IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


නිර්වින්දන වෙදා පැදුරටත් නොකියා රට පැනලා

(සනත් ගමගේ)

හම්බන්තොට මහ රෝහලේ සිටි එකම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා  හොර රහසේම විදෙස් ගත වි ඇතැයි හම්බන්තොට මහ රෝහලෙ වෛද්‍යවරු කියති.

දින කිහිපයකට කෙටි නිවාඩුවක් ලබා ගන්නා බව කියමින් නිර්වින්දන වෛද්‍යවරයා  රෝහලෙන් පිටව ගොස් සිටි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා (12) උදෑසන මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනකුට දුරකථන කෙටි පණිවිඩ මගින් එංගලන්තයට ගිය බව දැනුම් දි ඇත. 

මෙම කෙටි පනිවිඩ දැකීමෙන් මහත් කලබලයට පත් වු රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සහ සෙසු වෛද්‍යවරුන් රෝහල ඉදිරියට දුවන්නේ කෙසේදැයි එකිනෙකාගෙන් ප්‍රශ්න කරගන්නට විය.

දැඩි සත්කාර දෙකක ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් හා සඳුදා දිනයේ සිට විවිධ සැත්කම් කිරිමට පොරොත්තු ලේඛන සකස් කර ඇති අනිකුත් විශේෂඥ වෛද්‍යවරුන්ට සිය සැත්කම් කිරිමට අනිවාර්යෙන්ම නිර් වින්දක විශේෂඥ වෛද්‍යවරයා සිටිය යුුතුය. හෙයින් අදාළ සැත්කම් එම රෝගින්ට කරන්නෙ කෙසේ දැයි කියා සිතා ගන්න වත් බැරි තත්ත්වයක පසුවෙන බව හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු සඳහන් කරති.

මේ සම්බන්දයෙන් හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුරංඟ උබේසේකර මහතාගෙන් විමසීමේ දී මෙසේ කීය.

මහ රෝහලේ සිටි එකම නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරයා දින කිහිපයක  නිවාඩුවක් ලබාගෙන තියෙනවා.  එම විශේෂඥ වෛද්‍යවරයා විදෙස් ගත වී ඇති බව රෝහලේ දි ආරංචි වුණා. 

එසේ නොමැතිව නිත්‍යානුකූලව විදෙස් ගතවීමක් ගැන ලිඛිතව තමාට දැනුම් දි නැහැ. නිර් වින්දන විශේෂඥ වෛද්‍යවරයකු හදිසියේ ‍රෝහලකට සොයා ගන්නේ කෙසේද යන්න තමා බරපතල ගැටළුවකට මුහුණ පා සිටිනවා.



අදහස් (56)

නිර්වින්දන වෙදා පැදුරටත් නොකියා රට පැනලා

ajith Saturday, 12 August 2023 04:27 PM

රෝගීන් නිර්වින්දනය කිරීමට භාෂාව ප්‍රශ්නයක් නොවන බැවින්, මෙවැනි අවස්ථාවලදී SAARC රටවල විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබාගත යුතුයි...

:       66       66

නයොමිSaturday, 12 August 2023 08:12 PM

මේ සොච්චම් පඩියකට වෙන රටවල විශේෂ වෛද්‍යවරු තියා නිකන් වෛද්‍යවරයෙක් වත් එන්නේ නැහැ. ඒක අපේ රටේ මිනිසුන් තේරුම් ගන්න කොට පරක්කු වැඩියි. දොස්තරලාට තව බනින්න... ඉතුරු ටිකටත් ‍රට එපා වෙන්න...

:       43       175

SENASaturday, 12 August 2023 09:08 PM

විදෙස්ගත වෙනවා නම් නිදහස් අධ්‍යාපනයට රජය වියදම් කළ මුදල් නැවත රජයට ගෙවා යන්න... එසේ නොමැති නම් මහජන මුදලින් අධ්‍යාපනය ලබාගත්තේ නම් රටට සේවය කර ණය ගෙවන්න..

