IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


නිවාස සිහිනය පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 නිවාස ඉඳි කර දෙන බව  සහ ඉඩම් රැගෙන දෙන පවසා  පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනාවක් වංචා කළ මහ මොළකරු  කඩුවෙල නිවසක වෙස් වලාගෙන සැඟව සිටියදී  අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ හැඳුනුම්පතක් මෙන්ම විදේශ ගමන් බලපත්‍රයක් විමර්ශනයට ආ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

මාලබේ උඩවත්ත ප්‍රදේශයේ සමාගමක් පවත්වාගෙන යමින් අන්තර්ජාලයේ දැන්වීම් පළ කර මෙම මහා වංචාව සිදු කර තිබූ බව පොලිසිය කියයි..

සැකකරුගේ එම වංචාවට හසුව රුපියල් කෝටි තුන හමාරකට ආසන්න ප්‍රමාණයක මුදල් අහිමි කරගත් පුද්ගලයන් 26 දෙනෙකු මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත සහ මාලබේ පොලිසිය වෙත පැමිණිලි කර තිබූ බව පොලිසිය කියයි.

 

එම පැමිණිලි අනුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහු කාර්යාලය පවත්වාගෙන ගිය මාලබේ උඩවත්ත ප්‍රදේශය කරා ගියද සැකකරු ඒ වන විටත් එය වසා දමා ප්‍රදේශය හැර පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.

 

සැකකරු  විවිධ පුද්ගලයන්ට නිවාස ඉදිකර දෙන බව පවසා ඔවුන් ඔවුන් අත තිබෙන ලක්ෂ 10 හෝ 20 ලබාගෙන රුපියල් ලක්ෂ 80 ක ණය මුදලක් ලබා දෙන බව පවසා ගිවිසුම් අත්සන් කර තිබූ බව පොලිසිය කියයි.

.

ඒ ආකාරයෙන් ඔහු කිසිම පුද්ගලයෙකුට සාදාදුන් නිවසක් හෝ   ලබා දුන් ඉඩමක් නැති බව මේ වන විට සිදු කළ  විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

 

සැකකරුගේ නමින් තිබෙන බැංකු ගිණුම් සම්බන්ධයෙන් සහ සැකකරු තවත් මේ ආකාරයෙන් වෙනත් ප්‍රදේශවල සමාගම් පවත්වාගෙන යමින් මුදල් වංචා කර ඇත්දැයි සොයා තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලීසිය කියයි.

 

 

 



අදහස් (0)

නිවාස සිහිනය පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

දියත

කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 111 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 228 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 34 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 439 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 559 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 894 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 489 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1465 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site