පෙන්සිල්වේනියා මැතිවරණ රැලියේ වෙඩි ප්‍රහාරයෙන් නූලෙන් බේරුණු එලැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක මෙන්ම හිටපු ජනාධිපතිවරයකු ද වන ඩොනල්ඩ් ට්‍රම්ප් විස්කොන්සින් ජනපදයේ මිල්වෝකී නගරය බලා පැමිණ සිටී.
ඒ, මිල්වෝකි නගරයේ පැවැත්වීමට නියමිත රිපබ්ලිකන් පක්ෂ සමුළුවට සහභාගී වීමටය.
නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රධාන රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙම ට්‍රම්ප් නිල වශයෙන් පිළිගැනීම සිදුවනු ඇත්තේ මෙම රිපබ්ලිකන් පක්ෂ සමුළුවේදීය.
මිල්වෝකි රිපබ්ලිකන් පක්ෂ සමුළුව සැලැසුම් කර තිබුණේ මීට මාස ගණනාවකට පෙර සිටය. රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයන්, පක්ෂ ප්‍රධානීන් සහ ආධාරකරුවන් ඊට සහභාගී වී, ට්‍රම්ප් නිල අපේක්ෂකයා ලෙස නම් කිරීම සිදු කරනු ඇත. බොහෝ දෙනා විශ්වාස කළේ වෙඩි ප්‍රහාරයෙක් දිවි ගලවා ගත් ට්‍රම්ප් මෙම පක්ෂ රැලියට සහභාගී නොවනු ඇති බවය.
පෙන්සිල්වේනියා මැතිවරණ රැලිය අමතමින් සිටි ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාර 8 ක් එල්ල විය. එයින් එක් ප්‍රහාරයකින් ට්‍රම්ප්ගේ දකුණු කන තුවාල විය. එය බරපතළ තත්ත්වයක් නොවුණු බැවින්, රෝහල්ගත කර තුවාලයට බෙහෙත් දැමූ සැණින් ට්‍රම්ප් රෝහලෙන් පිටවී ගිය බව සීක්‍රට් සර්විස් හෙවත් ජනපති ආරක්ෂක අංශය පැහැදිලි කර තිබුණි.
ට්‍රම්ප් සහ ඔහුගේ කණ්ඩායම, ට්‍රම්ප්ගේ පෞද්ගලික ගුවන් යානයෙන් මිල්වෝකි බලා පැමිණියේ අවස්ථාවේ, ට්‍රම්ප් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබා දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත.
කෙසේ නමුත්, ඝාතන තැතකින් දිවි ගලවා ගත්තත් ට්‍රම්ප් වෙනුවෙන් ලබා දෙන ආරක්ෂාවේ වෙනසක් සිදු කර නැති බවත්, අමතර ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බවත් සීක්‍රට් සර්විස් ආරක්ෂක අංශ පැහැදිලි කර ඇත.
පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් ප්‍රාන්තයේ පැවැති මැතිවරණ රැලියේ දී ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් ලබා නොදුන් බවට සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන්ට චෝදනා එල්ල වෙයි. කෙසේ නමුත් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් සිදු කර නැත. තමන්ට කඩිනමින් ආරක්ෂාව ලබා දී, තමන් ආක්ෂා කර ගත් බවට ට්‍රම්ප් ඔහුගේ ආරක්ෂක කණ්ඩායමට, පොලිස් සහ හමුදා නිලධාරීන්ට ප්‍රසංශා කර තිබේ.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, එෆ්.බී.අයි. හෙවත් ඇමෙරිකන් ෆෙඩරල් පරීක්ෂකයන්ට පවසා ඇත්තේ තම ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂාවට තර්ජනයක් සිදුවූයේ කෙසේදැයි යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසය.
(ඒ.එෆ්.පී.)
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නූලෙන් බේරුණු ට්‍රම්ප් යළි මැතිවරණ වේදිකාවේ