IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


නවසීලන්ත අගමැතිනියට පුංචි දියණිය බාධා කරලා

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න්, සිය නිල නිවසේ සිට සජීවීව, වීඩියෝ තාක්ෂණය හරහා , සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ නවසීලන්ත වැසියන් අමතමින්, රටේ 'කොවිඩ් 19' ව්‍යාප්තිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරද්දී, ඇගේ සිඟිති දියණියගෙන් බාධා එල්ල විය.

අග්‍රාමාත්‍යවරිය ෆේස්බුක් හරහා නවසීලන්ත වැසියන් අමතමින්, 'කොවිඩ්' ව්‍යාප්තිය කෙසේ සිදුවන්නේදැයි පැහැදිලි කළේ පසුගිය සඳුදා (8) රාත්‍රියේය. 41 ක් හැවිරිදි අග්‍රාමාත්‍යවරිය, නිවසේ ඇගේ කාර්යාල කාමරයට පැමිණ සිටියේ තෙහැවිරිදි දියණිය නිදි කරවීමෙන් පසුවය.

කෙසේ නමුත් නින්දට නොවැටුණු දියණිය, අග්‍රාමාත්‍යවරිය 'කොවිඩ්' ව්‍යාප්තිය ගැන පැහැදිලි කරද්දී ඇය සිටි කාමරයට එබිකම් කරමින්, 'අම්මේ' යැයි කියන අයුරු විඩියෝ දසුන් බලා සිටි සැමට ඇසෙන්න විය. 'ඇයි මේ ඇහැරගෙන? දැන් නිදාගන්න වෙලාවනේ. අම්මා මිනිත්තුවෙන් එනවා' යැයි අග්‍රාමාත්‍යවරිය සැමට ඇසෙන පරිදි දියණියට කියයි.

එම සිදුවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය එම අවස්ථාවේදී නරඹන්නන් සැමගෙන් සමාව ඉල්ලීමක් ද කරයි. 'පොඩ්ඩන්ගේ හැටි දන්නවානේ' යැයි ඇය පවසන්නේ සිනාවෙමිනි. මෙම සිදුවීමට අදාල වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ.

ආරම්භයේ දී 'කොවිඩ් 19' වසංගතය ඉතාමත් හොඳින් පාලනය කරගත් රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසැසුමට පවා නවසීලන්තය ලක් විය. කෙසේ නමුත් දැන් එරටින් ද දෛනිකව ආසාදිතයන් 200 ඉක්මවා වාර්තා වීමට පටන් ගෙන ඇත.

(ඒ.ඒෆ්.පී.)



අදහස් (11)

නවසීලන්ත අගමැතිනියට පුංචි දියණිය බාධා කරලා

Raveendra Thursday, 11 November 2021 05:34 PM

ළදරුවෙකුට තම මව මුළු ලෝකෙටම රෑජිනක්ද කවුරුන්ද අදාළ නැත. ළදරුවාට වටින්නේ තම මව පමණක්ය...

:       5       37

BamunuarachchiFriday, 12 November 2021 07:22 AM

අපට ඇදිලා තිබෙන හෙනේ ඔන්න ඕක තමයි. මිනිස්සු හරිම හැඟීම් බරයි. මෙතැන ඇය කරන්නේ වැදගත් රාජකාරියක්... රාජකාරිය නවතා ළමයි හුරතල් කරන්න යනවා නම් ඇය තම රාජකාරිය පසෙකට තල්ලු කළාවෙනවා. රාජකාරිය රාජකාරියක් ලෙස සලකා කටයුතු යුතුයි. ඔය කතාව කරන්න ඇය කාලයක් වෙන්කරගෙන තිබෙනවා. කතාව අහන්න ජනතාව කාලයක් වෙන් කරගෙන තිබෙනවා. ඒ කාලය එයා ළමයි හුරතල් කරන්න ගියාම එයාගේ කතාව කෙටිකරන්න ඕනේ... ජනතාව තම වටිනා කාලයෙන් අනුන්ගේ දරු සුරතල් බලන්න ඕනේ. හොඳයි ළමයා වැටුණා නම් එයා කතාව නවතා ළමයත් එක්ක ඉස්පිරිතාලෙ දුවාවි. ඔය ටික ලංකාවේ වුණා නම් මෙතන කමෙන්ට් කරපු අය ඔය විදිහටද කතා කරන්නේ? ජෙප්පන් ඕක ඡන්ද ව්‍යාපාරවලදීත් කියයි.. පෝස්ටර් ගහයි. ළමයි නැති සජබයින් කිරි එරීඑරී කෑගහයි. කන්න හිතුණාම කබරගොයත් තලගොයා කරගන්නවා කියන්නේ ඕකටයි...

