IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


නිවෙස් සිට විභාග සහතික ගන්න ක්‍රමෙව්දයක්

(ඩයනා උදයංගනී)

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පැමිණීමෙන් තොරව විභාග සහතික පත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදයක් විභාග දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී තිබේ.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙතින් හෝ නිල ජංගම දුරකථන යෙදවුම වන (Mobil Application) වන DoE වෙත පිවිස මෙම සහතික පත් ලබාගත හැකි බව විභාග කොමසාරිස් සනත් පූජිත මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

2001 වසරවල හා ඉන්පසු වර්ෂවල අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවල සහතිකපත් ලබාගැනීම සඳහා මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ අයදුම් කළ හැකි අතර ඊට පෙර වසරවල සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග මෙන්ම ධර්මාචාර්ය, මූලික පිරිවෙන්, සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ විභාග (GIT) වල සහතික පත් ලබාගැනීමට විද්‍යුත් තැපෑල (e mail) ඔස්සේ අයදුම් කළ හැකි බව එහි සඳහන් වේ.

 එමෙන්ම සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග සඳහා විභාග අංක ලබාගැනීමට ද විද්‍යුත් තැපෑල ඔස්සේ අයදුම් කළ හැකි අතර එම විභාගවල අකුරක හෝ දෙකක දෝෂ සහිත නාම සංශෝධනය සඳහා [email protected] විද්‍යුත් තැපෑල ඔස්සේ අයදුම් කළ හැකි අතර සම්මුඛ පරීක්‍ෂණ සඳහා ඉදිරිපත් කිරීමට හෝ වෙනත් හදිසි අවශ්‍යතා සඳහා 2001 හා ඊට පසු වසරවල ප්‍රතිඵල සටහනක් රුපියල් 200ක මුදලක් ගෙවා මාර්ගගත ක්‍රමය ඔස්සේ බාගත කරගැනීමට මෙන්ම එම ප්‍රතිඵල සටහනක නිරවද්‍යතාවය නොමිලේ මාර්ගගතව තහවුරු කරගැනීමේ පහසුකම් ද සපයා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (8)

නිවෙස් සිට විභාග සහතික ගන්න ක්‍රමෙව්දයක්

Amila Saturday, 09 October 2021 11:02 AM

කරුණාකර විශ්ව විද්‍යාලවල උපාධි සහතිකත් ඔය ආකාරයෙන් තැපෑලෙන් නිවසට ගෙන්වා ගැනීමට ක්‍රමවේදයක් සකස් කරන්න.. උපාධිය සම්පූර්ණකර වසර එකහමාරකට වැඩි නමුත් තවම එය ලබාගන්න විදිහක් නැති සිසුන් ගොඩක් සිටියි...

:       0       1

ලක්මිනි ශිවන්තිකා Wednesday, 29 December 2021 12:59 PM

මේ ආකාරයට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සහතිකත් ගෙන්වා ගැනීමට හැකිද. (දෙමළ වාචික විභාගයේ )

:       1       0

Chandramali keshani Sunday, 13 February 2022 08:23 AM

හොඳයි මේක ඇත්තටම...!

:       0       1

එස්.කේ හේරත් Wednesday, 04 May 2022 11:35 AM

අනේ හොඳයි. මළාට දුරකතනයට පිළිතුරු දෙන්නේ නෑනේ. මාර්ගගත ක්‍රමයටම ලැබෙයි...

:       0       0

ජීවන්ත සමන් කුමාර Thursday, 26 January 2023 01:11 PM

ප්‍රතිඵල සහතික online ලබාගන්නා ක්‍රමය පැහැදිලි කරන්න.

:       0       1

ඩී.කුමුදු කුමාරි Thursday, 02 March 2023 11:19 AM

මම 1997 සාමාන්‍ය පෙල සහතිකයක් ඉල්ලුම් කලා. එය ලැබුනේ නැත

:       0       0

W.k mahesh kumara Friday, 16 June 2023 11:41 AM

කරුණාකර මට සාමාන්‍ය පෙළ සහතිකේ නමේ අකුරක් වැරැදියි... ඒක හදාගන්න විදිය කියලා දෙන්න. අර විද්‍යුත් ලිපිනයට යවන්න ඕනෑ ලේඛන මොනවාද? දවස් කීයකින් නම නිවැරැදි කරනවද? ස්තුතියි...!

:       0       0

ඩී.කේ.කේ චරිත අසන්ත Tuesday, 15 August 2023 09:00 AM

විභාග අංකය හා වර්ෂය නොදැන සහතිකයක් සොයාගත හැකිද?

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 668 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4942 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1838 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 740 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 4046 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 3056 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 323 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site