:       2       7

SamanSunday, 13 August 2023 12:43 AM

ඔක්කොම බුද්ධිමතුන්ට උපාධි දීලා තියෙන්නේ නොමිලේ. රටේ ඉන්න දක්ෂ දරුවන්ට නොමිලේ අධ්‍යාපනය දීලා ඒ අයව දොස්තරලා කරන්නේ රටට සේවයක් ගන්න. මේ අය රට දාලා යන්න ගොඩක්ම හේතුව දේශපාලකයින්ගේ හොරා කෑම සහ ඔවුන්ගේම ක්ෂේත්‍රයේ ඉහළ නිලතල වල ඉන්න අය හොරා කාලා සෞඛ්‍ය ක්ෂේත්‍රයට කරලා තියෙන හානිය... මෙච්චර විනාශ වුණු රටේ පාලකයින් තවමත් රට හදන ක්‍රමයක් හිතන බවක් පෙනෙන්න නැති කමත්, ආනාගතය ගැන ඔවුන්ට තියෙන අවිනිශ්චිත බවත් ඔක්කොම එකතු වෙලා. මේ කාලකන්නි හොරු ටික පන්නපු දාට මේ රට හදාගන්න පුළුවන් වෙයි. ඒකට තව ලොකු කාලයක් යන්නේ නැහැ නයෝමිට කියන්න තියෙන්නේ මේ රටේ දොස්තර වරුන්ට හොඳ පඩියක් ලැබුන, වාහන පර්මිට් ලබුන, ඔවුන්ට ඉන්න හොඳ ජීවන මට්ටමක් තිබුණා. ඒ තත්වය නැති වුනේ රටේ ආර්ථික අවපාතයත් එක්ක, ඒක හැමෝටම බලපාපු දෙයක්. මොනවා වුණත්... මේ රට තරම් ජීවත් වෙන්න හොඳ පරිසරයක් තියෙන රටක් නැතැයි කියලා හිතාගන්න.

:       0       6

HarieshaSunday, 13 August 2023 10:54 AM

මෙහි බොහෝ කමෙන්ට් කර ඇත්තේ කරුණු නොදැන බව පෙනේ. ශ්‍රී ලංකාවේ වෛද්‍ය වැටුප් කලාපීය සම වයසේ මිතුරන් හා සම මට්ටමක පවතී. ඉන්දියාවේ පුද්ගලික රෝහල් නිපුණතාවය/පළපුරුද්ද (පුද්ගලයාගේ තරඟකාරිත්වය) මත පදනම්ව ඔවුන්ගේ පූර්ණ කාලීන වෛද්‍යවරුන් සඳහා සාමාන්‍යයට වඩා වැඩි වැටුප් ගෙවයි. රාජ්‍ය අංශයේ වැටුප් ශ්‍රී ලංකාවට සමාන හෝ සමහර විට ඊටත් වඩා අඩුය. දියුණු රටවල වැටුප් වැඩියි. එය වෛද්‍යවරුන්ට/වෘත්තිකයන්ට පමණක් නොවේ. කම්කරුවන්ට පවා වැඩි වැටුප් ලැබෙනවා. දැනට එක්සත් රාජධානියේ වෛද්‍ය වෘත්තියෙන් වැඩි වැටුප් සඳහා ඉල්ලීම්/වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තිබේ. එක්සත් රාජධානියේ රජය මෙම ඉල්ලීම් අසාධාරණ ලෙස සලකයි. ඉතින් ඒකට විසඳුමක් විදියට දුප්පත් රටවල වෛද්‍ය වෘත්තිකයන් බඳවා ගන්නවා. දුප්පත් රටවලින් එන දොස්තරලා අඩු පඩියට වැඩ කරන්න ලෑස්තියි.

