IMG-LOGO

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා


නවසීලන්ත අගමැතිනිය පෙන්වූ නියම ආදර්ශය

රටක නායකයා අග්‍රාමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා හෝ විය හැක. ප්‍රජාතන්ත්‍රවාදී රටවල මේ නායකයන් බිහිවන්නේ මහජනතාවගේ ඡන්දයෙනි. ඡන්දයකින් බලයට පත්වන නායකයා කවරකු වුවද ඔහුට හෝ ඇයට අයිති වරප්‍රසාද ගණනාවකි. රටකින් රටකට මේ වරප්‍රසාදවල වෙනස්කම් පැවතිය හැකි වුවද ඒවා ධූරයට පමණක් අදාළ බවත් පුද්ගලයකුට ඒවා අදාළ කරගත නොහැකි බවත් යන්න අවිවාදිතය. එහෙත් එසේ නොවන අවස්ථා ද තිබෙන බවත් සඳහන් කළ යුතුය.

අප මේ කරුණු සැකෙවින් සඳහන් කළේ තේ බීම සඳහා තේ පැන්හලකට ගිය නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වන ජසින්ඩා ආඩේන් සහ ඇයගේ සහකරුට ආපසු හැරී යාමට සිදු වූ ප්‍රවෘත්තිය දැකීම හේතුවෙනි. නවසීලන්තය නව කොරෝනා වයිරස වසංගතය ව්‍යාප්ත වීම සාර්ථකව පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝකයේම අවධානයට ලක්වූ රටක් වෙයි. රටේ සෞඛ්‍ය පද්ධතිය පීඩනයකට හසුවීමට පෙර වසංගතය සාර්ථකව පාලනය කරගැනීමට නායකත්වය දුන් නවසීලන්ත අගමැතිනිය වන ජසින්ඩා ආඩේන්, එරට ජනතාවගේ පමණක් නොව ලෝකයේම ගෞරවයටත් ඉහළ පිළිගැනීමටත් ලක් වී සිටින්නීය. තේ පැන් සලේ ඉඩකඩ නොමැති වීම නිසා ආපසු හැරී යාමට සිදුවූයේ එවන් ගෞරවණීය නායකයකුටය.

කොරෝනා වසංගතය පසුබැසීමත් සමඟ නවසීලන්තයේ ‘දොරගුළු’ද ක්‍රමානුකූලව විවෘත කෙරිණි. එහිදී දැඩි සීමා පැනවීම ද සිදුවිය. එහි එක් ප්‍රතිඵලයක් වී තිබුණේ අවන්හල් ඇතුළු ජනතාව කෑම බීම ගන්නා සියලු‍ හෝටල් විවෘත කිරීමට අවසර ලැබුණ ද කායික දුරස්ථභාවය රැකගැනීම අත්‍යවශ්‍ය  කොන්දේසියක් වීමය. තේ පැන් හලට පසුගිය සෙනසුරාදා තම සහකරු සමඟ අග්‍රාමාත්‍යවරිය ගිය අවස්ථාවේ ඒ තුළ කායික දුරස්ථභාවය රකිමින් පනවා තිබූ ආසන සියල්ල පිරී තිබීම හේතුවෙන් අවන්හල විසින් ඈ ආපසු හරවා යවනු ලැබුවාය. තම රටේ පමණක් නොව ලෝකයේම ගෞරවයට නතුව සිටි රටේ නායිකාව වුවද ඇය තම තනතුරට අදාළ වරප්‍රසාද එහිදී භාවිත කිරීමට තැත් නොකළාය. ඒ වෙනුවට ඇය ආපසු හැරී ගියේ සමාජය තුළ සෙසු පිරිසට ක්‍රියාත්මක නීතිරීතිවලට තමාද යටත් වන බව තම ක්‍රියාපිළිවෙතින්ම පෙන්නුම් කරමිනි. එය ඉතාම දුර්ලභ මෙන්ම යහපත් වූ ආදර්ශයක් බව පෙන්වා දිය යුතුය.

