(තිළිණි ද සිල්වා)
හිටපු අමාත්‍යවරයෙකු වන නාවලගේ බෙනට් කුරේ මහතා පලස්තීන රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජිත ලෙස පත් කරනු ලැබූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
එම පත්වීමට අදාළව බෙනට් කුරේ මහතා පලස්තීනයේ රමාල්ලාහි පිහිටි විදේශ කටයුතු හා විදේශිකයන් පිළිබඳ අමාත්‍යාංශයේ දී පලස්තීන රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය රියාද් අල්-මල්කි මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වු බවද එම අමාත්‍යාංශය සදහන් කරයි.
ඉන්පසුව පලස්තීන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සමඟ පැවති දීර්ඝ කාලීන සබඳතා අගය කළ අතර, විශේෂයෙන් පලස්තීන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ සංවර්ධන ව්‍යාපෘති සහ “බීටූනියා හි මහින්ද රාජපක්ෂ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය” ශ්‍රී ලාංකික ව්‍යාපෘතිය නැවත සක්‍රීය කිරීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති සඳහා පලස්තීනය උනන්දුවක් දක්වන බව ශ්‍රී ලංකා නියෝජිත හමුවේ කියා සිටියේය.
එහිදි පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත කුරේ මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සුබ පැතුම් පලස්තීන් විදේශ අමාත්‍යවරයා වෙත එක් කරමින්, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාවේ කැපවන බව සදහන් කළේය.
පවතින ගෝලීය වසංගතය හේතුවෙන් මහින්ද රාජපක්ෂ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීම සඳහා ටික කලක් ගත වන බව බෙනට් කුරේ මහතා පෙන්වා දුන්නේය.
පලස්තීනය පිළිබඳ ගැටළුව සහ පලස්තීන ජනතාව පිළිබඳව ජාත්‍යන්තර වේදිකාවල දී ශ්‍රී ලංකා රජය දක්වන සහයෝගය සහ ස්ථාවරය පිළිබඳව අල්-මල්කි අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය.
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නාවලගේ බෙනට් කුරේ පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත ලෙස පත් කරයි
Lalith M Wednesday, 11 August 2021 11:58 AM
සර් ට මේ වගේ අවලංගු මැට්ටෝ සෙට් කරන්නේ කවුද ඇත්තටම. නියම සතුරෙක්.
praja Wednesday, 11 August 2021 12:35 PM
වියත්මග පත්කිරීමක්....!!!
Perera Wednesday, 11 August 2021 01:03 PM
මෙයාව පත් කෙරුවා කියලා පාන්ද ?
සෑම් Wednesday, 11 August 2021 01:56 PM
තුහ් නොදකින්..., වෙන මොනවා කියන්නද?
ලුම්බිණි Wednesday, 11 August 2021 02:52 PM
දැනටම වයස අවුරුදු 75 තරුණ කෙනෙක් උන්නෙම නැද්ද?
janahitha UAE Wednesday, 11 August 2021 03:56 PM
නාවල නිහාල්වයි පත් කරන්න තිබුණේ...
ෙනලුමා රංගජි Wednesday, 11 August 2021 04:46 PM
හොද නියෝජිතයෙක් මම සුබපතමි