(ඉන්දිකා රාමනායක)
පොලිස් නිල ඇඳුමෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වැලිකඩ පොලීසියේ කොස්තාපල්වරයකු අයිස් ග්‍රෑම් 10ක් සමඟ විශේෂ කාර්ය බලකාය බුද්ධි අංශයේ කණ්ඩායමක් විසින් වැලිකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත .
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ නිල ඇඳුමේ සාක්කුවේ මෙම අයිස් තොගය තිබූ බවද බව ද විශේෂ කාර්ය බලකාය පවසයි .
වැලිකඩ පොලිස් වසමේ පොල්වත්ත ප්‍රදේශයේ දී කේරළ ගංජා ග්‍රෑම් 10 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහුගේ ජංගම දුරකථනයට ඉහත කොස්තාපල්වරයා ගෙන් ඇමතුම් ලැබී ඇති බව විශේෂ කාර්ය බලකාය පවසයි.
තමා සතුව අයිස් ග්‍රෑම් 10 ක ප්‍රමාණයක් ඇති බවත් ග්‍රෑම් එකක් රුපියල් 12.000 ක මුදලකට ලබා දිය හැකි බවට කොස්තාපල්වරයා ඉහත සැකකරුට දැනුම් දී ඇති බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
නිලධාරීන් සැකකරු මාර්ගයෙන් සැකකාර කොස්තාපල්වරයා ගෙන් එම අයිස් මත්ද්‍රව්‍ය තොගය ඇනවුම් කර ඇති අතර.ඊයේ පස්වරුවේ කොස්තාපල්වරයා සැකකරු රාජගිරිය ප්‍රදේශයේ හෝටලයකට ගෙන්වා එහිදී මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදී අසල සිටි විශේෂ කාර්ය බලකා බුද්ධි අංශ නිලධාරීන් සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් නිල ඇඳුමෙන් සැරසී රාජකාරි පිස්තෝලයකින් සන්නද්ධව සිට මෙම කොස්තාපල්වරයා අයිස් ජාවාරමේ නිරත වී ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල් 22 ක කාලයක් මේ සේවාව කාලයක් සපුරා ඇති අයකු බව ද විශේෂ කාර්ය බලකාය පවසයි .
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිල ඇඳුමෙන් “අයිස්’’ වික්ක කොස්තාපල් අත්අඩංගුවට