IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


නාවික හමුදා රෝහලට වෛද්‍ය උපකරණ

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ, රජවැල්ලේ සුභූති හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන සමාජ මෙහෙවර ව්‍යාපෘතිය වෙත එංගලන්තයේ සිල්වියා ලංකා පදනම සහ එන්එච්එස් ට්‍රස්ට් ආයතනය එක්ව පරිත්‍යාග කළ රෝහල් උපකරණ තොගයක් වැලිසර ශ්‍රී ලංකා නාවික හමුදා මහ රෝහලට ප්‍රදානය කළේය.

ශ්‍රී ලංකා රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ, රජවැල්ලේ සුභූති හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන සමාජ මෙහෙවර ව්‍යාපෘතිය වෙත දෙස් විදෙස් ධානපතීන්ගේ අනුග්‍රහයෙන් පරිත්‍යාග කරනු ලබන රෝහල් උපකරණ, මෙරට ‍රෝහල් උපකරණ අත්‍යවශ්‍යව පවතින රෝහල් වෙත බෙදාහැරීම, රෝගීන් රැසකට ප්‍රතිලාභ අත්වන මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පහසුකම් පුළුල් වීම සඳහා විශාල දායකත්වයක් සපයයි.

ඒ අනුව, මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව වෙත ප්‍රදානය කෙරුණු රෝහල් උපකරණ මඟින්, වැලිසර නාවික මහ රෝහල ඇතුළු අනෙකුත් නාවික විධානයන්ට අයත් රෝහල් තුළ පුළුල් වන පහසුකම් තුළින්, එම රෝහල් වෙතින් ප්‍රතිකාර ගනු ලබන නාවික හමුදා පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට මෙන්ම, විශ්‍රාමික නාවික හමුදා පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හටද වඩාත් උසස් වෛද්‍ය සේවාවන් ලබා දීමට නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ වෛද්‍ය සේවා කොමදෝරු ඒඑච් මුල්ලේගම ඇතුළු බටහිර නාවික විධානයේ සහ වැලිසර නාවික පරිශ්‍රයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.



අදහස් (0)

නාවික හමුදා රෝහලට වෛද්‍ය උපකරණ

ඔබේ අදහස් එවන්න

දියත

බසයේ රෝදයට ගෙල සිරවී බස් රියදුරු මරුට
2024 ඔක්තෝබර් මස 15 25 0

මාලඹේ පැරකුම්බා මාවත ප්‍රදේශයේ ගරාජයක ගාල්කර තිබූ බස් රථයක වැකුම් නොමැතිව රෝදයට පහත් වී තිබූ දකුණු පස රෝදයට වැකුම් පුරවා එය නිවැරදිව සිදුවී තිබේදැයි


රත්මලානේ ගණිකා නිවසක් වටලයි
2024 ඔක්තෝබර් මස 15 141 0

රත්මලානේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගන යනු ලැබූ ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි කළමණාකාරිය ඇතුලු ගණිකා වෘත්තියට පැමිණ සිටි කාන්තාව


හැටන්- කොළඹ පාරේ ගමනාගමනයට පැය 5ක් බාධා
2024 ඔක්තෝබර් මස 15 548 0

කොළඹ සිට නුවරඑලිය දක්වා සිමෙන්ති කුඩු ටොන් 57 ක් ප්‍රවාහනය කරන ලද කන්ටෙනර් රථයක පිටුපස ටැංකිය අනතුරට පත්විමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා


බහින්බස්වීම මරණයෙන් කෙළවරවෙයි
2024 ඔක්තෝබර් මස 15 396 0

වෙළඳසලේ දොරට ගල් ප්‍රහාරයක් එල්ල කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම වෙළඳසැලේ හිමිකරු ඇතුළු පිරිසක් සහ මාර්ගයේ ගමන් කළ පුද්ගලයකු අතර ඇතිවූ බහින්බස


මහනුවරදී අත්අඩංගුවට පත් විදේශිකයන් ගැන විශේෂ විමර්ශනයක්
2024 ඔක්තෝබර් මස 15 806 0

කුණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පරිගණක මූල්‍ය වංචා සිදුකළ බවට සැකකරමින් අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයන් 130 දෙනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප


පානදුර නිවසක මළ සිරුරු දෙකක්
2024 ඔක්තෝබර් මස 15 2133 0

පානදුර නිවසක පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක ගේ මළසිරුරු දෙකක් හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි .


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 435 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 459 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1429 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site