IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


නොර්වේ ගිය මල්ලවපොර කළමනාකරු ගල් වෙයි

(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)

නොර්වේහි ඔස්ලෝ නුවරදී පැවැති ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ ඩොනල් ඉන්ද්‍රවංශ මහතා එහිදී අතුරුදහන් වී ඇති බව ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර දින ඔහු අතුරුදහන් වී ඇති බවත් එම තරගාවලියට සහභාගි වූ කණ්ඩායමේ සෙසු සියලුම සාමාජිකයන් නැවත ශ්‍රී ලංකාවට පැමිණී බවත් එම නිලධාරියා කීය.

ක්‍රීඩා අමාත්‍යංශයේ මූල්‍ය අනුග්‍රහයෙන් මෙම තරග සංචාරයට සහභාගි වූ ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්දෙනකු ඇතුළු සාමාජිකයන් හත් දෙනකු ඇතුළත්ව සිටි බව කී එම නිලධාරියා එම කණ්ඩායම පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය බව ද සඳහන් කළේය.

ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය මේ මස 2 වැනිදා ආරම්භ විය.

 



අදහස් (18)

නොර්වේ ගිය මල්ලවපොර කළමනාකරු ගල් වෙයි

පිටිගල මිලානෝ Sunday, 10 October 2021 01:36 PM

මිල්ල සොයා චිත්‍රපටිය වගේ...

:       1       19

ajithSunday, 10 October 2021 06:25 PM

1993 වසරේ කැනඩාවේ ලෝක ශූරතා මල්ලවපොර තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ එක පුද්ගලයකු හැර අන් සියලු (11 දෙනෙකු) දෙනාම කැනඩාවේ ගල් වුනි...

:       0       2

සුවාරිස් Sunday, 10 October 2021 01:37 PM

ඇති ඔයින් ගියා... මේ යන විදියට හැමෝම බලන් ඉන්නේ ගල් වෙන්න තමයි කොහෙකොහේ හරි...

:       7       25

Bamunuarachchi Sunday, 10 October 2021 01:41 PM

මේ වගේ පාහරයින් තමයි අපිට ට්‍රාන්සිට් වීසා එකක්වත් ගන්න ඉඩ තියන්නේ නැත්තේ... එහේ ඉන්න දෙමළුන්ට තිබෙන්නේ මෙයාව අල්ලා දෙන්න... මෙයාට ඒවා ඉල්ලන්න බැහැ ආණ්ඩුවෙන් එවපු කෙනෙක් හින්දා..

:       23       10

SISIRASunday, 10 October 2021 04:24 PM

සිංහලයෝ කුහක වුණාට දෙමළ අය එහෙම නැහැ..

:       1       6

BamunuarachchiMonday, 11 October 2021 08:41 AM

කුහක කියන එකේ තේරුම දැනගෙනද කතාකොරන්නේ. කුහකයෝ වෙන්නේ මේවගේ අයගේ හොරවැඩවලට ඉඩ දීමෙන්. ඔබත් ඒ ගනයේ කෙනෙක් වගේ පෙනෙන්නේ. මේවගේ අය නිසා ලංකාවෙන් වෙන රටකට යන කෙනෙකුට කිසිම ජාතිකයෙකුට ට්‍රාන්සිට් වීසා එකක්වත් ලබා ගන්න බැහැ .

:       3       0

Senarath Sunday, 10 October 2021 01:47 PM

අනේ මෙහෙමත් පිංගුත්තරයෙක්... තමුන්ගේ කණ්ඩායමට ආදර්ශයක් වෙන විදිහට හැසිරෙන්න ඕනෑ. පුද්ගලයා අවස්ථාව ආවම රටිනුත් පැනයනවා. රටේ නමත් කාලා..

:       4       15

fairoos Sunday, 10 October 2021 01:58 PM

ඒක හොඳයි... රට දැන් පත්වෙලා තියෙන තත්වෙට...

:       12       11

කමල් Sunday, 10 October 2021 02:04 PM

සමහර විට මෙතුමා ක්‍රීඩා ඇමතිතුමාට අදාල නැති, හැබැයි ඇමැතිතුමාගේ නම කැත කරපු ඥාති අක්කාගේ ස්විස්ටර්ලන්තයේ තියෙන කලු සල්ලි, චිත්‍ර ටිකේ ඇත්ත නැත්ත හොයාගෙන පුළුවන් නම් අරගෙනම එන්න නැවතුණා වෙන්න බැරිද? මම දැකලා තියෙනවා ඔහොම දේවල් ඇමරිකන් චිත්‍රපට වල... මල්ලවපොර කියන්නේ ගහලා අරන් එයි...

:       8       9

ගමේ එකාලා Sunday, 10 October 2021 02:14 PM

අපේ රට යන විදිය දැකලා නෝර්වේ ගිහින් ගල් වුණත් සැපයි කියලා හිතන්න ඇති. ඔය විදියට තව කොච්චර කියලා හිතාගෙන ඉන්නවා ඇත්ද?

:       0       6

Duminda Sunday, 10 October 2021 02:45 PM

ගල්වෙලා... වැඩේ වැරදිලා ගෙදර එන දවස වැඩිදුර නෑ...

:       1       5

Nihal Sunday, 10 October 2021 03:01 PM

ගිහින් ආවානම්...? දෙවනුව බටහිර රටවලට විසිට් වීසා ගැනීම පහසුයිනේ...

:       0       3

Nihal Sunday, 10 October 2021 03:08 PM

යුරෝපයේ මේ දවස්වල රැකියාවක් හොයාගන්න එක කළුනික හොයනවට වඩා අමාරුයි. දහස් ගණනින් මගතොට ඉන්නේ...

:       4       6

මාම Sunday, 10 October 2021 03:16 PM

රට බල්ලට ගියා බල්ලා රට ගියා...

:       1       6

තිත්ත ඇත්ත Sunday, 10 October 2021 03:21 PM

අපායකට එනවාට වඩා දිව්‍ය ලෝකයක ඉන්න කවුද අකමැති ළමයෝ? දුක මේ අනිත් අයත් ඉන්නේ නැතිව ආව එකයි...

:       3       12

Dan Sunday, 10 October 2021 03:55 PM

මේ කට්ටියට ගල් වෙන්න බැරි වෙලා වගේ...

:       1       4

Bandara Sunday, 10 October 2021 04:41 PM

දැන් බහුතරය ඉන්නේ මේ රටෙන් ගල් වෙන්න බලාගෙන තමයි.

:       1       2

Soma dubayi Sunday, 10 October 2021 06:30 PM

අනේ සුදු වෑන් එකකින්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 570 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 3961 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1522 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 632 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3773 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2812 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 318 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site