IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


නවකවදය ගැන ආරක්ෂක රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාලයන්හි ෆැසිස්ට්වාදය, අන්තවාදය, තර්ජනය, මැරබලය, පාතාල ක්‍රියාකාරීත්වය තදින්ම  ක්‍රියාත්මක කරන බව රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය.

මේ හේතුවෙන් සමස්ථ විශ්ව විද්‍යල පද්ධතියේ ආචාර්ය, මහාචාර්යවරුන්  මෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව, අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල යන සියළු දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීම සිය වගකීමක් බවද  රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ පළමු වසර සිසුන්ට ඔරලෝසුවක් අත පැළැදීමට නොහැකි බවත් සිසුවියන් චීත්ත ගවුම ඇඳ පැමිණිය යුතු බවත් ඔහු පැවසුවේය.

මේ සභාවේ කිව නොහැකි තවත් දේවල් සිදුවන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා විශ්වවිද්‍යාල පද්ධතියේ නවක වදය බරපතළ තැනකට පැමිණ ඇතැයිද  ප්‍රකාශ කළේය.

සාමය නිදහස , ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ආදිපත්‍ය, ජාතික ආරක්ෂාව නැති තැත වෙන කිසිවක් නොරැඳෙන බවද ඇමතිවරයා පැවසීය.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා  මේ සම්බන්ධයෙන් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු   මෙසේ සඳහන්  කළේය.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙසේද පැවසීය.

ජාතික පුවත්පත් සියල්ලම පාහේ අද මේ සම්බන්ධයෙන් වාර්තාකරලා තිබෙනවා. මේ පීඨාධිපතිතුමා  මේ ගැන පැමිණිල්ලක් කර තිබෙනවා, “ගෝඨා ගෙදර යැවු අපට ඩීන් කජ්ජක්ද“කියලා ඔවුන් තර්ජනය කරලා. මේක බරපතල තත්ත්වයක්.විපක්ෂනායකතුමා මහපොළොවේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස ඉල්ලා සිටිනවා. හැබැයි ශිෂ්‍ය සංගම් විශ්ව විද්‍යාල ඇතුළේ ගෙනියන්නේ ෆැසිස්ට්වාදය, අන්තවාදය, තර්ජනය, මැරකම. පාතාලය.විශ්ව විද්‍යාලයේ පළමු වසර සිසුවෙකුට ඔරලෝසුවක්  අතේ දාගෙන එන්න බැහැ. ඔරලෝසුව අතේ දාගෙන ආවොත් කකුලේ බඳිනවා.සිසුවියන් චිත්ත ගවුම් අදින්න ඕන.  කරාබුවක් , මාලයක් දාන්න බැහැ. මෙතන කියන්න පුළුවන් දේවල් තිබෙන්නේ ඔච්චරයි. නවක වදයට එහා ගිය බරපතල තත්වයක් විශ්ව විද්‍යාල ඇතුළේ තිබෙන්නෙ. ශ්‍රී ලාංකීය සමස්ත  විශ්ව විද්‍යාල පද්ධතියේ ආචාර්ය, මහාචාර්වරු,වගේම විශ්ව විද්‍යාල සිසු සිසුවියන්, අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලවල ආරක්ෂාව අපිට පැවරිලා තියෙනවා.



අදහස් (6)

නවකවදය ගැන ආරක්ෂක රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

දසකයකට පෙර සිද්ධිය Wednesday, 05 October 2022 05:11 PM

ඔය නවක වදය දීලා පුරුදු කිහිප දෙනෙක් එංගලන්තයටත් ආවා වැඩිදුර අධ්‍යාපනය කරන්න. ඒ කාලයේ මම ඉගෙන ගත්තේ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ... අපේ සිංහල කණ්ඩායම එකමුතුව ඉන්නකොට කැන්ටිමේ එකට ඉඳගෙන කෑම කන ගමන් මේ කිහිප දෙනා ඇවිල්ලා " පටන් ගමු මෙහෙත් නවක වදය " කියලා සිංහලෙන් කෑගහලා ඔවුන් හිස්පිඟන් අරන් ඇවිල්ලා, අපි සල්ලි ගෙවලා ගත්තු චිකන් කෑම ඔවුන්ගේ පිඟන්වලට බලෙන් දාගෙන කෑවා..! අපි බයෙන්ම නිශ්‍ශබ්දව නිහඬ වුණා... ආව වැඩේ කරගෙන ලංකාවට යනවා කියලා... සතියක් විතර මේ පාහර වැඩේ ඔවුන් කළා. ලංකාවෙන් විශ්ව විද්‍යාල ඉගෙන ගන්න එන සිංහල අයට කුලියට නවාතැන් දීලා තිබුණේ දෙමළ අය... හේතුව ඒ අයට ඒක අමතර ආදායමක් නිසා. ඒ දෙමළ අය මේ ප්‍රශ්ණය දැනගත් දවසේ කැන්ටිමට ඇවිල්ලා කීවා මහත්තයා වැඩේ කැතයි. වෙන රටවල ඉගෙන ගන්න අයත් ඉන්නවා නේද..? බලන්න ඒ අය ඔය වගේ හැසිරෙනවද කියලා.. ඔවුන් ඒත් නැවැත්තුවේ නැහැ. පසුව දවසක කැම්පස් ඉවර වෙලා රෑ කලුවරේ ඔවුන් යන ගමන් ඔලුව වහගෙන ගිය දෙමල්ලු ඔවුන්ව අල්ලලා අත් ගඩොල් බැම්මක් උඩ තියලා ගඩොල් වලින්ම ගහලා තලලා දැම්මා..! ඒක පසුදා එංගලන්තයේ පත්තරයේත් පළවුණා! අන්න නවක වදය " අත් තලලාම " නැවැත්තූ හැටි...!

