(චමිල් රූපසිංහ)
‘එක්ස්ප්‍රස් පර්ල්' නෞකාවෙන් කාන්දුවී මුහුදු ජලයට එකතු වන තෙල් සියල්ල එකතු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ මහචාර්යවරුන් තිදෙනකු උපරණයක් නිර්මාණයක් කර ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා පවසයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ගාමිණී රාජපක්ෂ,පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහචාර්ය අමරසේන පිටවල,මහනුවර හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහචාර්ය ටී.ආර්.ඒ කුමාර හා නිදීශ ගුණවර්ධන පිරිස එක්ව දිගු කළක් තිස්සේ සිදුකළ පර්යේෂණ ඔස්සේ මෙම සොයා ගැනීම සිදුකර තිබෙන බවද මහාචාර්‍යවරයා කියයි.
බෝගල පතලේ විශේෂ මිනිරන් වර්ගයක් උපයෝගි කරගනිමින් මෙය නිර්මාණය කර ඇත
මිනිරන් ග්‍රෑම් එකකට තෙල් ග්‍රෑම් 120 ක් උරා ගැනීමට හැකි බවත් මෙම මිනිරන් විශේෂය තවත් ද්‍රව්‍යය භාවිත කර මෙට්ටයක් ආකාරයට සකස්කර මුහුදට දැමූ විට ජලයේ ඇති තෙල් සියල්ල ඊට උරා ගන්නා බවත් මහාචාර්ය වරයා සඳහන් කරයි.
මේ සඳහා ඔවුන්ට පේටන්ට් බලපත්‍රයද හිමිව ඇති බවද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා කීය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය,මූලික අධ්‍යයන ආයතනය ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය,හා බෝගල පතල ඒකාබද්ධව මෙම නැවෙන් කාන්දුවී විසිරී යන තෙල් එකතු කිරීම සඳහා අවශ්‍යය මෙට්ට විශේෂය සකස් කරන බවත් රට පත්ව තිබෙන අසීරුතාව සැලකිල්ලට ගෙන තාක්ෂණය ඇතුළු සියලු කටයුතු කිසිදු මුදලක් අය නොකර ලබා දීමට තීරණය කර තිබෙන බවත් කි මහාචාරයවරයා මින්රන් වලට උරා ගන්නා තෙල් ඒවායින් පිටතට ගෙන යළි ප්‍රයෝජනයට ගතහැකි බවද පැවසුවේය.
නැවේ ඉතිරි වී තිබෙන තෙල් මුහුදට එක්වීමට නොදී තවත් නැවකට මාරුකර ගැනීමට ඇති හැකියාව සම්බන්ධවද අධ්‍යන්‍යය කරමින් සිටින බවත්.මුහුදු ජලයට එකතු වන ජලය එලෙස ඉවත් කර ගැනීමට කටයුතු කරත්දී නැවෙන් තෙල් ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ සඳහා පැමිණ තිබෙන ඇමරිකානු විශේෂඥවරයෙකුගේ සහයද මෙම වැඩපිළිවෙළ සඳහා ලැබී තිබෙන බවද මහචාර්‍ය වරයා සදහන් කළේය.
මෙම නැවේ විශාල වශයෙන් ඊයම් තිබී ඇති බවත් ඒවා ඉවත් කරගැනීම අතිශ්‍යය වැදගත් කාරනයක් බවත් මෙම නැවේ ඇති තෙල් ඉවත්කර ගැනීමට නොහැකි වුවහොත් ඉන් අති විශාල පරිසර හානියක් සිදුවන බවත් සදහන් කල රාජපක්ෂ මහතා ඊයම් ටොන් එකක් ටොන් භාගයක් දක්වා ක්ෂය වීමට වසර 700 ක් ගතවන බවත් එය යළි අඩක් වීමට තවත් වසර 700 ක් ගතවන බවද සදහන් කළේය.
මේවා ජලයට එකතු වීමෙන් සිදුවන හානිය පරම්පරා ගණනාවකට බලපාන බවද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්
ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන
7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි
උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේරල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
නැවෙන් කාන්දුවන තෙල් එකතු කරන්න පේරාදෙණිය සරසවියෙන් නව නිර්මාණයක්
Kodi Wednesday, 16 June 2021 12:58 PM
සොයාගැනීම් කළ සියළුම විද්වතුන්ට හා සහාය දැක්වූ සැමට පරිසරයට ආදරය කරන කෙනෙක් ලෙස උත්තමාචාරය පුද කරමි. නමුත් මේවා ප්‍රයෝජනයට ගැනීමට තරම් පාලකයන් සිටීදැයි සැක සහිතයි. මින් පෙර පිළිකාව සඳහා සොයාගත් ඖෂධයට කුමක් වීද?
Raveendra Wednesday, 16 June 2021 01:56 PM
ඔබලාගේ යහපත් නිර්මාණයෙන් ලංකාමාතාවට උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි වේවා.. මේ සඳහා දායක වූ ඔබ සැමට යහපතක්ම වේවා යන්න අප හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු. ලංකාමාතාවට තවතවත් සේවය කිරීමට ඔබ සැමට හැකි වේවා...!!!
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 16 June 2021 03:38 PM
දේශපාලඥයන් හා ඔවුන් පසුපස යන බුද්ධිමත් නොමැති උගතුන් විසින් වැනසු රට, සැබෑ බුද්ධිමත් උගතුන්ගේ නුවණින් යළි පණ ලැබීම සැබැවින්ම සතුටට කරුණකි. ඔබතුමන්ලාට ජාතියේ ප්‍රණාමය.නූගත් අනුවණ දේශපාලුවන් පස්සේ යන උගත් එහෙයියන්ට වඩා මේ සැබෑ උගතුන්ගේ වටිනාකම දැන් හෝ මේ රටේ අඳ ඡන්ද දායකයින්ට වැටහේවා.