:       0       1

හොබර පාලSaturday, 12 August 2023 08:49 PM

එයි බලං හිටහල්ලා සොච්චං පඩියකට ලංකාවට.

:       17       121

prasadSunday, 13 August 2023 02:08 AM

Ajith.. නොදන්න නිර්වින්දන ගැන කතා නොකර ඉන්න. මේ වැටුපට නිර්වින්දනය කරන්න assist කරන්නවත් වෙන රටවල ඉන්න specialised නොවූ නිකං දොස්තරලා වත් එන්නේ නෑ. පිටරට දොස්තරලාට ඕනෑ විදියට ලංකාවේ ඇවිත් වැඩ කරන්න පුළුවන් නීතියකුත් නෑ අදාල පිළිගත් සුදුසුකම් තිබුණත්...! 

:       0       0

wetotterSunday, 13 August 2023 09:00 PM

ඒ ගැන ඔබ දන්නවා ඇති...

:       0       0

Colombo Citizen Saturday, 12 August 2023 04:36 PM

මේ රට පනින හුඟ දෙනෙක් පහුගිය කාලේ සයිටම් එපා කියලා කෑ ගහපු අය තමයි .

:       85       79

sena Saturday, 12 August 2023 04:57 PM

මේ ආණ්ඩුවට පුළුවන් එක එක දහම් ගැට ගහන්න විතරයි.

:       18       80

krishna Saturday, 12 August 2023 05:05 PM

වගකිමක් නැති මේ වගේ අය...

:       3       3

Buddhika Saturday, 12 August 2023 05:13 PM

එහෙම තමයි වෙන්න ඕනෑ. මේ රටේ කාලකන්නින් දවසක පාඩමක් ඉගෙන ගනී.

:       0       4

beau Saturday, 12 August 2023 05:19 PM

ආත්මාර්ථකාමී පවුකාරයින් වෙද්දු ලෙස වෙස්වලාගෙන ඇත. අසරණ රෝගීන්ට අබ සරණයි.

:       2       3

nimal Saturday, 12 August 2023 05:35 PM

වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය පිටවන සෑම වෛද්‍ය (MD) හෝ ඔස්ටියෝපති වෛද්‍ය (DO) සියල්ලන්ම වසර 15ක් ඔවුන්ගේ සේවය රටට ලබාදිය යුතු බව විශ්ව විද්‍යාලයට ඇතුල් වීමේදී රජය සමග ගිවිසුම් ගතවිය යුතුවේ.. කිසිවකුට වසර 15ක් ඇතුළත රටින් පිටව වෙනත් රටකට යාමට අවශ්‍ය නම් රටට සේවය කළ කාලසීමාව හැර ඉතිරි කාල සීමාව සඳහා රජයට මුදල් ගෙවීමක් කළ යුතුවේ. නිදහස් අධ්‍යාපනය විශ්ව විද්‍යාල අධ්‍යාපනය තෙක් ලබාදී, මහජන මුදලින් විදෙස් පුහුණු අධ්‍යාපනය ලබාදී ඇත. නොමිලයේ අධ්‍යාපනය ලබාදීමෙන් මෙතෙක් ලංකාවට කිසිඳු ප්‍රයෝජනයක් නොමැත. මහජන මුදල් වැයකරමින් අධ්‍යාපනය/ දැනුම ලබාදීමෙන් පසු රටින් පිටවයන්නාවූ සියලු දෙනා ලෝකයේ දියුණු රටවලට දැනුම ලබාදේ... සේවය කරයි.

:       1       6

Nimal Saturday, 12 August 2023 06:16 PM

නාමල් බබාගේ පවුලේ කවුරුවත් නැද්ද? එහෙමනේ අමාත්‍යාංශවල පුරප්පාඩු ඔක්කොම පිරෙව්වා...!

:       0       2

Chi Saturday, 12 August 2023 07:00 PM

වෛද්‍යවරුන්ට නොසලකන, නිසි වැටුපක් හා පහසුකම් නොදෙන රටකට මෙසේ වීම අරුමයක් නොවේ...

