IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


නුවරඑළියේ තැපැල් ඡන්ද පොළ ළඟ රැස්වීම් හයක් නවත්වයි

(සුජිත් හේවාජුලිගේ)

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන  ආසන්නයේ සංවිධාන කෙරුණු  රැස්වීම් හයක්  අත්හිටවූ බව  නුවරඑළිය තේරීම් බාර  නිලධාරි  නන්දන ගලබඩ මහතා පැවසීය.

වලපනේ ප්‍රදේශයේ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ පැවැත්වීමට සූදානම් කෙරුණු රැස්වීමක්ද ඊයේ අත්හිටවූ බව ඔහු සඳහන් කළේය.

ඡන්ද මධ්‍යස්ථාන ආසනයේ රැස්වීම් පැවැත්වීම මැතිවරණ නීතිය අනුව  තහනම් වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන දෙසීයක් පමණ ක්‍රියාත්මක විය.

ඡන්දය ප්‍රකාශ වීම සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ නන්දන ගලබඩ මහතා පැවසුවේ ඡන්දදායකයන්ගෙන් සියයට අනූවකට වැඩි පිරිසක්  ඡන්දය භාවිතා කළ බවයි.

ඡන්ද විමසීම කෙරුණු කාලයේදී සුළු සුළු සිද්ධීන් හැරුණු කළ  බරපතල සිදුවීම් කිසිවක් වාර්තාවී නැතැයිද  ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීති විරෝධී මැතිවරණ කාර්යාල  සහ  මැතිවරණ ප්‍රචාරක කටයුතු  සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිට ඒවා නතර කිරීමට පියවර ගන්නැයි  තේරීම්බාර නිලධාරීවරයා පොලිසියට උපදෙස්දී ඇත.

එසේම ප්‍රචාරක කටයුතු සදහා පෙළපාළි  සහ  ලොකු කණ්ඩායම් වශයෙන්  ගෙන් ගෙට යාමද නතර කරන ලෙස හෙතෙම  උපදෙස්දී ඇත.



අදහස් (0)

නුවරඑළියේ තැපැල් ඡන්ද පොළ ළඟ රැස්වීම් හයක් නවත්වයි

ඔබේ අදහස් එවන්න

දියත

යුද හමුදාව ගසාන යන තරුණයා බේරා ගනී
2024 නොවැම්බර් මස 27 35 0

වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.


කාර්තිවු අතුරුදන් වූ සිසු සිරුරු දෙකක් සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 192 0

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි


වෙනතක ගිය සැමියාට බිරිය දුන් දඬුවම
2024 නොවැම්බර් මස 27 1372 0

සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.


දිස්ත්‍රික්ක තුනකට නායයෑම් රතු නිවේදන
2024 නොවැම්බර් මස 27 360 0

පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම


ලොව වයස්ගතම පිරිමියා මියයයි
2024 නොවැම්බර් මස 27 1201 0

ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක



මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 562 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 762 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2139 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site