( කුෂාන් ජයවර්ධන )
කලාවැව සිට අනුරාධපුරය දක්වා ජලය ගෙනයන නව ජය ගගේ බැම්මේ තිබූ විශාල කොහොඹ ගසක් ඉදිරී වැටිම නිසා ඉපලෝගම අළුත් අක්කරය ප්‍රදේශයේදී කලාවැව නව ජයගගේ බැම්මට බරපතළ හානි සිදුව තිබේ.
ඉකුත්දා ඇද හැළුනු වර්ෂාවත් සමග ජය ගගේ බැම්මේ තිබූ විශාල කොහොඹ ගසක් ඉදිරි වැටීමෙන් එම බැම්ම කැඩී ගොස් මෙලෙස හානි සිදුවූ බව ප්‍රෙද්ශවාසීහු පවසති.
ප්‍රෙද්ශයේ ගම්මාන රැසක් සදහා ජනතාව ගමන් කරනු ලබන මාර්ගය වී ඇත්තේ ද එම ජය ගග බැම්මයි..
මීට දින තුනකට පමන පෙර පැවැති වැසි සහිත අවස්ථාවක එම ස්ථානයේ තිබූ විශාල කොහොඹ ගසක් ඉදිරී වැටුණු බව ගැමියෝ කියති.
බැම්මේ කොටසක් ගසත් සමග ගැලවී ගොස් ඇති අතර එම ස්ථානය මේ වනවිට තවදුරටත් සෝදා පාලුවට ද ලක්වෙමින් තිබේ. මේ වනවිට වගාවන් සදහා අවශ්‍ය ජලය ද ජය ගග ඔස්සේ නිකුත් කර තිබේ.
මේ දිනවල ජයගගේ තත්පරයට ඝන අඩි 1100කට වැඩි ජල මට්ටමක් ද නිරන්තරයෙන් ගමන් කරමින් තිබෙන අතර එමගින් අදාල ස්ථානයේ සෝදා පාලුවට ලක්වීම තව තවත් වැඩි වෙමින් පවති.
එම ස්ථානයද මෙතෙක් අලුත් වැඩියා කිරීමට බලධාරීන් පියවර ගෙන නැති බවද එම ගැමියෝ කියති.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කලමනාකාරවරයා දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට අවස්ථා දෙකකදී උත්සහ කළ ද, එම අවස්ථාවේ කාර්යාලීය දුරකතනයට පිළිතුරුන් ප්‍රකාශිකාවක සදහන් කලේ නේවාසික ව්‍යාපාර කළමානාකාරවරයා ඒම අවස්ථාවේ රැස්වීමකට සහභාගී වී සිටින බවයි.
පසුව අප ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් අයෝමි රත්නායක මහත්මිය දුරකතනයෙන් සම්බන්ධ කර ගත් අතර එහිදී අප කළ විමසීමකදී ප්‍රාදේශීය ලේකම්වරිය කියා සිටියේ අදාළ අංශ කඩිනමින් දැනුම්වත් කර ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවයි.
ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.
වේදනාකාරී ආර්ථික අර්බුදයකට පසුව බලාපොරොත්තු වූවාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවරත්වය කරා ගමන් කර ඇතත් තවමත් මෙරට ආර්ථිකයට ඇති අවදානම පහ
හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී අනූප පැස්කුවල් මහතා නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම් දෙකක් මාස තුනක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය ප
රාජ්‍ය ලාංඡනය සහිත කැබ් රථයක් ඉකුත් සිකුරාදා සිට හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරය අසල අත හැර දමා ගොස් තිබියදී සොයා ගත් බව එම රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර
හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විදේශ ගමන් තහනමක් අද (10) පැනව
ඉදිරි මහ මැතිවරණය සඳහා තමා ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
නවජය ගඟේ බැම්මට කොහොඹ ගහක් කඩා වැටෙයි
චින්තක Thursday, 26 October 2023 01:37 PM
අධිකාරියේ උන්දැලා බලන්නෙ පොරවෙනුත් නොකපා චේන්ෂෝ එකකින් කපන්න තමයි කරන්න තියෙන්නෙ නොපමාව වතුර නවතා ගස වෙන්දේසියේ විකුණා ලැබෙන මුදල් සමග අඩුපාඩුවක් ඇත්නම් අධිකාරිය ගෙවලා අවශ්‍ය කටයුතු කිරීම තමයි ඕක අධිකාරියට නැතුව දිසාපති හෝ උපදිසාපතිට (ප්‍රාදේශීය ලේකම් ) තිබුනා නම් ප්‍රශ්නය මේ වනවිටත් විසදී අවසන් වෙනවා කොහේද දිසාපතිතුමන්ලා සමග විරසකව හිටපු දේශපාලුවො එම තනතුර අහෝසි කිරීමේ විපාක තමයි මේවා