:       0       4

Sampath Saturday, 12 August 2023 07:10 PM

බුද්ධිමතුන්ට, උගතුන්ට නොසලකන රටක ඒ මිනිස්සු මෙච්චර කලක් හිටපු එකට සතුටු වෙන්න ඕනෙම කෙනෙකුට තමන්ගේ රස්සාව දාලා යන්න බාධාවක් නෑ. මේ මනුස්සයා කරපු වරදක් නෑ. අනෙක් අයත් පැදුරටත් නොකියා යනකන් උඩ බලන් ඉන්න එකයි තියෙන්නේ.

:       25       254

LallaMonday, 14 August 2023 07:10 AM

ගෙවල් ඉගෙනගන්න දෙන්න. නොමිලේ දෙන අධ්‍යාපනය තම අයිතිවාසිකම පමණක්ම ලෙස හිතන දුර්දාන්ත උගතුන්ට දෙන්න වෙන පිළිතුරක් නෑ. ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බව ඇත්ත...

:       7       13

Jay Saturday, 12 August 2023 08:03 PM

කිසිම වගකීමක් නැති ආත්මාර්ථකාමී මිනිස්සු. ගියාට කමක් නැහැ... හැමෝම මෙහෙන් යන්න බලන්නේ... ඒත් ඒක වගකීමක් ඇතුව කළානම් හරි. මේ දේට වගකියන්න ඕනේමේ ආර්ථික ක්‍රමය සහ අධ්‍යාපන ක්‍රමය. අපේ රටේ රස්සාවක් කරන්න මිනිස්සු හැදුවට ඒ මිනිස්සුන්ට සහකම්පනය කියන දේ උගන්වන්නේ නැහැ. හැබැයි රට බෞද්ධ.

:       8       14

Don Saturday, 12 August 2023 09:30 PM

කණගාටු වෙන්න එපා... රඹුක්වැල්ල බලාගනීවි.

:       0       1

Cge Saturday, 12 August 2023 09:39 PM

වෛද්‍යවරුන්ට නිසි පහසුකම්, නිසි වැටුපක් නොදී නොසලකා හැරීමේ විපාක තමයි මේ... දේශපාළුවන් නම් සිංගප්පූරුවට ගිහින් හරි බෙහෙත් ගනීවි.

:       0       3

JR Saturday, 12 August 2023 09:40 PM

ඇයි එක දේශපාලඥයෙක්වත් රට පනින්නේ නැත්තේ...?

:       0       4

Hewage Saturday, 12 August 2023 10:32 PM

මෙම වෛද්‍යවරයා අද එංගලන්තයට ගිහින් ගොඩක් සතුටු වෙනවා ඇති, ලංකාව අතහැරලා ආපු එක. මෙම පුද්ගලයා ලංකාවේ කොහේ හරි දුප්පත් දෙමව්පියන් දාව ඉපදුන කෙනෙක් වෙන්න ඇති. මෙයා එංගලන්තයේ ඉපදුනා නම් කවදාවත් වෛද්‍යවරයෙක් වෙන්න ලැබෙන්නේ නැහැ. එහිදි මෙයාට ඉගෙන ගනන් දක්ෂතාවය වගේම මුදලුත් තියෙන්න ඕනේ. එංගලන්තයේ ඉපදුනා නම් කොහේ හරි පොඩි රැකියාවක් කරගෙන තමයි ඉන්න වෙන්නේ. අපේ රටේ දුප්පත් මිනිසුන්ගේ මුදල්වලින් ඉගෙන ගෙන තැනකට ආවම මුදල් පස්සේ ආත්මේ පාවා දෙන මේ මිනිස්සුන්ට මුදල් වැඩියෙන් ලැබුණත් ඒකේ පාපේ කවදාහරි ගෙවන්න වෙනවා. නැත්නම් නීතියක් තියෙන්න ඕනේ විදේශ රටකට යනවා නම් ඉගෙන ගන්න වියදම් කළ මුදල් ආපසු ගෙවන්න. tax වැඩි කළා කියලා මෙහෙන් යන්නේ එහේ tax නොගෙවා ඉන්නද? එහෙත් ටැක්ස් මීට වඩා ගෙවන්න වෙනවා. එංගලන්තයේ ඉහළ අධ්‍යාපනය ලබන අවශ්‍ය නම් ඒ රටෙන් එහි ළමයින්ට ණයක් තමයි දෙන්නේ. ඉගෙනගෙන ඉවර වෙලා ගෙවන්න. මෙහේ ඔක්කොම නිකන් ලැබිලා සාක්කුවට සල්ලි වැඩිපුර ලැබෙනකොට හැමදේම අමතකයි. කණගාටුයි.