:       0       29

පිටරැටියා Wednesday, 05 October 2022 07:43 PM

හොඳ වැඩේ. ලංකාවේ දාපු සෙල්ලම් මෙහේ දාන්නත් හිතන්න ඇති... වෙන රටකට ගියානම් ඒ රටේ විදියට ඉන්න ඕනෑ. නවකවදය පහත් මානසික තත්වයෙන් ඉන්න අයගේ වැඩ මිසක් හරිහමන් මානුෂික හැඟීම් ඇති අය ඔය වගේ දේවල් කරන්න හිතන්නේවත් නැහැ.

:       0       23

කිරි පුතා Wednesday, 05 October 2022 06:03 PM

විශ්ව විද්‍යාල ඇතුළේ විනයක් තිබිය යුතුයි. පහළ බාලාංශවල දරුවන් එයාලාට වඩා හොඳින් හැසිරෙනවා. රස්තියාදු කාරයින්, කුඩු කාරයින් වගේ ඉන්නේ. මහපොළ ආධාර අරගෙන අරක්කු බීලා ආණ්ඩුවලට විරුද්ධව පාරට බහිනවා. නවක වදය කියලා කරන්නේ කායික මානසික සහ ලිංගික හිංසනය. නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කර මේවා නතර කළ යුතුයි. විනයක් නැතිව මොන උපාධි ගත්තත් වැඩක් නෑ.

:       2       31

නිමේෂ් Wednesday, 05 October 2022 07:18 PM

නවක වදය විශ්ව විද්‍යාලවල තිබ්බේ අද ඊයේ නෙමෙයි. නමුත් දැන් මේ නවකවදය උලුප්පලා පෙන්නලා මෙතැන ආණ්ඩුව කරන්න හදන්නේ විශ්වවිද්‍යාලයීය සිසුන්ව මර්දනය කරන්න. මොකද ඔවුන් තමයි පහුගිය කාලේ අරගලයේ ඉදිරියෙන්ම හිටියේ.. රට බංකොළොත් කරපු පොහොට්ටුවේ හොරුන්ට යන එනමන් නැති වුණු එකේ පලිය තමයි මේ ගන්න හදන්නේ...!

:       33       7

මෝThursday, 06 October 2022 07:54 AM

මූත් අර සෙට් එකේ එකෙක් වගෙයි.විශ්වවිද්‍යාලෙට එන ගෝත්‍රික හැතිකරය නැත්තටම නැතිකල යුතුයි.මේක දේශපාලනය නොවෙයි.පාදඩ ම්ලේච්ච කාමාතුර මානසිකත්වය.ගමේ මිනිස්සු එකතුවී මුන්ගේ ඇට,කුඩුකලදාට ඕක නවතිනවා.පාහර කුරුට්ටන් තමයි ඕකුන්ගෙ පිටිපස ඉන්නෙ.

:       1       2

Demuni Uduwara Wednesday, 05 October 2022 10:15 PM

පළමුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආදර්ශමත් විය යුතුයි! අවම වශයෙන්, පෙර සහ දැන් වත්කම් සහ බැරකම් ප්‍රකාශ කරන්න.

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්දියාව -කන්කසන්තුරේ මගී නැව් සේවාව තාවකාලිකව නතර කරයි
2024 නොවැම්බර් මස 18 394 0

ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.


පාස්කු වින්දිතයන්ට වන්දිගෙවූ හැටි අධිකරණය ඉල්ලයි
2024 නොවැම්බර් මස 18 35 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතු වෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්ට මේ දක්වා වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් මීළඟ නඩු දි


රෝගී තරුණිය අපහරණය කළ සැරයන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 553 0

අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම


නියෝජ්‍ය අමාත්‍ය දිවුරුම් දීම බ්‍රහස්පතින්දා
2024 නොවැම්බර් මස 18 1513 0

ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක්
2024 නොවැම්බර් මස 18 850 0

නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.


ව්‍යාජ ටිකට් පෙන්වා මැච් බලන්න ගිය සරසවි සිසුවා මාට්ටු
2024 නොවැම්බර් මස 18 661 1

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 355 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 634 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1815 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site