IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


නවගමුව කට්ටඬියාගේ ඝාතනයට අනියම් බිරිඳ ඇතුළු තිදෙනෙක් දැලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිට හංවැල්ල ඇඹුල්ගම නිවසකට සිටි කට්ටඬියකු පැහැරගෙන ගොස් ඝාතනය කර කැලණි ගඟට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික නාවික සෙබළකු ඇතුළු තිදෙනකු අද අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

පැහැරගත් කට්ටඬියා පැහැරගෙන දෑත් පිටුපසට කර දම්වැලකින් ගැටගසා රැගෙන ගොස් ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර පැහැර ගන්නා අවස්ථාවේදී කට්ටඬියා සමග මංගල ඇඹුල්ගම නිවසේ සිටි අනියම් බිරිඳ සහ සැකකාර විශ්‍රාමික නාවික සෙබලාගේ ඥාති සහෝදරයකු ද වන බව පොලිසිය කියයි.

සැකකරුවන් පැහැර ගැනීමට යොදා ගත් බව කියන යතුරුපැදිය ,හිසට පහර දීමට යොදා ගත් කුඩා කුලුගෙඩිය මෙන්ම දෑත් පිටුපසට කර බැඳ දමා තිබූ දම්වැලට දමා තිබූ ඉබි යතුර ද පොලිස් බාරයට ගෙන ඇත.

නුගේගොඩ කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

ඝාතනය සඳහා යොදා ගැනුණු කුඩා කුලුගෙඩිය සහ දංවැල ප්‍රධාන සැකකරු සේවය කරන ලොරි රථයේ තිබී ඇති අතර ඉබි යතුර රනාල ප්‍රදේශයේ වෙළඳසැලකින් මිලදී ගෙන තිබූ බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය කියයි.

ආරක්ෂක වැසුම් පැළඳ යතුරුපැදියකින් එම නිවසට පැමිණි සැකකරුවන් දෙදෙනා පොලිස් ,අපරාධ විමර්ශන අංශයයක නිලධාරීන් බව හඟවා  යතුරු පැදිය නංවාගෙන  රැගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි .

අනතුරුව කඩුවෙල පාරේ විශාල පොල්වත්තකට රැගෙන ගොස් යතුරුපැදියේ සඟවාගෙන තිබූ කුළුගෙඩියෙන් ඔහුගේ හිසට පහරදී  කැලණි ගඟට දමා ඔවුන් දෙදෙනා එම ස්ථානයෙන් පිට වී ගොස් තිබූ බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

 

 



අදහස් (0)

නවගමුව කට්ටඬියාගේ ඝාතනයට අනියම් බිරිඳ ඇතුළු තිදෙනෙක් දැලේ

ඔබේ අදහස් එවන්න

දියත

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 645 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 308 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 267 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1091 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1446 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1618 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site