:       0       9

hesaSunday, 20 August 2023 10:53 AM

දැඩි සත්කාර දෙකක ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත ගැන වගේ වගක් නැති මෙවැනි අධම දුෂ්ඨ මිනිසාට ස්වභාව දහමින් නුදුරේදීම දෙන දඞුවම් ගැන අපි බලා ඉඳිමු...

:       0       6

ව්.වෙද්‍යෙ නාමල් Saturday, 12 August 2023 10:32 PM

නිකන් වෙද මහත්තයෙක් හරි හොයාගන්න බැරිවෙනවා... ඉස්සරහට මේ කාලකන්නි එක්ක ජීවත් වෙන්න බෑ... රටත් කෑවා, මිනිස්සුත් කෑවා...

:       0       3

රංජිත් Saturday, 12 August 2023 11:02 PM

හෙන අපරාධකාරයෙක් වගේනේ... සයිටම් ගැන සමහරු කියනවා... නිදහස් අධ්‍යපනයෙන් ඉගනගත්තු අයත් රටේ ඉන්න බැරුව රට යන එකේ... ලක්ෂ 60ක් දීලා සයිටම් එකෙන් ඉගෙනගත්තු අය මෙහෙ ඉඳීද? නිදහස් අධ්‍යපනයෙන් ඉගෙන ගත්තු අය හින්දා තමයි මේ ටිකවත් රටේ රැඳෙන්නේ...

:       0       1

විජිත් Saturday, 12 August 2023 11:15 PM

ඉතින් නිර්වින්දන, පිළිබඳව මහාචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල ඉන්නේ. එයා තරම් දක්ෂ විදිහට මිනිස්සුන්ව නිර්වින්දනය කරලා ජී.අයි පයිප්ප හොරකම් කරන්න මේ ලෝකයේ කාටවත් බැහැ. මතකයි නේද ජනමාධ්‍ය ලොක්කා වෙලා හිටපු කාලේ කරපු වැඩ.

:       0       1

සුජිත් පල්ලේවත්ත Saturday, 12 August 2023 11:28 PM

ලංකාවේ දොස්තරවරුන්ට ලැබෙන, පඩිනඩි, වරප්‍රසාද මදියි කියලා හිතෙනවා නම් ඒ අය පොදු මහජනතාවගේ බදු මුදල්වලින් දොස්තර කෙනෙක් වෙන්නට කලින් හොඳට හිතලා බලන්න ඕනෑ.. පොදු ජනතාවගේ බදු මුදල්වලින් දොස්තර කෙනෙක් වුණාට පස්සේ මෙවැනි දේවල් කිරීම පිළිකුල්...

:       0       5

shantha Sunday, 13 August 2023 01:12 AM

ජාතියේ පියා, හම්බන්තොට දේවතාවෝ, රාජපක්ෂ පරම්පරාවට කෙටි පණිවිඩයකින් කියන්න ...