තම ධූරයට අදාළ වරප්‍රසාද පෞද්ගලිකව පරිහරණය කරමින් රටේ සෙසු සියලු‍ ජනතාව තම යටත් වැස්සන් වශයෙන් සලකන අපේ රටේ ඇතැම් මැති ඇමැතිලාට ද මෙය කදිම පාඩමකි. තනතුරින් පිම්බී රාජ උෂ්ණත්වයෙන් මත් වී තමන් පය තබන කිසිම තැනකට සාමාන්‍ය මිනිසුන් පය නොගැසිය යුතු බවට සිතමින් කටයුතු කරන එවැනි හිස උදුම්මාගත් චරිත රටක ජනතාව අතරින් ප්‍රතික්ෂේප වන්නේ නිතැතිණි. පෞද්ගලික විනෝද ගමනකදී පවා ආරක්ෂක රථ පිරිවරාගෙන තමන්ගේ ආරක්ෂාවට පමණක් නොව තම පවුලේ සාමාජිකයන්ට ද රැකවලු‍න් තබා ගනිමින් හෝටල්වලට ගොස් තම ආධිපත්‍යය පෙන්වීමට උත්සාහ කරන අපේ ඇතැම් දේශපාලන ලොකු ලොක්කන්ට නම් මෙවැනි සිදුවීම් අදහන්නටත් බැරි වනු ඇත. සමහර ප්‍රබලයන් කාර්යාලයේ විදුලි සෝපානය පාවිච්චි කරන විට තවත් කෙනකුට යා නොහැක. මෙවැනි සිද්ධි ද සමාජයේ කොතෙකුත් වෙයි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ දේශපාලන නායකයන් ක්‍රියා කළ යුත්තේ නවසීලන්තයේ අගමැතිනිය ක්‍රියා කළ ආකාරයට මිස, හිස උදුම්මාගෙන වරප්‍රසාද තමන්ගේ නීතිය බවට පත් කරගන්නා දේශපාලකයන්ගේ ආකාරයට නොවන බව ඔවුන් තේරුම් ගත යුතුය.

දේශපාලන නායකයන්ට අදාළ වරප්‍රසාද සහ සුවිශේෂී සැලකුම් තිබිය යුත්තේ තනතුරට අදාළව පමණක් බව අපි මීට ඉහතින් සඳහන් කළෙමු. එම වරප්‍රසාද රාජ්‍ය නායක තනතුරට අදාළ සියලු‍ රාජකාරිවලදී භාවිත කිරීම ද අවශ්‍යය. රාජකාරියට අදාළ වරප්‍රසාද භාවිත නොකිරීම උසස් නායකයකුගේ ලක්ෂණයක් නොවන බවද මෙහිදී පෙන්වා දිය යුතුය. අපේ රටේ ද මීට දශක කිහිපයකට ඉහතදී එවන් නායකයන්, මැති ඇමැතිවරුන් සිටි බවද අපගේ මතකයේ රැඳී තිබේ.

බැංකුවලට සද්ද නැතිව ගොස් පෝලිමේ සිට තම චෙක්පත මාරු කරගත් ඇමැතිවරුද සාප්පුවලට ගොස් තමන්ට අවශ්‍ය දෑ තෝරාගෙන මුදල් ගෙවා නිහඬව පිටව ගිය නායකයෝ ද සිටියහ. පවුලේ අය සමඟ කිසිදු වෙනසකින් තොරව හෝටල්වලට ගොස් ආහාර පාන ලබාගත් අය සේම තමන් පැමිණෙන විට සෙසු සියලු‍ දෙනා ඉවත් කළ යුතු බවට අණ දී පැමිණි ලොක්කෝ ද සිටියහ. වරප්‍රසාද අයුතු ලෙස භාවිත කරන පිරිස සහ එසේ නොකරන පිරිස පිළිබඳ පැහැදිලි මතකයක් රටේ ජනතාවගේ හදවත් තුළ නොමැකෙන ලෙස පවතින බව ඇතැම් මැති ඇමැතිලා දන්නේම නැත.

