(ඩබ් ඒ පියතිලක )
හිගුරක්ගොඩ නිවාස රැසක් බිද දේපළ සොරාගත් හිගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරක සේවය කළ ගුවන් හමුදා සමාජිකයෙකු අත්අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය පැවසිය.
2019 වසරේ සිට හිගුරක්ගොඩ ප්‍රදේශයේ නිවාස රැසක් බිඳ මුදල් සහ රන් ආභරණ සොරගෙන ගොස් ඇතැයි අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළේය.
වසර තුනක කාලයක් හිගුරක්ගොඩ පොලිස් වසම තුල දින කිපයකට වතාවක් නිවසක් බිද රන් ආභරණ කොල්ලා කා පලා යන සොරා අල්ලා ගැනිමට පොලිසිය අපොහොසත් විම නිසා ප්‍රදේශයේ ජනතාව පොලිසියට එරෙහිව කටයුතු කිරිමට පවා පෙළඹිසිටියහ.
පසුව පොලිසිය විසින් රාත්‍රි කාලයේ පොලිස් වසමේ සැම ප්‍රදේශයකම නිළධාරින් යෙදවිමට කටයුතු කර ඇති අතර ඒවැනි අවස්ථාවක අලුයම එක්වරම පුද්ගලයෙකු ගුවන් හමුදා කදවුර දෙසට දුවන අයුරු දැක එම පුද්ගලයා පසු පස යැමෙදි ඔහු ගුවන් හමුදා ආරක්ෂක වැටෙන් පැන කදවුර තුලට ගොස් තිබේ.
පසුව පොලිස් නිළ සුනඛයින් යොදවා පරික්ෂා කිරිමේදි ගුවන් හමුදා කදවුරේ ආරක්ෂක වැට අයිනේ සෙරෙප්පු යුගලක් සුනඛයාගේ ඉව අනුව සොයා ගැනිමත් අනුව සුනඛයා ගුවන් හමුදා කදවුර තුලට ගොස් භට නිවාසයකට ගොස් තිබේ.
ඒ අනුව එහි සිටි සැක සහිත පුද්ගලයින් පොලිසියට ගෙන්වා විමර්ශන ආරම්භ කිරීමෙන් පසු තොරතුරු අනාවරණය වූ බව පොලීසිය කියයි.
ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000/= නෝට්ටුවක් ව්‍යාජව සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයකු අත්අඩං
තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්
කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම
ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී
ලංකා ඛනිජ සංස්ථාව ඉන්ධන මිල තීරණය කිරීමේදී වෙනත් තරගකරුවෙක් හෝ ක්‍රියාකරුවෙක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සෙසු තරගකරුවන්ට අළෙවියෙන් හෝ මිලකර
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
නිවාස බිඳ රන් භාණ්ඩ සොරාගත් ගුවන් හමුදා සාමාජිකයා අත්අඩංගුවට