:       0       2

saman Sunday, 13 August 2023 01:18 AM

ඉගෙන ගන්නා කාලයේදී සොච්චමක්වත් නොගෙවා ඉඳලා, දැන් ලැබෙන පඩිය සොච්චම්ලු...

:       0       1

Chandima Sunday, 13 August 2023 04:45 AM

සමහර වෙලාවට විශේෂඥ විභාගේ පාස්වෙන්න ඇත්තෙත් මහජන මුදලින්මද දන්නේ නැහැ...?

:       0       3

lakshman Jayasinghe Sunday, 13 August 2023 05:35 AM

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන එහෙම කරන එක හොඳද?

:       0       1

Upali hettiarachchi Sunday, 13 August 2023 06:10 AM

රටේ ජනාධිපති ධුරය දරමින් සිටි පුද්ගලයත් රට පැන්න එකේ ඔය නිර්වින්දන වෙදා පැන්න එක මොන කෙංගෙඩියක්ද අප්පා...?

:       0       1

Nuwan Sunday, 13 August 2023 06:13 AM

වෙදුන් රට හැර යනවා තමයි. මෙහෙම පැදුරටත් නොකියා යන්න හේතුවක් නෑ. අනික මේ පුද්ගලයා මේ තරම් වගකීම් විරහිත නම් වෘත්තිකයෙක් වශයෙන් ඉතාමත් නූගත් කියලයි පේන්නේ... මෙතැන කොස්සක් තියෙනවා...

:       0       3

ඉරාන් Sunday, 13 August 2023 07:14 AM

හැබැයි පැදුරට කියලා යන්න තිබ්බා...!

:       0       1

suresh Sunday, 13 August 2023 07:19 AM

මමත් ඕස්ට්‍රේලියාවේ ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙක්. මෙහෙදී වෛද්‍ය විද්‍යාලවල ඉගෙන ගනිද්දී විශාල මුදලක් ගෙවන්න වෙනවා. අපේ රටේ වගේ විශ්ව විද්‍යාලවල වගේ නිකන් උගන්වන්නේ නැහැ... ඒ වගේම තමයි වෛද්‍ය වරයෙකුගේ වැටුපෙන් ඉහළ අගයක් බදුලෙස ගෙවන්න වෙනවා. මගේ වැටුපෙන් 35.76% බදු වශයෙන් මම ගෙවනවා. අනික අපි කාර් පාර්ක් එකටත් ගෙවනවා. මෙහෙදී ලංකාවේ වගේ ප්‍රවාහන දීමනා නැහැ. එනිසා ලංකාවේ තත්වය සමග මෙහෙ තත්වය සංසන්දනය කිරීමේදී කරුණු ගොඩක් සලකන්න වෙනවා. ලංකාවේ රජයේ වෛද්‍යවරයෙකුට ලැබෙන විශේෂ වරප්‍රසාද ගැනත් මෙහිදී සලකන්න ඕනෑ. කොහොම වුණත් මුළු සෞඛ්‍ය සේවය සඳහාම විශේෂ වැටුප් ක්‍රමයක් හඳුන්වාදීම ඉතා වැදගත් වෙනවා. හැබැයි දොස්තරලාට උඩින් කපුටෙකුටවත් පියාඹන්න බැහැ කියන දැනට ලංකාවේ දොස්තරලා ඉන්න කුහක මතයෙන් ඔවුන් ඉවත්වෙලා අපිත් සමාජයේ තවත් පිරිසක් පමණක්ය යන මතයට එන්න ඕනෑ.

:       0       10

Dilum Sunday, 13 August 2023 07:29 AM

මේ සොච්චම් පඩියකට වෙන රටවල විශේෂ වෛද්‍යවරු තියා නිකන් වෛද්‍යවරයෙක්වත් එන්නේ නැහැ. ඒක අපේ රටේ මිනිසුන් තේරුම් ගන්න කොට පරක්කු වැඩියි. දොස්තරලාට තව බනින්න... ඉතුරු ටිකටත් ‍රට එපා වෙන්න.