සුද්දන්ගේ රටවල සංස්කෘතිය ආසියානු රටවල සංස්කෘතියට වඩා බෙහෙවින් වෙනස් බව අපි දනිමු. ඇතැම්විට සුද්දන්ගේ රටවල ක්‍රියාකාරකම් පහත් ලෙස සැලකීමටත් ඒ දෙස අවඥාවෙන් බැලීමටත් අපි පුරුදුව සිටිමු. එහෙත් එය සෑමවිටම එසේ නොවන බවටත් ඔවුන්ගෙන් අප රටවලට විශේෂයෙන්ම දේශපාලන නායකයන්ට ඉගෙනගන්නට යහපත් පාඩම් බොහෝ සෙයින් තිබෙන බවටත් නවසීලන්ත අගමැතිනියගේ ක්‍රියාව අපට පෙන්වා දී තිබේ.

 



අදහස් (4)

නවසීලන්ත අගමැතිනිය පෙන්වූ නියම ආදර්ශය

දිමුත් Wednesday, 20 May 2020 12:47 PM

මම ඉන්න රටේ අගමැතිව ආපහු හරෝලා යැව්වා නම් එහෙම දේශප්‍රේමීන් විසින් කඩෙත් කුඩුකරලා කඩේ අයිතිකරුවයි සේවකයෝ ටිකයි දේශද්‍රෝහීන් හැටියට නම්කරලා හිරෙත් දානවා...

:       209       130

Esala Thursday, 21 May 2020 12:59 PM

ලංකාවේ රජය ගත් පියවරවල් වල කිසිම අගයක් තේරෙන්නේ නැති සමහරක් අපි අපිවම හෑල්ලුවට ලක්කර ගන්නවා. නවසීලන්තයේ ජනගහනය මිලියන 4.3 යි. ලංකාවේ ජනගහනය මිලියන 23.4 යි. පස් ගුණයක්. නවසිලන්තේ කොරෝනා අසාදිත 1.950 ක් ලංකාවේ 1,030. නවසිලන්තේ මැරුණු රෝගීන් 21, ලංකාවේ මැරුණු රෝගීන් 9 යි. මේ දත්ත වලින්ම තේරෙනවා කොරෝනා පාලනයට විශිෂ්ට සේවයක් ලංකාවේ රජය විසින් කර තිබෙන බව. ලාංකිකයන් වශයෙන් අපි ආඩම්බර විය යුතුයි. අපි අපිටම අපහාස කර ගන්නේ නැතිව...

:       306       139

chandima Friday, 22 May 2020 12:40 AM

අපි ඉතින් ලෝකෙන් උතුම් රටනේ? එ්කයි අනික් රටවල්වල සැමදෙයක්ම පහත් කරන්නේ.

:       57       283

Kavinda Friday, 22 May 2020 05:05 PM

දිමුත්, පරණ ආණ්ඩුව පෙරලුණා.. එයාට පොඩි වැරදීමක් වෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

සැරයන් අල්ලස් දැලේ පැටලෙයි
2025 මාර්තු මස 11 103 0

රුපියල් විසි දහසක අල්ලස් මුදලක් ලබා ගනිද්දී හැටන් පොලිස් කොට්ඨාසයේ විශේෂ විමර්ශණ අංශයේ රාජකාරි කළ සැරයන්වරයෙකු අල්ලස් හා දූෂණ විමර්ෂණ ඒකකයේ නිළධාරි



බටලන්ද කොමිෂන් වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට
2025 මාර්තු මස 11 405 0

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


සූර්ය බල සන්ධාන ගිවිසුමට ලංකාවත් අත්සන් කරයි
2025 මාර්තු මස 11 233 0

ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය (ISA) වෙත වාර්ෂික දායකත්ව ගාස්තු ගෙවීම සහ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය අතර රටවල් පිළිබඳ හවුල්කාරිත්ව කාර්ය රාම


කිරිවෙහෙර විහාරාධිපති CID යට
2025 මාර්තු මස 11 428 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි කාලවකවානුවේදී කිරිවෙහෙර සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම


බස් සැරසිලි ගැන තීරණ ගන්න කමිටුවක්
2025 මාර්තු මස 11 219 0

බස් රථ වල නිර්මාණය (Design) වෙනස් කිරීම් සහ විකරණය (Modification) සම්බන්ධව නෛතික තත්ත්වය


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 60 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 136 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 186 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site