(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරය වසරකට සාමාන්‍යයෙන් මිලිමීටර් 1 ත් 2 ත් අතර ප්‍රමාණයකින් ගිලා බසිමින් තිබෙන බවත් ඇතැම් ප්‍රදේශ වසරකට මිලිමීටර 4.5 කින් ගිලා බසින බවත් නවතම අධ්‍යනයකින් හෙළි වී ඇත.
නිව් යෝර්ක් නගරය පුරාවට ඉදිකර ඇති ගොඩනැගිලි වල බර හේතුවෙන් පොළවට එල්ල වන බලපෑම ගණනය කිරීමට පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද අනුරුවක් අධ්‍යනය සිදුකල පර්යේෂක කණ්ඩායම භාවිත කර ඇති අතර එය චන්ද්‍රිකා දත්ත සමඟ සංසන්දනය කිරීමෙන් වසරකට නිව් යෝර්ක් නගරය ගිලා බසින ප්‍රමාණය ගණනය කර ඇත.
මෙසේ නිව් යෝර්ක් නගරය ගිලා බැසීමට නගරය පුරා ඉදිකර ඇති ගොඩනැගිලි වල බර සහ මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාස හේතු වී ඇතැයි අධ්‍යනය සිදු කළ පර්යේෂකයන් පෙන්වා දී තිබේ.
පර්යේෂකයන් තවත් නගර 99 ක දත්ත අධ්‍යනය කර ඇති අතර එහිදී මෙය නිව් යෝර්ක් නගරය පමණක් මුහුණ දෙන ගැටළුවක් නොවන බව අනාවරණය වී ඇත. ඉන්දුනීසියාවේ ජකර්තා නගරය ඉතාමත් වේගයෙන් ගිලා බසින බවත් ඒ හේතුවෙන් වෙනත් ස්ථානයක නව අග නගරයක් ඉදිකිරීමට අවධානය යොමු කර ඇති බවත් පර්යේෂකයන් පෙන්වා දී ඇත.
අධ්‍යනය සිදුකල කණ්ඩායම නිව් යෝර්ක් නගරය පුරාවට ඇති ගොඩනැගිලි 1,084,954 හි ස්කන්ධය මැන බලා ඇති අතර ඒ අනුව නිව් යෝර්ක් නගරය පුරාවට ඇති ගොඩනැගිලි වල සම්පූර්ණ බර කිලෝ ග්‍රෑම් බිලියන 762 ක් බව නිගමනය කර තිබේ.
එම බර සම්පූර්ණයෙන් බර පැටවූ බෝයින්ග් 747-400එස් ගුවන් යානා මිලියන 1.9 ක බරකට ආසන්න වන බවද පැවැසෙයි.එසේම නිව් යෝර්ක් නගරයේ මුහුදු මට්ටම ගෝලීය මුහුදු මට්ටම ඉහළ යන වේගයට වඩා දෙගුණයකින් ඉහළ යන බවත් 2050 වසර වන විට නිව් යෝර්ක් නගරයේ මුහුදු මට්ටම අඟල් 8 ත් 30 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවට පුරෝකථනය කර ඇති බවත් පර්යේෂකයන් පවසා ඇත.
නිව් යෝර්ක් නගරයේ මුහුදු මට්ටම දෙගුණයකින් ඉහළ යාමත් වසරකට සාමාන්‍යයෙන් මිලිමීටර 1 ත් 2 ත් අතර ප්‍රමාණයකින් නිව් යෝර්ක් නගරය ගිලා බැසීමත් හේතුවෙන් අනාගතයේදී නිව් යෝර්ක් නගරයට දේශගුණික විපර්යාස වලට මුහුණ දීමේදී ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවනු ඇතැයි පර්යේෂක කණ්ඩායම පෙන්වා දී තිබේ.
මීට පෙර 2022 වසර සිදුකල අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ ලෝකයේ වැඩිම ජනතාවක් ජීවත්වන වෙරළබඩ නගර 48 න් 44 කම මුහුදු මට්ටම ඉහළ යන වේගයට වඩා වැඩි වේගයකින් ගිලා බසින ප්‍රදේශ තිබෙන බව හෙළි වී තිබෙන බව පර්යේෂක කණ්ඩායම සඳහන් කර ඇත.
සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ
විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස
රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නිව්යොක් නගරය ගිලා බසිනවා