:       1       0

Perera Sunday, 13 August 2023 08:08 AM

වෙන කරන්න දෙයක් නැහැ දැන්... රජකාලේ තිබුණු ආයුර්වේද සැත්කම් ක්‍රමයට වත් යමු...

:       0       1

sam Sunday, 13 August 2023 08:53 AM

බලේ ඉන්න ලකයින් බලේ සිටින්න වලිකනවා මිසක් රට ගැනවත් ජනතාව ගැනවත් අංශු මාත්‍රයක්වත් නොසිතා කටයුතු කිරීම තමයි මේවාට හේතු...!

:       0       2

I.Fernando Fernando Sunday, 13 August 2023 09:06 AM

වෛද්‍යවරුන්ට බදු ගහද්දී ඇමතිලා එක්ක හුරේ දැම්මා නේද? මේ එවායේ ප්‍රතිඵල...!

:       0       2

සනත් බණ්ඩාර Sunday, 13 August 2023 09:14 AM

නිර්වින්දන වෛද්‍යවරුන්ට එංගලන්තයේ රැකියා ඇතිතරම් තියෙනවා. ලංකාවේ ඉන්න නිර්වින්දන වෛද්‍යවරු හැමෝටම යන්න පුරප්පාඩු තියෙනවා.

:       0       1

nishantha Sunday, 13 August 2023 11:25 AM

ඔය නිර්වින්දන වෛද්‍යවරයා පසුගිය කාලේ ඇතිකළ දීමනා වංචා කරලා අසුවුණු කෙනෙක්... රෝහල් අධ්‍යක්ෂ නැවත අයකරගන්න ලියුම් ගහලා තියෙන්නේ... අමු හොර වැඩක්...

:       0       1

HELAYA Sunday, 13 August 2023 11:49 AM

මේ දොස්තර විතරද? පැදුරටත් නොකියා ගියේ? රට කාපු රාජපක්ෂලා... මහ බැංකුව කාපු මහේන්ද්‍රන්... පැදුරට කියලද ගියේ?

:       0       3

සොනාල Sunday, 13 August 2023 12:47 PM

විශේෂඥ වෛද්‍යවරයෙකුට පඩිය ලක්ෂ දෙකයි. කිසිම ප්‍රවාහන පහසුකමක් නෑ. ඒ මදිවට තව බදු ගහනවා. ගොඩක් දුර පළාත්වල වෛද්‍යවරු යන්නෙ බස් වල. AGA ලට, Magistrate ලාට රජයෙන් දෙන පහසුකම් ඊට වඩා සුදුසුකම් තියන සහ ශ්‍රේණියෙන් ඉහළ විශේෂඥ වෛද්‍යවරුන්ට නොදෙන්නේ ඇයි? එහෙම සලකනකම් ඉතින් මෙහෙම දේවල් වෙන එක නවත්තන්න බෑ...

:       1       2

Chaminda Sunday, 13 August 2023 02:03 PM

දින කිහිපයක නිවාඩුවක් ගන්නා බව දැනුම් දීලා තිබියදී, එම නිවාඩුව පිටරටකට යන්න බැරිද? දන්නේ නැති නිසා අහන්නේ....!

:       1       4

kasun Sunday, 13 August 2023 02:48 PM

කාලකන්නි .රටේ සල්ලි වලින් ඉගෙනගන්න පුළුවන් තරම් වර්ජන කරලා පඩි වැඩි කරගෙන කොරෝනා කාලේ රට වහපන් කියලා මර ලතෝනි දීලා දැන් යනවා

:       11       11

සල්ලි Sunday, 13 August 2023 02:53 PM

හමුදාව දාලා කරගන්න බැරිද , අර මහා බහුශ්‍රැත රොකට් මෑන්ට බැරිද ? බය වෙන්න දෙයක් නෑ ලබන අවුරුද්දේ චන්දේ තිබුනාම ඔක්කොම විසදෙයි...

