(සුජිත් හේවාජුලිගේ)
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් වශයෙන් බලගැන්වීම සම්පූර්ණයෙන්ම ඇනහිට ඇතැයි වාර්තා වේ.
අමෙම තත්වය යටතේ එම කොමිසමට අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට සක්‍රීයව මැදිහත්වීමේ හැකියාව අහිමිව ඇතැයි කියති.
අල්ලස් කොමිසම ස්වාධීන ආයතනයක් වශයෙන් බල ගැන්වීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීමෙන් ක්‍රියාත්මක කළ යුතුව ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව බලගැන්වීම සඳහා කැබිනට් තීන්දුව ගැනීම ප්‍රමාදවීම හේතුවෙන් එහි ඉදිරි වැඩකටයුතු විධිමත් කිරීමේ ප්‍රමාදයක් මතුව ඇතැයි දැනගන්නට ඇත.
කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් ලෙස බල නොගැන්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ඇතුළු විවිධ පාර්ශ්ව ගණනාවක් රජයට පසුගිය කාලයේ නොයෙක් වර කරුණු පෙන්වා දී තිබිණ.
මේ අතර කොමිෂන් සභාව ප්‍රතිව්‍යුහගත කිරීමේ නව සැලැස්ම ඇතුළු වැඩපිළිවෙළ ඉකුත් ජූලි මාසය අවසානයේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ලේකම්වරයාට යවා ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නව අල්ලස් කොමිසම කොටඋඩ