(රංජිත් රාජපක්ෂ)
මහ කන්නය සදහා රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලබාදෙන ලෙස රජයට බල කරමින් අද (21) නුවරඑළිය නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විණි.
නුවරඑලිය ප්‍රදේශයේ ගොවි සංවිධාන රැසක් මහ සංඝ රත්නයද එක්ව කළු කොඩි අතැතිව මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූහ.
නුවරඑලිය , කදපොල ,මිපිලිමාන , නානුඔය යන ප්‍රදේශවල නගරද වසා දමමින් එම ප්‍රදේශවල එලවළු ගොවින් , වෙලදුන් සහ ගොවිපොලවල් වල සේවය කරන කම්කරුවෝ ඒක්ව සිටියහ.
උද්ඝෝෂණයට සමගාමිව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයට අද (21) දින නුවරඑලිය ප්‍රදේශයේ එලවළු වගා කරන ගොවියන් එලවළු තොග ලබා නොදිම නිසා නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයද වසා දැමිමට එහි පාලන අධිකාරියට සිදු විය.
නුවරඑලිය ගාමිණි ජාතික පාසල ඉදිරිපිටින් ගොවින් උද්ඝෝෂණය ආරම්භ කර ප්‍රධාන මාර්ගය දිගේ පෙලපාලියකින් පැමිණ ගොවිහූ නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නිරත වූහ.
මහ කන්නය සදහා අවශ්‍ය රසායනික පොහොර සාධාරණ මිලට කඩිනමින් ලබාදිම ,ගොවින්ගේ වගාවට අවශ්‍ය පලිබෝධ නාශක , දියර පොහොර , බිරජ ඇට ,දිලිර නාශක වර්ග හිගයකින් තොරව සාධාරණ මිලට ලබාදිම ,ගොවි උපකරණ සාධාරණ මිලට ලබාදිම ඇතුළු ඉල්ලිම් අටක් මුල් කර ගනිමින් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූහ.
මෙම ගැටළුවලට සතියක් ඇතුලත විසදුමක් නොලද හොත් දැනට තම ගොවිපොලවල් වල වගා කර ඇති නිසරු එලවළු වගාව වෙලදපොලට නිකුත් කිරිම සම්පුර්ණයෙන්ම අත්හිට වන බවට නුවරඑලිය ප්‍රදේශයේ ගොවින් තමන් වෙත දැනුම් දි ඇති බවට සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
නුවරඑලිය ප්‍රදේශයේ ගොවින් වගා කරන උඩරට එලවළු අද (21) දින වෙලදපොලට නිකුත් නොකිරිම නිසා වෙලදපොලේ උඩරට සහ පහතරට එලවළු තොග සහ සිල්ලර මිල වෙනදාට වඩා වැඩි වි ඇත.
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නුවරඑළිය ගොවීන්ගෙන් රතු එළියක්
මොට්ටපාල Sunday, 21 November 2021 02:00 PM
ඔබතුමන්ලා බය නොවන්න මහින්දානන්ද චීන අසූචි නැව මුදල් ගෙවා ගොඩ බාන බව පවසා තිබේ.
Weerawansa Sunday, 21 November 2021 02:23 PM
චීන ගූ පොහොර වල එන්.පී.එන් සංයෝගය නැතිව ඒ මිනිස්සු බල්ලෝ ,බළල්ලු ,නයි, පොලොංගු කන නිසා