:       1       8

ස්ටැන්ලි Sunday, 13 August 2023 08:08 PM

දන්වලා යන්න තිබුණා... අහිංසක ලෙඩ්ඩු අසරණ වෙනවා...

:       3       10

Anura Sunday, 13 August 2023 09:17 PM

වෘත්තිකයින්ට බදු ගසා රට එපා කරවා බිස්නස් කරන අයට බදු නොගසා රට හදන්න උත්සාහ කරන එකම රට...!

:       3       11

Sam Perera Monday, 14 August 2023 11:43 AM

මැරෙන එකා කොහොමත් මැරෙයි, දොස්තර රස්සාවත් තවත් වැඩක්. ඉතින් මොකක්ද ලොකු වැඩේ?

:       0       5

k චින්තක Monday, 14 August 2023 01:40 PM

නූගත් පාලකයින් යටතේ ඉන්න බුද්ධිමත් මිනිස්සු කැමැති නැහැ...

:       4       12

Nitoshan Monday, 14 August 2023 03:10 PM

ප්‍රශ්නයක් වුණොත් අල්ලගන්නේ දොස්තරලා, ඉතින් ඒ අය කල්පනා කරනවා අනුන්ගේ පරිප්පු ඇයි කන්නේ කියලා..? අද රටේ තත්වය ඕකයි. බාල බෙහෙත් කියලා ජාතියක් නෑ කියලා ඇමැති කියනවනේ...!

:       2       8

Mario Tuesday, 15 August 2023 05:35 AM

දොස්තරලට බැනලා වැඩක් නෑ. දොස්තරලා විතරක් නෙවෙයි, හැම වුර්තිකයෙක්ම රට දාල යන තත්වෙක රට තියෙන්නේ, රටේ මිනිස්සුම වග කියන්න ඕන ඒකෙට. රටේ මිනිස්සුම පත් කරගත් නායකයින් රට තුරන් කනකන් මීක් නැතුව හිටියා. ඉතුරු දොස්තරලා ටිකයි, වැඩක් කරගන්න පුළුවන් මිනිස්සු ටිකයි රටෙන් ගියහම රටට වෙන දේ බලාගන්න පුළුවන්.

:       1       3

Sanjeewa Tuesday, 15 August 2023 02:07 PM

ජීවිතය විදින්න යන්නඇති...හැම වෙලේම නිවින්දනව ඉන්න බෑනේ....

:       0       1

hesa Sunday, 20 August 2023 10:55 AM

දැන් ඉතින් යන්තම් හෝ හොර වෛද්‍ය සහතික ලත් අය පත් වෙන්නේ මෙන්න මේ වෙලාවලටයි.. ඉන් සිදුවෙන්නෙත් උගත්කමක් නොමැතිකමින් වැරැදි බෙහෙත් දීමෙනුත් මරණ ඇතිවෙන එකයි...

:       1       1

Muhammad Nadhir Nadzlee Bin Baharudin Tuesday, 22 August 2023 04:11 AM

පැදුරු කොට්ට අරන් ඉන්නවලු පාලිමන්ට් එකේ හැංගිලා .ළඟදීම සෙට් එකම නිර්වින්ධනය කරාවි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 30 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 84 0

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


රත්නපුර දිසා 3කට නායයාමේ අවදානම් නිවේදන
2024 ඔක්තෝබර් මස 14 65 0

රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත


’’ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි’’
2024 ඔක්තෝබර් මස 14 1420 1

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්


වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 7704 2

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


‘අවුරා ලංකා’ සභාපතිගේ රහස් ප්‍රකාශයේ පිටපතක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 14 1983 0

රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් තමන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් ලබාගෙන තම ධනය කොල්ලකෑ බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව ඔඩියෝ සහ වීඩියෝ සාක්කි ඇ


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 404 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 454 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1414 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site