IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


නවික හමුදා අවි ගබඩාවෙන් අවියක් පැන්නූ සෙබළා අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොළඹ වරාය රන්වල නාවික හමුදා අවි ගබඩාවෙන් සොරාගත් ටි 56 ගිනි අවියක් සමඟ නාවික හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මූලස්ථානය කියයි.

ලද තොරතුරකට අනුව නාවික හමුදා මූලස්ථානයේ නිලධාරීන් පිරිසක් කුලියාපිටිය පොලිසියේ නිලධාරීන්ගේ සහය ඇතිව ගල්පොළ ජනපදය ඉලුක්හේන ප්‍රදේශයේ පිහිටි නාවික හමුදාවට අනුයුක්ත සේවය කරනු ලබන සෙබලෙකුගේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය හමුවී ඇත.

සැකකාර සෙබළා 2021 වසරේදී කොළඹ වරාය රන්වල කඳවුරට අනුයුක්තව අවි ගබඩාව භාරව කටයුතු කළ සෙබලා බවත් එම කාලයේදී මෙම ටි 56 ගිනි අවිය අස්ථානගත වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා ගිනි අවිය සමඟ වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් නාවික හමුදාව විමර්ශනවලින් පසු වැඩිදුර විමර්ශන සඳහා කුලියාපිටිය පොලිස් මූලස්ථානය වෙත භාරදීමට නියමිතව ඇතැයි නාවික හමුදාවේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (0)

නවික හමුදා අවි ගබඩාවෙන් අවියක් පැන්නූ සෙබළා අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සූර්වී උඩුගුවනේදී අනඟරැඟුම් පෑ විදේශිකයාට දඩ
2025 අප්‍රේල් මස 24 114 0

උඩු ගුවනේදී සුර් වී ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් ඉදිරියේ අනග රැඟුන්පැ 65 හැවිරිදී ස්විඩන් ජතිකයෙකුට රුපියල් 26500. 00 දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ


ඕඩිසී දුම්රියේ ටිකට් වංචාවට SMලා සම්බන්ධ දැයි විමර්ශන
2025 අප්‍රේල් මස 24 58 0

ඇල්ල ඕඩිසී දුම්රිය ටිකට් පත් වැඩි මිලට විකිණීමේ ජාවාරමට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කාර්ය මණ්ඩලය සම්බන්ධ වී ඇද්ද? යන්න පිළිබඳව දුරකථන විශ්ලේෂණ වාර්


පාප්වහන්සේ වෙනුවෙන් දිව්‍ය පූජාව 26දා කොටහේනේදී
2025 අප්‍රේල් මස 24 47 0

ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම


ට්‍රම්ප්ට නඩු පිට නඩු
2025 අප්‍රේල් මස 24 364 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි


ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොකු සමුළුවක් ලංකාවට
2025 අප්‍රේල් මස 24 221 0

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ


රනිල්ගෙන් මෝදිට ලියුමක්
2025 අප්‍රේල් මස 24 545 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 695 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 345 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 491 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site