IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


නිවැසියන් කාමරයට දමා කෝටි ගණනක් පැහැරගෙන

( ඩී.ඒ.පතිරණ)

ඌරුබොක්ක හීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට අද දහවල් පුද්ගලයන් හතර දෙනෙකු මුඛ ආවරණ පැලැද ඇතුළු වී ගිණි අවියක් පෙන්වා නිවැසියන් කාමරයකට දමා සිරකර තබා එක්කෝටි එක්ලක්ෂ අනුතුන්දහසක (10193000.00) මුදල් හා ස්වරණාභරණ පැහැරගෙන මෝටර් රථයකින් පළා ගොස් ඇතැයි ඌරුබොක්ක පොලීසිය කියයි.

නිවැසියන් බයකර ඔවුන් එක් කාරමරයක දමා සිරකර නිවසේ තිබූ රුපියල් අනූඅටලක්ෂ පනස්දහසක (9850000.00)මුදල් ,රුපියල් තුන්ලක්ෂ විසිපන්දහසක් (325000.00) වටිනා රන්භාණ්ඩ,රුපියල් දහහත්දහසක් (17000.00) වටිනා ජංගම දරකථන තුනක් කොල්ලකා පළා ගොස් ඇත.

ව්‍යාපාරිකයා සහ දරුවන් ඌරුබොක්ක ප්‍රදේශයේ සිය වෙළද ව්‍යාපාරයේ සිටින අතරතුර පිරිස නිවසට ඇතුවී ඇති අතර එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ව්‍යාපාරාකයාගේ බිරිඳ, රෝගී පුතා,ලේලිය, දරුවන් පමණක් බවත් නිවසේ සිටින රෝගියා බැලීමට කොළඹ ප්‍රදේශයේ සිට පැමිණි ඥාතියකු හා ඔහුගේ බිරිද දරුවන් දෙදෙනාද සිට ඇති අතර ඔවුන් සියළු දෙනාම කාමරයකට දමා සිරකර තබා ඇති අතර කොළඹ ප්‍රදේශයේ සිට පැමිණි යුවළගේ හා දරුවන් දෙදෙනාගේ මුදල්, රන්භාණ්ඩ, ජංගම දුරකථන ද සොරුන්  පැහැරගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.

 



අදහස් (5)

නිවැසියන් කාමරයට දමා කෝටි ගණනක් පැහැරගෙන

කිරිගෙදර Monday, 12 June 2023 06:14 AM

අනේ මෙහෙමත් මෝඩ ව්‍යාපාරිකයෝ මේ තරම් දියුණු තාක්ෂණය තියෙන කාලයේ තවමත් ඉන්නවා කියලා අහන්න ලැබීමත් දුකක්. ඇත්තටම කෝටි ගණනක මුදල් නිවසේ තබාගන්නවා කියන්නේ ආදායම් බදු ගෙවීමට කරන වංචාවක් කියන්නත් පුළුවන්.. මොහු කෝවිඩ් කාලයේ ලබාදුන් 5000/= සහ අවුරුදු සඳහා දුන් සහල් මලුත් ගන්න ඇති නේද?

:       2       4

Samitha Senadhi Wijesiriwardhana. Monday, 12 June 2023 07:31 AM

දැන් දැන් මේ රටේ වෙන දේවල් දිහා බලාගෙන ගියාම රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මීට වඩා වෙනස් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකව කළ යුතුව පවතී. දේශපාලනඥයින් හා වෙනත් බලවත් පුද්ගලයින් හා ආයතන වටා ඒකරාශීවී ඇති පොලිස් හා අනෙකුත් ආරක්ෂක නිලධාරී කණ්ඩායම් රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවිය යුතුයි. එසේ නොමැතිව නිවෙස්වලට මේ ලෙස මහදවල් හොරුන් පැමිණ සිත් සේ හොරකම් කොට පලායන රටක ආරක්ෂාව ගැන අදාළ අංශ ලැජ්ජා විය යුතුයි. මිනිසුන් සමාජයේ පැතිරෙන අපකීර්තියට රහසක් ලෙස තබා ගත්තද, මෙවන් අවස්ථාවලදී හොරුන් විසින් නිවෙස්වල සිටින කාන්තාවන් දූෂණය කළ අවස්ථාද නැත්තේ නොවේ. මෙවන් හොරුන් මෙසේ රජකරනුයේ, රටේ නිසි පරිදි ආරක්ෂාවක් ජනතාවට ලබාදීමට වගකිවයුතු පාර්ශව සතුව පවතින දුර්වලකම් නිසා බව පෙන්වා දිය හැකියි. එසේ නැතිව, පොලීසියේ අදක්ෂ කමක් නිසා නොවේ. අවශ්‍ය වනුයේ පොලීසිය රටේ ජනතාවට වැඩදායී අයුරෙන් යෙදවීමයි.

:       0       8

Senaka Monday, 12 June 2023 09:01 AM

මෙහෙම අපරාධ වලට ලක් වෙන්න දෙන්න බෑ මිනිස්සුන්ට. අනිත් එක අසරණවෙලා ඉන්න වෙලාවේ, ගැහැණු ටික ගෙදර ඉන්න වෙලාවේ ඇවිත් හයිරන් පාල යන චීත්ත පාතාලේ අයට පාරෙදීම වෙඩි තියන්න ඕනෑ...

:       1       7

Welington Monday, 12 June 2023 09:03 AM

තවත් පාතාලේ හුරතල් කරකර හිටපල්ලා. කිරි උතුරයි රටටම...

:       0       6

ජයසිරි ජයසිංහ Monday, 12 June 2023 12:15 PM

හොරාට පක්ෂව කටයුතු කරන්න කෝටි කට්ටිය හැරෙනවිට වෙනත් කිසිවෙකු නැහැ හොරි හැර හොරු රකින්න කිසිවෙකුට බැහැ කොහොම වුනත් රටේ සියලු ජනතාව රකින්න පොලිසියට පමණකුත් බැහැ ජනතාව යම් දායකත්වයක් දෙන්නම ඕන ග්‍රාමීය ව්‍යාපාරිකයන් බොහෝවිට තමන්ගෙ මුදල් විශාල වශයෙන් නිවසේ සේප්පුවේ තැන්පත් කරගෙන ඉන්නවා එහෙම වුනාම මට හිතන්නේ රජයට අමතරව මුදල් අච්චූගහන්න වෙනවා කියලා ඒක අනවශ්‍ය වියදමක් කියලා හිතෙනවා මේ මුදල් බැංකුවක තියෙනවා නම් ඒක රටේ දියුණුවට හේතුවක් වෙන්න පුළුවන් කොහොම වුනත් මේගැන ආර්ථිකය හසුරුවන පිරිස්වල අවධානය යොමුවෙන්නම ඕන ( අපිට රුපියල් දාහත් ලොකු මුදලක් වුනත් ඔය මුදළාලිට ඒ මුදල ඉතාමත් සුලු එකක් වෙන්න ඇති නැත්නම් ඔහොම කරයිද )

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 202 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 341 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 846 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 709 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි



වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 1006 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26889 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18877 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1868 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site