:       6       0

siri Thursday, 11 November 2021 06:36 PM

ඔන්න දැක්කා නේද පින්කරපු මිනිස්සුන්ට ලැබෙන දේශපාලඥයෝ... අපට කොහෙද ඉතින්... තුන්සිය හැටපස් දවසේම පින් අතේ වැඩමයි කරන්නේ... ඒ වුණාට ලැබෙන දේශපාලඥයින් පට්ට හොරු...

:       5       45

RaveendraThursday, 11 November 2021 09:29 PM

සහතික ඇත්ත. සුදු රෙදි ඔලුවේ සිටම ඔතාගෙන.... අතේ කඹ වැනි නූල් ගැට ගහගෙන තුන්සරණ කියාගෙන ආවත් බොක්කේ ගෙරි මාංශ... මෙය සියලුම පක්ෂවලට අදාලයි...

:       2       2

BamunuarachchiFriday, 12 November 2021 07:32 AM

අමුතුවෙන් දකින්න දෙයක් නැහැ... අපිටත් හිටියා ඔයිටත් වඩා හොඳ නායිකාවක් 1960 ගණන්වල. රටේ ඒ නැගීම විනාශ කලේ පාහර ජෙප්පන්. දැන් මෙරට නැවත ගොඩගන්න බැහැ බැහැ බැහැමයි... ගොඩගන්න නම් ජෙප්පන් රටින් අතුගාලාම දමන්න ඕනේ...

:       4       2

jagath Thursday, 11 November 2021 08:19 PM

එතුමිය ගැන නම් ආයේ කතා 2ක් නැහැ. ඒවගේ නායකයෙක් ලබන්න රටක මුළුමහත් ජනතාවම පින් කළ යුතුයි.

:       4       43

නිමල් Thursday, 11 November 2021 09:07 PM

බලන්න කොච්චර සරල වගේම දක්ෂ නායකයින්ද කියලා...

:       3       32

BamunuarachchiFriday, 12 November 2021 07:27 AM

මොකක්ද හලෝ මෙතන තිබෙන සරලකම...? කාලයක් වෙන්කරගෙන ජනතාව අමතන අතර ළමයි හුරතල් කරන එකද? ලංකාවේ ඔය සිද්ධිය වුණා නම් ඔහෙලා ඔය කමෙන්ට් එක දෙනවද? කරපු එක්කෙනා ඇහේ ඉඳන් පට්ට ගහනවා නේද? කන්න හිතුණා නම් කබරගොයත්, තලගොයා කරගන්නවා කියන්නේ ඕකටයි.

:       6       2

සුරලොව ඇල්මන්Friday, 12 November 2021 12:53 PM

සහතික ඇත්ත නිමල් මහත්තයෝ. අපේරටේ නම් රජයේ වියදමින් අතට පයට සෙරෙප්පු දෙකට වාහනයේ දොර අරින්න වහන්න කොතරම් සේවකයින් යොදා තියෙනවද? පළාත් පාලන ආයතන ප්‍රධානියාට පවා සේවකයින් ඉන්නවා. ඒ අතින් මෙතුමිය තමන්ගේ කටයුතු තමාම කරන බව පේන්නේ දරුවා ගෙනයන්න සේවිකාවක් නොපැමිණීම නිසායි..

:       1       7

Rohana Friday, 12 November 2021 07:57 AM

අපේ නායකයෝ කියලා කියන්නේ පට්ට හොරුන්ටනේ...

:       0       4

ජනතාව Friday, 12 November 2021 10:44 AM

අප රටේ තාමත් අනුගමනය කරන්නේ ඉතා පැරණි මැකියාවේලිගේ ‘ද ප්‍රින්ස්’ යන ග්‍රන්ථයේ සංකල්පයයි. එනම් ජනතාව ගරු කරන්නේ නායකයන් මතුපිට ඔපය වැඩි තරමටයි. ඔවුන්ගේ පවුලේ අය ප්‍රභූවරුන් යැයි පැහැදිලිව පෙන්නුම් කිරීමට දැසි දස්සන් පිරිවරා සිටීම, යටහත් සේවකයින් යටහත් බව පෙන්වීම මින් සමහර සලකුණුයි. දියුණු රටවල් වුණත් අප රටතරම් ප්‍රභූ හිතවතුන්ට සංග්‍රහ කිරීමට සහ ඇමති දීමනාවලට වැය නොකරති. අප රටේ මිනිසුන් සහ නායකයින්ද යටත් විජිත මානසිකත්වයෙන් පෙළෙති. තමාගේ තත්වයට දැරිය නොහැකි අධික වියදම් සහිත විවාහ මංගලෝත්සව පවා මෙයට කදිම නිදසුනකි.

:       1       8

ඔබේ අදහස් එවන්න

දියත

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1418 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.



රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2215 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 4854 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 814 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1812 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24048 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 363 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 639 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1828 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site