්ධයින් කියා සිටියි.
සමනලී Friday, 10 February 2023 08:14 PM
ජාත්‍යන්තරයට ගිය අපේ සාදු කෙනෙක් මුව දඩයමේ යන පුටින්ට කියයි “ පුටින්… පුටින්… ඔය මුවා හැරෙන්න තවත් මුවෝ රුසියාවේ සිටීද” කියලා...
බද්රානි Friday, 10 February 2023 08:51 PM
බුදුන් වදාළ සද්ධර්මය ප්රත්යක්ෂ කර ගත් සැබෑ බෞද්ධයින් ලොව නන් දෙස සිටීම ගැන සතුටුයි. පලකොට තිබෙන අදහස් දැක්කාම ඒ බව පැහැදිලියි. මීට දශක ගණනාවකට පෙර විදේශ රටවලදී ඉතාම එකමුතුකමින් සිටි කතෝලික හා බෞද්ධ ජනතාව බෙදා වෙන්කළා මදිවාට, බෞද්ධයින්වත් කොටවා භේද භින්න කළා.. ලංකාවෙන් ඒ රටවලට පැමිණි චීවරධාරීන්... මෛත්‍රිය වෙනුවට, වෛරය වපුරා ඔවුන්ගේ පැවැත්ම තහවුරු කර ගත්තා මිස, ලාංකික සමාජයට නම් කිසිම සෙතක් සිදුකොට නැහැ. නිරපරාදේ ඒ රටවල මුදල් මේ පින්ගුත්තරයින් වෙනුවෙන් නහස්ති කරන වෙලාවේ, ලංකාවේ දිළිඳු බෞද්ධයින් වෙනුවෙන් පරිත්‍යාග කරන වැඩ පිළිවෙලක් සලසා ගත්තොත්, අපේ මේ අසරණ බෞද්ධයින්ව මේ හිඟනකමින් මුදා ගත හැකියි. නිකමට හිතන්න අනෙකුත් ආගමික ආයතනවලින් ඔවුන්ගේ අනුගාමිකයින්ට බොහෝ සෙයින් උදව් උපකාර කරනවා. ඒත්, බෞද්ධ අපි, මෝඩයින් ලෙස තක්කඩි රැලක් පෝෂණය කරමින් පව් ගෙවනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි..!
චන්දන Saturday, 11 February 2023 02:13 PM
මන්නාරමේ තිබෙනවා මාතොට විහාරය. ඒකෙ සෑහෙන බිම් ප්‍රමාණයක් දැනටමත් පල්ලිය සහ කෝවිලට අල්ලාගෙන... දැන්වත් මේ විහාරයට ඔප්පු නිරවුල් කරදී සුරක්ෂිත කරනවද?
gamageSaturday, 11 February 2023 11:19 PM
ඔය ඔක්කොම කඩලා බිඳලා දාලා, එතැන ක්‍රීඩා පිටියක් හදන්න...